හෘද සමාන සගයන් හඳුන්වා ගැනීමට සිංහල භාෂාව තුල වදන් කිහිපයක් වේ.
කවි බස තුළදී සඳ සහ සබඳ ලෙසද සාහිත්යික ව්‍යාහාරයේදී සහෘදයා ලෙසද සාමාන්‍ය භාෂා භාවිතයේදී මිතුරා, මිත්‍රයා, යහළුවා ලෙසද හෘද සමාන සගයන් හඳුන්වා ගනී.
නමුත් කිසිදු කලක සිංහලයෝ ව්‍යාහාර භාෂාවේදී මේ කිසිදු වදනක් භාවිතා නොකර මිතුරන් හඳුන්වා ගන්නේ “මචං“ ලෙස ඇමතිමෙනි.
‘මචං‘ නමින් හෘද සගයන් හඳුන්වා ගැනීමේ පුරුද්ද සිංහලයන්ට හිමි වනුයේ දෙමළ ජනතාවගෙනි.
‘මචං‘ නම් වදනද එම වදනෙහි ව්‍යාහාර භාවිතයද සිංහලයන් උරුම කර ගනුයේ දෙමළ සම්ප්‍රද්‍රය ඇසුරෙනි. ඒ අනුව අතීත භාෂා තතු විමසුම සහ නුතන භාෂා භාවිතය පෙන්වන්නේ සිංහලයාගේ හෘද සගයා ද්‍රවිඩයා බවය ය. එමෙන්ම ද්‍රවිඩයාගේ හෘද සගයා සිංහලයා බවය.
එනමුත් මෙවන් භාව බන්ධන ජාතික එකමුසුවක් සහිත දෙජාතියක් බද්ධ වෛර බන්ධනව වසර දෙදහසක් මුළුල්ලේ විටින් විට යුධ වැද උන් උනුන් මරා ගත්තේ කෙලසදැයි සිතා ගැන්මට පවා නොහැකිය.
සේන සහ ගුත්තික සිංහල රාජ්‍යයත්වයට මුල්ම මරු පහර එල්ල කළ ද ඔහුනගෙන් උරුම වු හින්දු සමය සිංහල බෞද්ධ ජන ආත්මයට කා වැදී ගියේය. ඉන්පසු එළාර රජුගේ සිවු සතළිස් වසක පාලනය පූජනීය රාජ්‍ය ආකෘතියක් ලෙස සිංහලයන් බහුමානයට පත් කළේය. ඔහු වෙතින් ශීව දහම සිංහලයන්ගේ භාවිත ඇදහිල්ල විය.
චෝල අධිරාජ්‍යයා සිංහල සමාජය අසුවසක් යටපත් කරගෙන තිබුණි. ඒ සමය ශීව, පාර්වතී, ස්කන්ධ සිට කාලී, අයියනායක, ඉන්ද්‍ර, වරුණ, විශ්ණු ආදී හින්දු දේව මණ්ඩල සිංහල බෞද්ධත්වය සමඟ සමවැසි විය.
සියළු ද්‍රවිඩ ආක්‍රමණ පරදා දැමුවද සිංහලයෝ ද්‍රවිඩ සංස්කෘතිය තම ජාතික සංස්කෘතියෙහි ජීවය බවට පත් කරගෙන ඇත්තාහ.
මෙලෙස ද්‍රවිඩ සංස්කෘතිය සිංහල ජාතික සම්ප්‍රද්‍රයට මුසුකර ගත්තද ද්‍රවිඩ දේශපාලන අභිලාෂය සිංහල දේශපාලන උරුමත්වය සමඟ ගැටීම නිමා වි නැත. එම නිසා ‘මචං‘ දෙපළ යුධ වදිති. එහි එක් සමයක් වු “වෙළුපිල්ලේ යුගය“ නිමාව ඇත්තේ සිංහලයාට තම මචං ගැනද දෙමළාට තම ‘මචං‘ ගැනද ගැඹුරු සිතුවිල්ලකට මඟ පාදා දෙමිණි.

දෙවනුව ‘වෙසක් දිනය‘ ආධ්‍යාත්මික ආගමික බැතිය දනවන ජාතික උත්සවය බවට පත් කරනුයේ දුටුගැමුණු රජුය. එතෙක් වෙසක් දිනය පවත්වනුයේ සිංහල රජ අභිෂේක මංගල්‍ය පවත්වන “ජාතික රාජ දේශපාලන දිනය“ ලෙසය.
ක්‍රි.පූ. 547 වෙසක් පුන් පෝදින සිරස වස්තූ පුරයේදී සිංහල කිරුළ දරමින් විජය රජතුමා ඇති කළ ජාතික දේශපාලන රාජාභිෂේකය ඉන් මතු සෑම වෙසක් පුන් පෝදිනම සිදු වු රාජ චාරිත්‍රය විය. එම නිසා විජය රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා රජ සිරි පැමිණි සියළු රජවරු සෑම “වෙසක් පූන් පෝ දිනකම රාජ කිරුළ නැවත පළදමින් එම දිනය සැමරුවේය.
එබැවින් පූරාණ ග්‍රන්ථ සියල්ල රජ දරුවෙකුගේ රාජ වර්ෂ ගණනය කිරීම වෙසක් පෝ දින ගණනින් දක්වන සම්ප්‍රද්‍රයක් ගොඩනගා ඇත. එම නිසා පෞරාණික ග්‍රන්ථ තුළ බොහෝ රජ දරුවන් රජ පදවිය හෙබවු වර්ෂ ගණනාවක් දක්වා නැත. දක්වා ඇත්තේ මෙපමණ වෙසක් දින ගණනක් රාජභිෂේක උළෙල පැවැත්වු
බවය.
ඒ අනුව සිංහල රාජකීය ඉතිහාසය වටහා ගැනීමට මෙම ‘වෙසක් සිරිත“ වටහා ගත යුතුය.
කෙසේ හෝ දුටුගැමුණු රජතුමා රුවන්වැළි මහා ථූපය ස්ථාපිත කරමින් මෙරට ජාතික ආගමික දිනය බවට වෙසක් දිනය පත් කළේය. එතැන් පටන් ජාතික රාජ්‍ය දේශපාලන දිනය ලෙස භාවිත වෙසක් පුන් පෝ දිනය ජාතික අධ්‍යාත්මික දිනය බවට පත්විය.

ජාතික රාජ දේශපාලන සහ ජාතික ආගමික දිනය ලෙස වෙසක් දිනය ඉස්මතු වූ ආකාරය මෙම යුග තුළ දක්නට නොහැකිය. එය පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණය නිසා තවදුරටත් යටපත්ව තිබුණේ ය.
ඒ අනුව ජාතික පුනරුදය උදෙසා දහනම සියවස අගදි ඇති වූ ජාතික ව්‍යාපාරය තුළින් වෙසක් පුනරාගමනයකට අදහස් සිතුවිළි පැතිර ගියේය.
අනුව උගත් ශ්‍රී ලාංකීකයෙකු සීමිත මහජන ඡන්ද බලයෙන් ව්‍යවස්ථාදායකයට තෝරා පත් කිරීමට තීරණය විය.
ශ්‍රීමත් රාමනාදන් ගේ ව්‍යායාමය තුළින් සියවස් පහක් වැළලී යටපත්ව තිබු වෙසක් සිරිත යළි පුනර් ප්‍රබෝධයක් ලැබ අවදි වී බෞද්ධත්වයේ ජය මාවතට දිශානතිය වුයේය.
ශ්‍රීමත් රාමනාදන්ගේ යුගය නිමා විය. අසු වසරක් ගෙවි ගියේය. සිංහලයාද ද්‍රවිඩයාගෙන් ඈත්ව ගිනි අවි වලින් ප්‍රාණ සමාන තම දෙ ජාතියහි හදවත් සිදුරු කරගනිමින් තිබුණි. මචංලා මංචලාට එරෙහිව යුධ වදිමින් තිබුණි. බෞද්ධ දහම දුපත් රාජ්‍ය වලින් ඔබ්බට ගමන් කරමින් ජාත්‍යයන්තරය
දක්වා පැතිර යමින් ද තිබුණි.
කෙසේ නමුත් වෙසක් සිරිත හා වෙසක් ඉතිහාසය තුළින් අසිරිමත් වුවෝ මෙ මහා පුරුෂයන් සිවු දෙනාය. වෙසක් සිරිතට අරුතක් මඟ දිශාව මෙන්ම පැවැත්ම තනා දුන්නේ ඔවුහුය. අන් සැවොම වෙසක් දිනය සමරා මැකී ගියද ඔවුහු ජාතික වෙසක් ඉතිහාසය තුළින් උත්තුංගව නැගී සිටින මහා පුරුෂ තොමෝය.
එබැවින් මෙවන් බද්ධ ප්‍රේම හෘද සහෘද දෙජාතියකට එකට එක්වීමට තවත් නිමිත්තක් කුමටද?
දුටුගැමුණු මෙන්ම විජය වෙනුවෙන් සිංහලයන්ට පිටුවක් ඇත. එත් රාමනාදන් හෝ කදීර්ගාමර් වෙනුවෙන් පිටුවක් හෝ පරිච්ජේදයක් නොමැත්තේ මන්ද? බුදු ගෙට විහාරයට පුන්‍යාණුමෝදනාවට වෙසක් සිරිත සිරිමත් කළ රාමනාදන් කදීරගාමර් සිරිමතුන් සිහිපත් නොවන්නේ මන්ද?
විජය කුමරායාගෙන් උපන් දුටුගැමුණු රජු වෙතින් ඔද තෙද ලැබු අප ජිවමානව ඇත්තේ රාමනාදන් සහ කදීර්ගාමර් තුළින් ද බැව් සිතා ගැන්මට සිතුවිළි අහිමිව ඇත්තේ මන්ද?

දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.