(Prasanna Weerakkody- Paintings)

සාර ඉසුරු කාලය නිමා වන්නේ ඉතිහාසය ලියන්නට විවේකයද අහිමි වෙමිණි. ඒ හන්දාම ලක් කතා වත හරියටම සොයන්නට අසීරු වෙහසක් දරන්නට වන්නේ දහසයව වන සියවසේ සිටය.


ඉතිහාස ලිය වූ යුගයන් වල සටන් ජයගත් සැටිද, ඉතිහාසය නොලියා කළ සටන් පරාජය වී ඇති සැටිය ඉතිහාසය දෙසම බලන විට පෙනේ. ඉතිහාසය ලියන්නට සතුරු වියවුල් ද මුල් වේ. ඒ වගේම ජාතික ඉසුරුමත් භාවයද බලපායි.

ඉසුරුමත් බව අහිමි වූ යුග වල වගේම සතුරු යුගවලද ඉතිහාසය නොලියා ගත් හේතුවක් හමු වන්නේ බටහිර ජාතීන් සිරිලකට සතුරන් වූ කාලයේය. එතකොට මතුවන පැනය වන්නේ එහෙම වූයේ ඇයි ද කියාය.



ඒ කාලේ ඉතිහාසය ලියා ඇත්තේ සතුරාම නිසා සතුරා ගෙන් මිතුරාගේ ඉතිහාසය දැන ගන්න මැලි වී ඇත. එය හරීම ස්වභාවික හේතුවකි. ඒත් ඒ හේතුව ස්වභාවික උනත් මෝඩ හේතුවක් වේ. ඒ මොකද සතුරා පමණක් නම් ඉතිහාසය ලියා ඇත්තේ සතුරා ගෙන්වත් ඉතිහාසය ඉගෙන ගත යුතුය. සිරිලකට ඇති ලෙඩක් වන්නේ එහෙම කරන්න තරම් දියුණු කමක් නැති වීමය.



ලංකාවේ ඉතිහාස ලක් පුතුන්ම ලියා ඇතුවා වගේම විදේශිකයන් ද ලියා තිබේ. ඒ අතරින් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසින් විශේෂ වන්නේ ඔවුන් ඉතිහාසය ලියන්නේ සිරිලක් පුතුන් එය නොලියා තැබූ කාලයක වීමය.

කැප්පැටිපොල පුරන් අප්පු වගේම වාරියපොල සුමංගල, කුඩාපොල රාහුල වැනි ගිහි පැවිදි වීරවරයන් සටන් කළද ඉතිහාසය ලියා තැබුවේ නැත. ඔවුහු නායකත්වය දුන් ව්‍යපාර වල ලේඛකයන් හෝ රචකයන්ට ඉඩක් තිබී නැත. ඉතින් ඒ වීර පරපුරේ ඉතිහාස සොයා ගත හැක්කේ  සතුරා ගෙන්මය.


දැන් මේ ප්‍රශ්ණය ගැඹුරටම ගිහින් සොයා සිතූ පැතු වීර සිරිත වන්නේ හික්කඩුවේ සුමංගල මහා තෙරිඳුය. උන්වහන්සේ මහාවංසය සිංහල බසට නගමින් ජාතික සටනට යලි පන්හිඳ එක් කිරීමට යත්න දැරුවේ ඒකය.


එත් ඒ තෙරිඳු සිරිතින් ඉතිහාසයට එකතු වූ බොහෝ අයට මේවා නොපෙනේ. ඒ නිසා ක්‍රි:ව: 1450 සිට ලංකාවේ ඉතිහාස පොතින් මැකී ඇති චරිත බොහෝය. එහෙම මැකී ගිය චරිත නිසා නූතන අපට වී ඇති මහත් විපත්තියක් වේ. ඒ මන්ද බටහිර ජාතින් සමග බැදී ගිය සියවස් හයක ඉතිහාසට විනිශ්චයක් අහිමි වීමය.

එහෙම අහිමි වීමෙන් වර්තමානය තනා ගත නොහැකි අවිනිශ්චිතයක් ගොඩ නැගීමය.

විනිශ්චයක් නැති ජාතියක් අවිනිශ්චිත වීම හැර වෙන කුමක් වන්නද. සුද්දා හදා දුන් කෝච්චි පාර අඟලක් දික් කර ගන්න බැරිව ඇත්තේ ඒකය. ඔවුහු හැදූ තාර පාර ට්‍රැෆික් වලින් පුරවාගෙන මහ මඟ දුක් විදින්නේ මේ හින්දාය.

කොටින්ම බටහිරයන් තැනූ පරිපාලනයත්, පාර්ලිමේන්තුවත්, අධිකරණයත් දුෂිතයන්ගෙන් පිරී ඉතිරී ඇත්තේ මේකය. මේවා විනිශ්චයක් නැති අවිනිශ්චිතයක ප්‍රතිථලයන්ය. කෙටිවම කීවොත් බටහිරයන් මේ සියලු විනාශ වල වග උත්තරකරුවන් කරනු හැර විනිශ්චයක් ලබා ගැනීමක් නැත.

විනාශ තැනුවේ බටහිර නම් ඔවූන්ගේ රටවල පාර්ලිමේන්තුවත්, පාරිපාලනයත්, අධිකරණයත්, පාර තොටත් අවුලක් නොවී අපේ රටේ මේ අවුල ආවේ කොතනින්ද?.



එසේ නම් මඟ හැරී ගිය ඉතිහාස විනිශ්යක අඩුව ඇති බව පෙනේ. මෙහෙම පෙනෙන්නට වඩාත් හේතුව වූයේ මගහැරී ගිය යුගයක ජීවමාන ගැහැණියක් හමුවූ නිසාය. ඈ තෙමේ “ වන්නිච්චි මරියා සෙම්බත්ති” කුමාරියය.



වන්නිච්චි මරියා සෙම්බත්ති දෙමළ කුමරියක වීමත්, ඇය කිතුණූ බැතිමතියක වීමත් නිසා සිංහළ ලේඛණ වලට නාවද විය හැකිය. එත් ප්‍රධාන හේතුව ජාති ආගමික හේතුවක්ම නොවේ. ඇය ලියවී ඇත්තේ ලක් පුතුන් ලිව් ලේඛණ වල නොව බටහිරයන් ලිව් ලේඛණ වලය.

ඇත්තටම ලංකාවේ ජනයා ලන්දේසීන්ට එරෙහිව මාරක ජාතික සටනක් කර ඇත්තේම නැති තරම්ය. පෘතුගිසීන්ට එරෙහිව විදීය බණ්ඩාර මායාදුන්නේ ටිකිරි රාජසිංහ වගේම විමලධර්මසූරිය, සෙනරත් නමින් විරුවන් බිහිවන්නේය. නමුත් ලන්දේසී විරෝධි වීරවයන්ගේ සටහන් ලංකාවේ ඇත්තේම නැත.

මේ ඉතිහාසයෙන් අසා සොයා ගත යුතු ඇත්ත ප්‍රශ්ණය ය. ඇත්ත ප්‍රශ්න සොයන ගතියක් නැති ඔලමොට්ටලයන්ගෙන් ඉතිහාසය නිදහස් කර ගන්නා තුරු මෙවැනි විමසුම් නැති වමාරන්නන් හා අනුකාරකයන් ලක් ඉතිහාස විෂය රසට බුදිනු ඇත.

කොහොමින් හරි ලන්දෙසින්ට එරෙහිව ජාතික සටනක් ඇවිල නොගියේ මන්දැයි සිතමි. එසේ වන්නට බලපෑ ප්‍රබල තතු නිමිත්ත ලන්දේසීන්ගේ ජාතික ගතිය වන්නට ද ඇත. ඔහුහු කෲරත්වය වෙනුවට සහනශීලීත්වයද ජලය හා ගොවි බිම මතද බැදුනු අමුතු ජාතික ලකුණක් පෙන්නූ ජාතියකි. ඒ වගේම ලන්දේසීන් බටහිරින් මෙහි එන්නේ සිරිලක දෙවන රාජසිංහගේ ඇරයුම් ලද ජාතියක් සේ නිල ගිවිසුමක්ද සමඟය.



ලන්දේසීන් යුද්ධ කළේ සිංහලයන් හෝ ලක්වැසියන් සමග නොව ලක් පොළොවේ තලාව හෙවත් වැල්ල බඩ අල්ලා ගෙන උන් පරංගින් සමගය. ඒ නිසා ලන්දේසි සමග සටනක් අල්ලන්න මතු පිට හේතුවක් ලක් වැසියාට තිබුනේ නැත. ඒත් හේතුවක් තිබූ හැටි පෙනුනේ ‘වන්නිච්චි මරියා සෙම්බත්ති’ නිසාය.



සිරිලක ජනයා අතරින් ලන්දේසීන්ට එරෙහි මාරක ගැටුමක් දී ඇත්තේ ඇයය . ඇය ලක් පොළොවේ දෙමළ දුවණියක් වීමත් කිතුණු බැතිමතියක් වීමත් නිසා සුවිශේෂීය. ඒ වගේම යාපන රාජධානියේ ඔටුන්නට උරුම ලේ ඇත්තිය විදියට ඇය විදහා පෑ සටන කතාවට ගත යුතු වීරකමක් වගේම දේශපාලන ගැඹුරක්ද සහිතය.

ඇය හින්දු දහමෙහි කාලි මතා, වල්ලි මාතා, පත්ති මාතා, දුර්ගා මතා සමග ‘මරිය මතා’ එකට එක් කළ අමුතු කුමරියය. මේ රටේ කිතුණු විද්වතුන් වගේම සිංහළ විද්වතුන් අමතක කළ ඇති අමුතු දාර්ශනිකාවිය ය.

මඩු මෑණීයන් නමින් ජේසු ස්වාමි දරුවාගේ මැණියන් සිරිලකදී නව උපතක් ලබන කතාව විහිදි යන්නේ එතැනින්ය.


ඒ වගේම වන්නිය නමින් ලංකාවේ ඇති විශේෂ භූකලාපය පාලනය කලේ “මහා වන්නියා” නමින් පුරුෂයෙකි. ඒ මහාවන්නියා ධූරයට පත්වන පළමු ස්ත්‍රීය වන්නිච්චි මරියා සෙම්බත්තිය ය. වන්නිච්චි විසින් කල සටන 7f478ලන්දේසීන්ට මාරක වූයේ ඒකය. කෙතරම් මාරක වූවේද කියන්නේ නම් එය මහනුවර රජ මැදුරෙන් උපකාර පතන්න තරම් ලන්දේසීන්ව අසරණ කරන්නේය. වන්නි වන පෙතටම වී දිවි ගෙවී සිරිලක පුරාණ අමුතු ජන වංශය වන්නින්ය.



''මේ සියල්ලට වඩාත් අභිමානයක් එක් කරන්නේ ජය ශ්‍රී මහා බෝධිය රකින ජන පවුර ඇත්තේ වන්නිගේ වන්නිවරු අතර නිසාය.''



ඒ වගේම ප්‍රතාපවත් උරුමයක් ඇති ඔහුන්ට සෘජුව සිංහල ප්‍රභූත්වය හා දෙමළ ප්‍රභූත්වය සමග නෑ කමත් තිබූ ජන වංශයකි. මේ සියල්ලට වඩාත් අභිමානයක් එක් කරන්නේ ජය ශ්‍රී මහා බෝධිය රකින ජන පවුර ඇත්තේ වන්නිගේ වන්නිවරු අතර නිසාය. රාජධානිය එකොළොස් වන සිය වසේ අනුර නුවර හැර යාමෙන් පසු වන්නියේ වන්නීන් ශ්‍රී මහා බෝධිය රකින එකම රැකවරණය වන්නේය.

එය වඩාත් උච්චස්ථානයකට එන්නේ බටහිරයන් මෙහි ආ දහසය වන සියවසේය. මෙවන් ජන තීරුවක් සහිත වන්නියේ වන්නිච්චිගේ ලන්දේසි විරෝධය මාරක වන්නේය. ඇගේ සටන් ක්‍රම අමුතු වූ අතර එය වන්නි මහා වනින්තරය මැද උපන් අමුතු ගරිල්ලා සටන් වූ බව පවසන්නේ ‘ලුතිනල් තෝමස් නෝගල්’ය.

නෝගල් කියන්නේ මුලින් කී ලෙස සතුරන් විසින් ලියවුන ලක් ඉතිහාසය ලිව් එක් මිනිසෙකි. ඒත් ලුතිනන් තෝමස් නෝගල්ගේ තතු විත්ති කියවා ලක් අතීත වත ගැන නිශ්චිතතාවක් ගොඩනගා ගැනීමට මැලි වී ඇත. ඔහුගේ තතු වාර්තාව කියවන විට හැඟීයන්නේ වන්නිච්චි මරියා සෙම්බත්ති කුමරියගේ වීරත්වය වගේම ඇගේ සටන් ශිල්ප ක්‍රමය.

නූතන දියුණු ආයුධ සහිත ලන්දේසින්ට කෑලෑ ආයුධ හා සටන් ශිල්ප ඔස්සේ වන්නිච්චි කළ අභියෝගය මතු කර ගත යුතු කථාවකි. මන්ද ඒ ඔස්සේ අහිමි ව යන්නේ මේ රටේ තිබූ අමුතු සටන් ශිල්පයකි. ඒ වගේම ලන්දේසීන් සමග ලක් රජය ගිවිසුමට බැදී ඇතිවිට ඇය එකවිටම පාර්ශ්වය දෙකම අභියෝගයට ලක් කොට සටන් කලේ නිදහස් රාජ්‍යක් වීමටද යන්න සෙවිය යුතුය.



මන්ද නූතන බෙදුම්වාදයේ අවසාන මාරක සටන තිබුනේ වන්නි මහා වනාන්තරය මැදය. ඒත් ප්‍රශ්ණය වන්නේ බටහිරට එරෙහි සටන් කළ සියළු සිංහල විරවරුන් මතක තබාගෙන සතුරාගේ ඉතිහාස පොතින් සොයා ගෙන ඇති අප මේ දෙමළියට යුක්තිය ඉටු කර නැති සැටියය. ඒ නිසා වන්නිච්චිගේ ජිවිතය සොයා යෑම මනුෂ්‍යත්වයේ ආල අන්දරය විවර කර ගැනීමක් වන්නේය.


ඇගේ තතු විත්ති දිගේ ඇවිද යන්න ලුතිනල් තෝමස් නෝගල් අපට චරිතයක් වන්නේද ඒකය. ඒ වගේම ආගමික ජාතික බේද වලින් පිට පොදු පූජා භූමියක් වී ඇති ‘මඩු පල්ලිය’ ලක් කතාවතේ ඉතිහාස නිමිත්තනක් වී ඇති විට ඒ නිමිති කථාව හරි මැදින් ඇය හමුවීමය.

නමුත් සිංහළයන් වගේම දෙමළුන්ද කිතුණුවන් වගේම හින්දු බෞද්ධයන් ද වන්නිච්චි මරියා සෙබ්බත්ති ගැන කිසිම වීමංසාවක් පරියේෂණයක් නොකිරීම ඵෙතිහාසික කනගාටුවක් ඇති කරන සිදු වීමකි.

ජාති ආගමික භේද නැතුව සමාජයක් පුරා කැපවන්නන් අහිමි වේගන යන්නේය. කැපවන්නන්ට ජිවත් වීමට කථා කිරීමට මතු වීමට ක්‍රමය අහිමි වෙමින් පවතින්නේය. ඒ නිසා සුහද සමාජයක් අපට උවමනා වී ඇත.

වන්නිච්චි සහ නෝගල් වෙතින් ඉගෙන ගත යුතුව ඇත්තේ ඒකය.

ඵෙතිහාසික අසාධාරණ නඩත්තු කරන තරමට වර්ථමාන අසාධාරණය පවතිනු ඇත. ඒ නිසා මිතුරන් හතුරන් කොයි කවුරුවත් ලියා ඇති ඉතිහාසය රට නගන ධර්මතා විනිශ්යක් සේ ගෙන මේ අවිනිශ්චිත දෑ වලින් මිදීමේ මාවත කර ගත යුතුය.

ඉතින් වන්නිච්චි මරියා සෙබ්බත්ති මාතාව ජාතියේ මාතාවක් සේ ගෙන සොයා යා යුත්තේය.

 

Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

 



වායාම පසුගිය ලිපි 26 මෙතනින්

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්