නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 - 1196) රජ පද සමය අරඹන්නේ තෙදවත් පළමු පරාක්‍රමබාහු රජුගේ සෙවනැල්ල මතින්ය.


ඔහු තම පුර්වගාමියා අභිබවන්නට හැකි රාජ්‍ය විලාසිතාවකට පණ පෙවීමේ නොනිත් ආශාවෙන් පසු වූවෙකි.

නිශ්ශංකමල්ල රජතුමා ප්‍රථමයෙන් මුහුණ දුන් අභියෝගය වුයේ රුහුණු රටින් මතු වු පීඩිත සන්නද්ධ කැරැල්ලයය. රුහුණෙහි පීඩිත යොවුන් කැරැල්ල අනුකම්පා වීරහිතව ලේ සයුරක ගිල්වාලමින් ඔහු ජය ගත්තේය. ඉන් නොනැවතී එම පීඩිත අරගලයට නායකත්වය දුන් නියමුවා ද ඝාතනය කළේය.

සිංහල රාජාවලියේ සුබසාධනවාදී රාජ්‍ය සංකල්පය ඔහු අරඹන්නේ ඉන් අනතුරුවය. ඔහු තරමට දුගී දනන් රාජ්‍ය ආධාර වලින් ප්‍රබෝධ කල වෙනත් පාලකයෙකු නොමැති තරම්ය. විවිධාකාර නාම වලින් හැදින්වු සුබසාධන ව්‍යාපෘති හුදී දනන් අරඹයා ක්‍රියාවට නැංවීය. පීඩිත අසරණ දුගී දුප්පත් දනන් සුවයෙන් සපිරි කිරීම නිශ්ශංකමල්ලගේ රාජ ප්‍රාර්ථනාව බවට පත් විය.

මෙම දුගී දුප්පත්, අසරණ අහිංසක ජනතාව වෙනුවෙන් සමස්ත රාජ්‍ය මතවාදයම කේන්ද්‍රගත කල නිශ්ශංකමල්ල රජතුමා ඔහු කළ සියළු දෑ ලේඛන ගත කර තැබීය.

රජ තෙමේ ස්වාමින් නැති බිරින්දන් අරභයා සුබසාධන ව්‍යාපෘතියක් දියත් කළේය. භුමිය හිමි නැති නිෂ්පාදනයෙන් පිටමං ජනයා රැක බලා ගැනීමට තවත් ක්‍රමවේදයක් ඇති කලේය. එලෙසම ආබාධිත දනන් රැක බලා ගැනීම සහ ඉඩම් අහිමි ජනයාට ඉඩම් ලබාදීම අරඹයා තවත් ව්‍යාපෘති රැසක් ඇති කළහ.


සැබැවින්ම නිශ්ශංකමල්ල රජතුමාගේ පාලනය ජනහිතකාමිත්වයෙන් අනුන පාලනයක් විය. ඔහු තෙමේ සිංහළ රජ සිරිත වෙත පීඩිත ජන සෙනේහය කැටුව ඒමට යත්න දැරූ සුවිශේෂි ජන සුභසාධන ව්‍යාපෘතිය වුයේ “තුලහාර ජනසවිය“ය.



නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපි පුරා මෙම ව්‍යායාමය අරභයා ඒකාකාරී තොරතුරු දැකිය හැකිය. එමෙන්ම රජ තෙමේ පීඩිතයන් වෙත දාන ප්‍රදානය සඳහා ත්‍රීභූවන සත්‍ර, නිශ්ශංක සත්‍ර, බ්‍රාහ්මණ සත්‍ර, බෞද්ධ සත්‍ර, බහුජන සත්‍ර නමින් දාන ශාලා ද ඉදි කලේය.

වාර්ෂික මහා රාජ්‍ය උත්සව පවත්වමින් දුගී දුප්පත් දනන් එහි රැස් කරවා දන් ප්‍රදානය කළහ.

මෙම පීඩිතයන් සනහාලන “තුලහාර ජනසවිය“ රජුගේ බලය ප්‍රදර්ශනය කරවන සෝබන උත්සවය ද විය.



''නුතන හිරිකිත දේශපාලනයෙහි පදනම සිරිලකට ඉගැන්වුයේ රජු''



 නිශ්ශංකමල්ල වැඩිම සෙල් ලිපි ප්‍රමාණයක් පිහිටවු රජු ලෙස ද සඳහන් කළ හැකිය. ළිඳක්, වැසිකිළියක් පමණක් නොව මාවතකට නම් තැබූ පූවරුවක් සවි කල ද එය තමන්ට ලියා ගන්නා නුතන හිරිකිත දේශපාලනයෙහි පදනම සිරිලකට ඉගැන්වුයේ නිශ්ශංකමල්ල රජුය.

