පෙරදිග අපරදිග දොරටුවේ මැද පිහිටි ලංකා දුපත එ හන්දාම සංචාරක පාරාදීසයකි. මේ පාරාදීසය එ නිසාම දේශ ගවේෂකයණන්ට සොයා බලන්න සිත් දුන්නේ ඈත අතීතයේ පටන්මය.
ග්‍රීක රෝම වැසියාගේ ලංකා උනන්දුව ක්‍රි:පු යුගයට එහා ගිය එකක් වු අතර සමහර වාර්තා අනුව එ අවධානය බුදු උපතටත් පෙර දවසට තරම් දිගු කථාවකි.
මෙහම ඇල්ම බැල්ම වැටි ලක්දිව ගැන ලියා තබා ඇති විදේශීය තතු සම්භාරය කියා දෙන්නේ ලාංකීක අපේ ජාත්‍යන්තර මිතුරු ජාලයේ දිග පළලහි තරමය.
මේ අතර අපරදිග ලෝකය පසු කලකදී කිතුනු යුදෙව් හා ඉස්ලාම් ලෙස බෙදි යන විට මේ බෙදුනු ජාතින්ටද ලංකා දුපත හා බැඳීම මහා වී ඇති සැටි පෙනේ.
භාරතයද චිනයද සොයා යන ගමනට ලංකා දුපත ඕනෑ වීම මෙයට හේතු විදියට කියවේ. එත් ඇත්ත කථාව එය නොවේ. සීගීරිය නිසා උසට නැඟුණ ලක්දිවට ලොවක් වශී වීම ද දිර්ඝ රාජධානියක් සේ අනුර නුවර තබා ගැනීමද අපරදිගට පර්යෙෂණක් වී තිබුණේය.
එබැවින් ලංකා නුවරින් ඉගෙන ගන්නට යමක් සොයා බැලීම අතීත අපරදිගුවන්ගේ පිපාසය වී ඇති වග පෙනේ. මේ පෙනීම හොදටම වැටහෙන්නේ ඉස්ලාම් ආගම බිහි වීමත් සමඟ තියුණු වෙළද තරඟයකට අපරදිග ලෝකය නතු විමත් සමඟය.
වෙළද බලයෙන් නැඟී සිටින ජාතින්ට ඊලගට උවමනා වුයේ ජාතික අගනුවරක් හා ජාතික දේශපාලනයක්ය. එ කරුණේදී ඒකීය නුවරක් ලෙස දිගුම දිගු උරුමයක් පෙන්වා තිබුණේ ආසියාවේ අපිය. ඒ උරුමය ග්‍රීසීයේ ඇතෑන්ස් වගේම චිනයේ භාරතයේ හැම නුවරක්ම පරදා තිබු උරුමයකි. එබැවින් මහානුවරක් නොවැටී නොබිඳි දිගුව පවතින රහස සොයා බලන අටියෙන් මෙහි සැපත් පලමු ඉස්ලාම් දේශ ගවේෂකයා වන්නේ සුලෙයිමන්ය.
ක්‍රි:ව 851 අවුරුද්දේ සුලෙයිමන් ලක්දිවට ගොඩ වදින විට මේ රටේ රජ පදවිය දරමින් සිටියේ “පළමු සේනය”. විසි වසක් ලංකාව පාලනය කළ සේන රජතුමා මේ රටේ ජනප්‍රිය කථාවට ඇතුලත් නොවු රජ දරුවෙකි. එ ඔහු ලංකාවේ ආගමික සංහිදියාවේ ලොකුම ආදර්ශය වු නිසාය.
ඉතිහාසය නිතරම ජනප්‍රිය කර ගන්නේ ඒක ආගමික විරුවන්ය. බහු ආගමික බහු ජාතික විරුවන්ට ජනප්‍රියකම හිමි නොවේ. එ කාගේ වරදින්ද යන්න සොයා බලන්න තරම් වටිනා කථාවකි.
කොහොමින් හරි සේන රජතුමාගේ ජාතික සංහිදියා ප්‍රතිපදාව කොයි තරමට පැතිර ගියාද යන්න හෙළි වන්නේ මේ රටේ නාම රැල්ලේ රජුන් තැනීමට එතුමාද මුල් වී ඇති නිසාය. ඒ කියන්නේ “සේන” නමින් රජුන් හතර දෙනෙකුම රජ වුයේය. එ පළමු සේනගේ සාර්ථක කලාව රැල්ලක් තරම් වටිනා කමක් ඇතිකර තිබු නිසාය.
එත් ඉන් පස්සේ සේනාලාගේ කථාව නෑසෙන තරම්ය. ඉතිහාස හැම විටම ජනප්‍රිය කර ගන්නේ සතුරකුට එරෙහි වීම මෙයට හේතුවය. මිතුරු සහවාසයක් හොයන තැනකදි සේන රජතුමා ගැන හොයන්න සිදු වනු ඇත.
සැබවින්ම සීගිරි කාශ්‍යප හා මානවම්ම රජ දෙපල තැනු ඉසුරුමත් රාජ්‍ය තාලය අර්බුදයකට ලක් වු විට විටින් විට ඒ තාලය මතු කරන රජුන් මතුවිය.
ක්‍රි:ව පස්වන සියවසේ සිට නම වන සියවස දක්වා අනුර නුවර පාදම රැක ගත්තේ මෙහමය. ඒ අනුව ලොව වටේ බැඳීමක් සමඟ රටක් පාලනය කරගත යුතු කාලයක සේන රජතුමා තනා ගත් සංහිදියාවේ පාලනය හරිම අපුරුවට කථා වෙන්නේ සුලෙයිමන් හරහාය.
ක්‍රි:ව 851 අවුරුද්දේ ලංකාවට පැමිණ මේ රටේ තාලය ගැන සුලෙයිමන් තබන තතු සටහන කියවා ගැනීම අද තාලේ අවුලට හොදම විසදුමක් සේ ද පෙනේ. මන්ද සුලෙයිමන් මුස්ලිම්වරු තුලට රැගෙන ගිය පණිවුඩය නිසා ඉන් පසුව මේ රටේ දේශ ගවේෂණයට පැමිණි ඉසද් සහ අඔුසයිඩ් හා ඉබන් බතුතා වන් කිර්තිමත් ගවේෂකයෝ ලක් කථාව ලෝක අවධානය ගෙන ගිය චරිත ද වන්නෝය.
විශේෂයෙන්ම සුලෙයිමන් ලංකාවේ පුදුමය හි රහස විදියට දකින්නේ මේ රටේ තිබු ආගමික සහ ජීවනයය. ඔහු මේ රටට පා තබන විට ලක් රජුගේ ආමත්‍ය මණ්ඩලය සියළු ජාතින්ගේන් හා ආගමිකයන්ගෙන් සැදුම් ලත් බව කියයි.
වඩාත් පුදුමය ක්‍රි:ව නමවන සියවසේදිත් ලක්දිව රජුගේ ආමත්‍ය මණලයේ මුස්ලිම්වරු සිව් දෙනෙකු සිටි බවට ඔහුගෙන් ලැබෙන තතු සටහනය. මේ කථාව සුලෙයිමන්ගෙන් පසුව මේ රටට පැමිණි ඉසද් වගේම අඹුසයිඩ් හා ඉබන් බතුතාගෙන්ද සනාථ වනකථාවකි.
සුලෙයිමන් මුස්ලිම්වරයෙකු නිසා බොරුවක් කීවායැයි යමෙකුට කිව හැකිය. එත් ඔහු සත්‍ය ලියා ඇතැයි සිතෙන්නේ ලක් රජුගේ අනෙක් ආමත්‍ය සගයන් ගැන කියන කථාවේදිය.
සුලෙයිමන් වගේම ඉසද්ද කියන්නේ කිතුනුවන් සිවු දෙනෙකුද රජුගේ ඇමති මණ්ඩලයේ සිටි බවය. මේවන විට කිතුනු ඉස්ලාම්වරු අපරදිග ලොකයේ බලය සඳහා එකිනෙකාට එරෙහිව කඳවුරු බැදගෙන සිටි යුගයකි. එවන් යුගයක තම ජාතිකත්වයේ සතුරු කිතුනුවන් ලක් රටේ ඇමති මණ්ඩලයේ සිටීම සුලෙයිමන් වාර්තා කරන්නේ විදග්ධ දේශ ගවේෂකයෙකු බව සනාථ කරමිනි.
එ අතරම සුලෙයිමන් අනුරාධපුර නුවර පුරා පැවති බහු වාර්ගික බැඳීම ගැන කදිම විවරණයක් ද ලියා තබා ඇත. බෞද්ධන් විසින් සුළු ආගමිකයන්ට ලබා දී තිබු මහඟු ආදරය හා සෙනෙහසද බලය සඳහා ඔහුන් හවුල් කරගෙන තිබු සමාන අවස්ථාවද මෙරටේ යහගුණ පාලනයෙහි රහස බව තම අපරදිග ලෝකයාට සුලෙයිමන් කියා දි ඇත්තේය.
එත් කථාව සේන රජතුමා වගේම සුලෙයිමන්ද අමතක වු කථාවක් වී ඇති සැටියය. හැමෝම බෙදී සිටින්නට විරුවන් සොයයි. බැදී සිටින්න විරුවන් ඇති රටක බෙදි සිටින්න විරුවන් කුමකටද?. දුගී බවේ සිටී අපේ පැරණි මිතුරන් සැපවත් බවට පැමිණ ඇත්තේය.
ක්වාලාම්පුර් සිංගප්පුර් වගේම බැංකොක් සිහින නගර වී ඇත. අනුර නුවර ලොවක් පාඩම් පොත කර ගත් නුවරය.
ඉතින් සුලෙයිමන්ගේ “ ද වොයෝජස් ඔෆ් ටු මොහොමඩියන්ස්” ( The voyages of two muhammadans) කෘතිය පළමු සේන රජතුමගේ රාජ දර්ශනය ද එකට පාදාගෙන කියවිය යුත්තේ එබැවිණි.
බෙදී දුගී වු ජාතියට බැඳී නැඟී හිදින්න මඟක් එතැන ඇත.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
වායාම පසුගිය ලිපි 33 මෙතනින්