සිරිලක හැම කල්හි ම වානිජ බලවේගවල මූල් බිමක් බවට පත් වී ඇත. එයට එක් හේතුවක් නම් රටේ පිහිටිමය. දෙවනුව සිංහලයා වෙළඳ ජාතියක් බවට

පත්වීමට ඇති අකමැත්තය. තෙවනුව රාජ්‍ය බලය වංශයෙන් වංශයට මාරුවීමේ වංශ දේශපාලනයය. සිවු වෙනුව රාජ්‍ය සම්ප්‍රදාය විටින් විට විවෘතවාදය ද සංවෘත වාදය ද බවට පත් වීමය. මේ අනුව සිංහල ඉතිහාසය එහි චිරාගත උරුමය මෙන්ම වානිජ බලවේග වලින් ද නිර්මාණය වී ඇති බව මැනවින් දැකිය හැකිය. විශේෂයෙන්ම අනුරාධපුර යුගය ග්‍රීක මිසර සහ කාශ්මීර් වෙළෙන්දන් විධිමත් ලෙස ව්‍යාපාර පිහිටු වු සමයකි. මෙලස ගලාගිය මෙරට වානිජ වෙළඳපොළේ ආයෝජනය කළ බලවත් ම බහු ජාතික සමාගම වුයේ “නා නා දේශී“ සමාගමය.


“නා නා දේශී සමාගම“ වූ කලී එකල ලොව සිටි බලවත් ම වෙළඳ ව්‍යාපාරිකයන් සමූහයක එකතුවක් වුහ. එම සමාගම ග්‍රීක, මිසර, චීන, ද්‍රවිඩ, ජාවක මෙන්ම කේරළ, මලයාලම් ජාතික බලවේග වලින් සැදුම් ලත් බහු ජාතික සමාගමකි. නමුත්, මධ්‍යයතන යුගය සමයේ නා නා දේශී සමාගමේ ආසියානු කොටස් වෙළඳපොළෙහි ආධිපත්‍ය අත්පත් කර ගත්තේ ද්‍රවිඩයන්ය. පසුව එය කාලිංඝයන් සහ කේරළයන් අතර තරඟයක් බවට පත්වූ අතර, පසුව දකුණු ඉන්දීය බලවේගවල දේශපාලන අණසක සහිතව ඉදිරියට පැමිණියේය.


නා නා දේශී සමාගමේ සිරිලක බලවත් ම සමය පොළොන්නරු යුගයයි. එයට හේතුව ඒ වන විට මