එකල්හි විවාහය පුද්ගල සිදුවීමකි. මෙකල්හි විවාහය පුද්ගල සිදුවීමකින් ඔබ්බට ගොස් එයට රාජ්‍යයද මැදිහත් වේ. ඒ විවාහ ලියාපදිංචියටය.


එකල්හි විවාහය සිරිතක් සේ චාරිත්‍ර ගණයට අයත් වුයේය. රාජ්‍යය විවාහය හා බැඳි සිටියේය නැත. එබැවින් ලියාපදිංචි කළ විවාහ නොවීය. ඒ නිසාම විවාහ චාරිත්‍ර මිසක නිති හමු නොවේ.

එබැවින් විවාහ සිරිත පුද්ගලයා හෝ ඔහු හෝ ඇය අයත් කුල වංශ සිරිත මත බැඳී පැවතුනකි. නමුත් අවසානයේ රාජ්‍යය රටවැසියා සමඟ බැඳී ඇති බැවින් රජයට විවාහ සිරිත් පිළිබඳ අර්ථ කථනයක් තිබුණේය.

ඒ අනුව වෛද්‍යවරයා, ජෝතිර්වේදියා සහ නීති ලේනා සහ කුල ප්‍රධානි සමඟ එක්ව ඇය හෝ ඔහු ඇති කරන එකඟතාව විවාහ සිරිත ලෙස රාජ්‍යය පිළිගන්නට විය.

ඒ හින්දම අතීත විවාහ සිරිත බොහෝ ලිහිල්ව ද එලසම ගෞරවණීයත්වයෙන් හා සරාගීව බැඳි ගිය බව අතීත තතු විත්ති තුලින් වටහා ගත හැකිව තිබේ.

මෙලස පුද්ගල රුචිය විසින්ද කුල සිරිතහි උවමනාද සමඟ බැඳි ගිය විවාහය ඒ අනුව විවිධ තාල සිරිත් ගත්හ. මේ තාල සිරිත් වල සීමාවක් නොවීය. සීමාවක් පැවතිය හැකිද නොවිය. නමුත් කුලසිරිත සෑම විටම සීමාවක් සහිත වු බැවින් විවාහ සිරිතට සීමා පැනවුණේය.



මෙවන් කුල සීමාද බිඳගෙන රාග සිරිත නව නව සිරිත් බිහි කරන විට රාගය ජාතික ප්‍රශ්නයක්බවට පත් වුයේය. පුද්ගලයාගේ පරම අයිතියක් වු සරාගය රාජ්‍යය විසින් අණ පනත් තුළින් තහවුරුකිරීම හෝ සීමා කිරීම සිංහල රජ සිරිතට අයත් නොවීය. නමුත් මිනිස් සමුහයකගේ පරම වියවුලටද රාගය විසින්ම උපත දෙන බැවින් රාජ්‍යයට මෙම රාග ප්‍රශ්නයට මුණ දෙන්නට සිදු විය.


පණ්ඩුකාභය ශාක්‍යසිංහ රජතුමා :



එවිට පණ්ඩුකාභය ශාක්‍යසිංහ රජතුමා රාග සිරිතහි පරිමාව කුලසිරිතට අර්ථ නිරූපණ කිරීමට ඉඩ තබා කුල සිරිත රාජ සිරිතට අර්ථ රෝපණය කර ගත්තේය.Siwali 2022

මනුෂ්‍ය සරාග නිදහස අරභයා මෙතරම් ලිහිල් නිදහස් බැල්මක් හෙළු පාලකයකු තවත් නම් නොවේ. ඔහුගෙන් සිංහල රාජ දර්ශනය හිමි කරගත් සරාග දර්ශනය විජය රජු විසින් පණ්ඩුකාභයට උරුම කළ අතර, ඔහුට විවිධ වංශ කුල ගෝත්‍ර වලසිරිත් සමඟ එය මුසු කර ගැනිමේ අභියෝගයක් විය.

තෙමේ කදිමට එය ඉටු කළේය. ඒ “රාග චාරිත්‍ර” නමින් සරාග කලාවන් සතක් අතීත කාමයෙන් හඳුනාගෙනය.

පණ්ඩුකාභය රජ තෙමේ හඳුනාගත් රාග චාරිත්‍ර සත වෛද්‍ය විද්‍යාත්මක අත්හදා බැලීමකට රාජ දාර්ශණිකව යොමු කළේ බුද්දදාස රජතුමාය.

මෙලස සරාගය රාජ්‍යයෙන් වියුක්ත උත්තර නිදහසක් බවට පත් කළ රාජ දේශපාලන වාදයක උරුමරාජ්‍යයක් බවට මෙරට පත්ව තිබුණේය. ඒ සඳහා නිදහස්කාමී අනිත්‍යයවාදී බුදු දහම විසින් තවත් පුළුල් නිදහසකින් මුසු වු විනයක් තනා දී තිබුණේය.


එත් සරාගය අභියස රාජ්‍යය පනවා ගත් සිරිතද බුදු දහම පනවා ගත් විනයද බරපතල ලෙස විකෘතිව ගිය පසු අපට ශේෂ වුයේ වික්ටෝරියා රැජිනගේ නීතියත් ඇගේ ආගමික තහනමත් පමණි. එතැන් පටන් ඒ කටුක නීතියද සර්වබලධාරී තහනමද හිස තබාගෙන සිංහල සිරිත තැනී ගමන් කරමින් ඇත.




එබැවින් මෙකල විවාහය රාජ්‍යය විසින් අර්ථ ගැන්වු මෙවලමකි. මේ අතීතය සහ වත්මනහි යාවීම එසේය.

එත් මේ සමඟ බැල්ම හෙලා බැලිය යුත්තේ ඒ අතීත සිරිත සහ විනය අතර වු රාග සිරිත් මොනවදැයි කියාය.

ඒ අනුව සිංහලයන්ගේ රාග ඉතිහාසය පිරි ඇත්තේ දියට බැඳිය. දිය තලා, දිය ඉවුරු, වැව් පොකුණු, විල්, ගංගා, ඇල-දොල, තටාක වැද රාග බන්ධනගත වු අතීත සිරිතක් වේ.



විජය කුවේණිය සමඟද විජයගේ පිය-මව් දෙපල වු සිංහබාහු සහ සිංහ සීවලියා ද මෙලස දියමත රාග බැඳීම්වල යෙදී ඇත. එබැවින් රාග චාරිත්‍ර වල පළමු රාගසිරිත ‘රන් කෙළීය‘ නමින් නම් වුයේය. එතැන් පටන් සිංහල රජ කිරුළට උරුම කුමරුද තම රාජාභිෂේකය අතරට ‘රන් කෙළිය‘ නමින් දියවැද රාග සිරිතක් පිරීම සිදු කළේය.



මෙම රන් කෙළීය රාජ තාන්ත්‍රිකව සිරිතක් බවට පණ්ඩුකාභය රජතුමා පත් කළේ තම පෙම්වතිය වු ස්වර්ණපාලිය හා ජය වැව වැද රන් කෙළිය පුරා විවාහ වීමේන්ය. එතැන් පටන් රාගය රස බැලු කුළුදුල් කෙළියක් හෝ අවකෙළීයක් සේ ජනගතව තිබු ‘රන් කෙළිය‘ ජාතික රාජ්‍යය පිළිගත් රාග සිරිතක් බවට පත් වුයේය.

දියවැද රාග බන්ධන පිරීම හෙවත් ‘රන් කෙළිය‘ එතැන් පටන් විවාහ සිරිතක්ද වුයේය. ඒ අනුව “රන් කෙළිය“ “විවාහ“ නමින් පුරාණ නිතී ලේනා (නීතිපති-නිතී ලේකම්-අධිකරණ ඇමති) විසින් විවාහ සිරිතක් තම රාජ්‍ය නිර්දේශ වලට ඇතුලත් කර ගත්තේය.

මේ අනුව රාග රස වින්දයක් ලෙස තිබු රන්කෙළියේ අසිමාන්තික නිදහසට පිළිගැනීමක් ලැබුනද එයම එක් අතකින් සිමාවක්ද වුයේය. ඒ රන් කෙළිය රැඟු යුවළක් විවාහකයන් වන බවට සිරිතක් ඇති වීමෙනි.

එළාර, වොහාරික තිස්ස, චෝරනාග, පස්වෙනි මහින්ද, උදය රජ, පෙළවන් රාජ සමයන්වල රන්කෙළි රැඟුමක් අදාල කුල ප්‍රධානීන් අසුවිට කුලසිරිතට එවන් යුවළක් විවාහ ගැන්වීමේ බලතල අතට පැවරු රාජ සමයන්ය.

මෙතැන් සිට රන් කෙළිය පියවරින් පියවර සිරතක විසිතුරෙන් මිදී සම්ප්‍රදායික නීතියක් බවට පත් විමේ දිගු කාලීන විකෘතියක් ඇරඹුවාය. එබැවින් අදත් රන් කෙළී රඟන රජුන් හෝ ජනතාවක් අපට හමු නොවේ.



එත් අප මෙතරම් දුරක ඇවිද විත් ඇත්තේ අපේ මීමුතුන් රන් කෙළි ගෙවු අතීතයෙනි. හොර රහසේ හෝ දිය දහරක් මත අතරින් පතර රන් කෙළි වාර්තා වන්නේ එබැවිණි.


india khajuraho temple 7 1200x801“රන් කෙළිය“ විසිතුරු කැටයමකට ලක් කළ ස්ථානය නන්දන උයනය. එමෙන්ම ඉසුරුමුණි ශෛල විල් පතුලේද, නාලන්දා ගෙඩිගේද, වෙස්සගිරි ශෛල ගුහා වලද රන් කෙළි විසිතුර නෙලා ඇත. “රන් කෙළිය“ සිංහලයන් මෝහනය කළ රාග විලාසිතාවක් වුයේ අලි ඇතුන් ගෙනි.

ඇත් කුළයේ රති රහස්‍ය රාග සිරිතද දියවැද රන් කෙළි රැඟුමය.

එබැවින් බුද්දදාස මහ රජතුමා තම වෛද්‍ය නිගමනවලින් හෙළි කරන්නේ සිංහලයා තම ප්‍රියතම සත්වයාට අනුගත වීමද මෙම රාග විසිතුරහි උපතට මුල් වු බවකි.

මේ ගැන වෙනත් විග්‍රහයක් සිංහල නැකත් ශාස්ත්‍රයේ වේ. ඒ අනුව භාව කේන්ද්‍රයේ ඇත් යෝනී නැකතින් උපන්නෙකු ස්වාභාවයේන් රන් කෙළියේ පේ වන බවය.

කෙසේ නමුත් සියවස් දහසක් පමණ රාග විසිතුරක් සේ පැවති රන් කෙළිය රාග විවාහයක් වී සියවස් පහක් පමණ ගලාවිත් ඇත. ඉන්පසු රන් කෙළිය අවකෙළියක් වුයේය. ඒ රන් කෙළිය පුරන කළ විවාහයට එය බලපත්‍රයක් වන කාළිංඝ මාඝගේ කෲර පිළිවෙත නිසාය.



ඒ පොළොන්නරු සමය පසු කර මේ නව යුගයට එනවිට රන් කෙළිය අති රහස්‍යය අව කෙළියක් බවට පත්ව ඇත. ඒ නිසාම ඉතිහාසය වැද ඒ රමණීය රමණ සාහිත්‍යයෙන් පහන් වුවද ඒ සියල්ල ලියන්න කියන්න බැරි ලිංගික කුහකවතක සිංහල ජාතිය සිරගතව ඇත. සිරිත නීතියක් කරගෙන විනය තහනමක් කරගෙන බුදු දහමින් පිට පැන ඇති ජාතියකට මේ ගැන සිතා ගන්නට තව කෙතරම් කල් ගත කරන්නද වේද?


මේ වියවුල රටම වනචාර කාමුක උමතුවකට පත් විමෙන් හෙළි වී ඇතැයි සිතමි. සදාචාරයට ස්වාභාවික උවමනාව යටපත් කළවිට පුපුරායෑම නිරුවත්ය. මේ අප විදිමින් සිටින්නේ ඒ කරුමයය. ස්වාභාවික උවමනාව පහන් කළ හැකි මඟ කියා දුන් දාර්ශණික රාජ්‍ය උරුමයන් පසෙක තැබු ඛෙදයය.



අනුවේදනීය රාජ කතා...



කෙසේ හෝ රන් කෙළි ඉතිහාසය විමසන විට අනුවේදනීය රාජ කතා කිපයක්ද වේ. ඒ අතීතවාදි කඳුළු කතා අතර හද අගිස්සට වැද ගියේ මහ රජ ගජබාය. රජ ගජබා විවාහ වුයේ රන් කෙළි සිරිතින් නොව, නමුත් රජුට රන්Rankaliya 2022.03.12 කෙළි සිරිත පුරන්නට ආශා පහළ වුයේය. ඒ තම සිරි යහන් සළු සෝදන රඳා කෙලිත්තගෙනි.

ගජබා රජ තෙමේ දිනෙක මල්වතු ඉවුරේ පැන් තොටේදී ඈ දුටුවේය. අටවක සඳ පායන එක් හැන්දෑවක රජ හුදී ගැටවරයකුගේ වෙස්ගෙන පැන් තොටට ගියේය. ගොම්මන් අඳුරහි රඳා කෙලිත්ත හා ගඟුල් දිය වැද රන් කෙළි පිරුවේය. ඒ “රන් කෙළිය වහ වැටී රජ තෙමේ සැම අටවක සඳ රැයකම පැන්තොට විත් රාග සිරිත පිරුවේය. 

 
 
සිරිත විරිතක් වුයේ රඳා කෙලිත්ත රාජ බීජානූවෙන් ගැබ්බර වීමෙන්ය. පුත් කුමරකු නොසිටි ගජබා රජුට රඳා කෙලිත්තගෙන් පුතෙකු උපන්නේය. ඒ ‘නීලය‘ ය. 


රන්කෙළි සිරිතින් උපන් නීල “නීල මහා යෝධයා“ ලෙස එකල්හි ජනකාන්ත විය. නීල තෙමේ ඉන්දු සයුරු දිය යගදාවෙන් දෙබෑ කර දක්‍ෂිණ ඉන්දියාව බීරාන්ත කළ පුරුෂ කුමරුය. දියෙන් උපන් කුමරු දිය දෙබෑ කර එතෙර ගියේය. ඒ කුමරු දුටු සොළී ලඳුන් දොළොස් දහසක් නීලව අවකෙළියට ගන්නවා ඝාතනය කළේය. ඒ රන්කෙළියේ උපන් අවසාන කුමරුය.

ඒ “නීල කුමර“ තෙමේ වියෝබරව සමුගැනිමෙන් ගජබාගේ කිරුළ පුතෙකු නැතිව තනි වුයේය. රන් කෙළි කුමරෙකුට කිරුළ පළදින්නට තිබු අවස්ථාව සිංහල රජ සිරිතට අහිමි ගියේය.

රන් කෙළි සිරිතහි විසිතුරු කතාව මෙවන් අතුරු මිතුරු කතා වලින් සුසැදි රස ගුලාවකි. එමෙන්ම රාගය සරාගය සිරිතද විරිතද ප්‍රේමයද ශෝකයද පුදුමය ද විමිතිය ද මුසු රාග චාරිත්‍රයකි.

 
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
WhatsApp Image 2021 09 04 at 3.37.38 PM





 
 
 

Leader Whats app

 

 

 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්