මෙකල්හි නුතනයන් කරවන මේ හිරිකිත දේශපාලනය ඔහු ද අපුරුවට සිදු කළේය. එය කෙතරම් අගේට සිදු කලේ යත් ගවු කණුව (සැතපුම් ගණන දක්වන ) පවා තම පුරාඡෙරු වලින් සැරසූ රජ වුයේ ඔහුමය.OPAeasEVM7ocrzMi 9



නමුදු නිශ්ශංකමල්ල රජතුමාගේ මෙම ක්‍රියාව සිංහල වාග් විද්‍යාවට මහත් ආලෝකයක් වනුයේ එකල්හි භාෂා විචක්‍ෂණය අරඹයා අතීත සිතුම් වත්මනට යා කරන හුය එම සෙල්ලිපි වන නිසාය. එමෙන්ම පොළොන්නරු රාජධානියේ තත් කාලීන තතු විවරණයට ද එය මගක් වන බැවිණි.




කිසිඳු රජ දරුවෙකු නොකල විධානයක් !



අනෙක් අතින් නිශ්ශංකමල්ල ප්‍රතාපවත් වනුයේ කිසිඳු රජ දරුවෙකු නොකල විධානයක් සිදු කළ බැවිණි. එනම් ඔහු පීඩිතකුල පංතියේ විරුවා වෙමින් මෙරට බහුතර කුලය වු ගොවිගම කුල යට එරෙහි දියත් කල මතවාදි කැරැල්ලය. එයින් ඔහු නිර්ප්‍රභූ විරුවා වන්නේය. ප්‍රභූ පංතිය නොතැකු වීරත්වය එයින් ඉස්මතු විය.

ප්‍රභූ ගොවි වංශය බල්ලන්ට සහ කපුටන්ට සමාන කලේය. ඔවුන් රාජත්වය නොපැතිය යුතු බවත්, ඔවුන්ට උපකාර කරන්නන් මර්ධනය කරන බවත් තම සෙල් ලිපි වල ලියා තැබීය.

පොළොන්නරු රාජ වාසල සෙල් ලිපිය සහ ගල්පොත සෙල් ලිපියහි අදත් මෙම නිර්ප්‍රභූ විරුවා සනිහුටන්ව ඇත.


නිශ්ශංකමල්ල මෙලස ප්‍රභු විරෝධියෙකු වීමද පසු කලෙක සිංහල සමාජයේ දේශපාලන විලාසිතාවකට පණ පෙව් මතවාදයක් බවට පත් විය. කෙතරම් කඩිනමින් මෙය සිදු වුවාදැයි පවසන්නේ නම් පොළොන්නරු රාජධානිය සමතලා කළ කාලීංඝ මාඝගේ මතවාදී තේමාව වුයේ ද ප්‍රභූ විරෝධයය, එය එතැනින් නොනවැති වත්මන දක්වා  විකල්ප දේශපාලන මතවාදයක් බව ගලා එමින් පවතී.



එහි විමතිය වනුයේ නිර්ප්‍රභූ පීඩිත විරුවා වු රජු තමන්ට ප්‍රභූ කැරැල්ලකට මුහුණ දෙන්නා වු වහාම නැති ප්‍රභූත්වයක් ආරූඪ කර ගැනිමය.

සිංහල රජ සිරිතට නිශ්ශංකමල්ල එක් කල තවත් විශේෂතා රැසකි. එනම් කඩිසර රාජ පාලනය, ජනකාන්ත ප්‍රචාරකවාදය රාජ්‍ය සේවකයන් බියෙන් තැති ගන්වා දුෂිත භාවයෙන් ඉවත් කිරිම ද බෞද්ධ උද්දීපනය සහ දකුණු ඉන්දීය විරෝධයයි......

ඔහුගේ රජය පීඩිත රට වැසියන්ගේ අර්ථ සිද්ධිය කෙරෙහි දැක්වු ඉමහත් සැලකිල්ල මෙන්ම ඔහු තුළ වු සහනශීලි භාවය සහ හුදීජන ප්‍රේමී පාලන ප්‍රතිපදාව සහ දෲඪ බව ද ඔහු ලක් ඉතිහාසය තුළ වෙසෙසින් වැජඹීමට හේතු වි ඇත.



නමුත් ඔහු සිරිලක දේශපාලන විලාසිතාව සැරසු සුබසාධන වාදය, ප්‍රභූ විරෝධය සහ ජනකාන්ත ප්‍රචාරක වාදයේ නියත ප්‍රතිඵලය වූයේ දිළිඳු භාණ්ඩාගාරයක් ඉතිරි වීමය. රාජ්‍ය පාලනයේ ජාතික සම්ප්‍රදාය පොදුජන සම්ප්‍රදායක් බවට පත් විය. නිරිත දිග ලංකාව සිංහල  ආධිපත්‍යට ද උතුරු ලංකාව ද්‍රවිඩ ආධිපත්‍යට ද පත්ව ඒකීය සිංහල රාජ්‍යයේ විසිර යාමට එය හේතු පාදක විය.



සැබවින්ම මෙහිදී අප විසින් නිශ්චය කර ගත යුතු නිමිත්ත වනුයේ කුමක් ද?.. සිංහල රාජ දේශපාලන මතවාදයේ දිශානතිය මෙලෙස ප්‍රභූ විරෝධයක් වෙතට මෙන්ම පීඩිත සේනේහයක් දක්වා හරවන්නට ඔහු කටයුතු කළේ කුමන හේතුවක් මත ද යන්නය .

මන්ද සිංහල රාජ දේශපාලනය විවිධ චරිත විසින් විවිධ විලාසිතාවන් වලට හැර වූ  ආකාරය ඉතිහාසය පුරාම දර්ශනය වෙයි. එම රාජ මතවාද විලාසිතා පසුව ප්‍රවාහයක් බවට පත් විය.

ඒ අනුව එම වර්ගයේම නායකයන් හෝ බල ව්‍යාපෘති කලින් කලට මතුව එම විලාසිතාවම අරුත් ගන්වන්නේය. සැබැවින්ම අතීත පුරෝකථනයක් මතින් වර්තමානය හැඩ ගස්වා ගන්නා රිද්මයක් ලංකා රාජ්‍යයේ දේශපාලන හැසිරිමෙන් ගම්‍ය කරයි.


ඒ අනුව පණ්ඩුකාභය රජතුමාගේ එක්සත්වාදි රාජ විලාසිතාව දෙවනපෑතිස් රජ මෙන්ම පරාක්‍රමබාහු රජවරු ද පළමු සේනානානායක ආග්‍රාමාත්‍යවරයා විසින් ද යළි යළි සමාජ ගත කළහ. දුටු ගැමුණු රජතුමාගේ දේශප්‍රේමී රාජ විලාසිතාව එලසම පුරෝකථනය වුයේය. එනම් පළමු විජයබාහු, පළමු විමළධර්මසුරිය සහ පළමු රාජසිංහ රජවරුන් ද පළමු බණ්ඩාරනායක ආග්‍රමාත්‍යතුමා, මෙන්ම පළමු රාජපක්‍ෂ විය හැකි වත්මන් ජනාධිපතිවරයා ද එම මතවාද යළි යළි ජිවමාන කර ඇති අපුරුව නිරීක්‍ෂණය කල හැකිය.



නිශ්ශංකමල්ල සහ ප්‍රේමදාස :


Nishanka 2022.02.19 1නිශ්ශංකමල්ල රාජ විලාසිතාව....


එලෙසම නිශ්ශංකමල්ල රාජ විලාසිතාව ඊ. ඒ. ගුණසිංහ, රණසිංහ ප්‍රේමදාස, රෝහණ විජේවීර, විජය කුමාරතුංග වැනි නායකයන් උද්දීපනය කර ඇත්තාහ.

මේ අතුරින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා රාජ්‍ය බලය ලබා ගත්තේය. එතුමාණන් නිශ්ශංකමල්ල රාජාගමනයෙන් වසර 802 ට පසු රාජ්‍ය පදපත් වුවෙකි.
නමදු මහත් විමතියකි. එනම් දොළොස්වන සියවසහි ක්‍රි.ව. 1187 සිට ක්‍රි.ව. 1196 දක්වා නව අවුරුදු නිශ්ශංකමල්ල රාජ සමය සහ විසිවන සියවසයහි ක්‍රි.ව. 1989 සිට ක්‍රි.ව. 1993 දක්වා සිවු අවුරුදු ප්‍රේමදාස රාජ්‍ය සමය බෙහෙවින් සමාන වීමය.

මෙම දෙදෙනා මුහුණ පෑ අභියෝග ඔවුන්ගේ පූර්වගාමීන් මෙන්ම කාල සමයන් වල සමානතා බෙහෙවින්ම සමාන්තර වෙයි.

එලසින්ම දෙදෙනාගේම බල ව්‍යාපෘති ස්වාභාවය ද ඔවුන් දෙපළ දුගී දුප්පතුන් වෙනුවෙන් මුදාහල රාජ්‍ය ව්‍යාපෘති හි සමානකම්, ඒවායේ නාම වදන් හිද සමීප ඥාතීත්වයක් දක්වයි.

නම වසරකට ද සිවු වසරකට ද ලෙස පාලන කෙටි වුවද ඔවුන් දෙපළගේ “ජනසවිය“ ලංකා ඉතිහාසයහි මහත් කතිකාවක් වී ඇත්තේ එබැවිණි.


Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
 
 
ලේඛකයාගේ වෙනත් ලිපි 

 

තෙරණියකට පෙම්කොට  (වායාම 23 : සුජිත් අක්කරවත්ත)

තුන් බෑහිමි - අලකේශ්වර (වායාම 22 : සුජිත් අක්කරවත්ත)

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

අදින්නාදාන පාරාජිකාව - (වායාම 20 : සුජිත් අක්කරවත්ත)

භල්ලුකගේ සොහන - -(වායාම 19 : සුජිත් අක්කරවත්ත)

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්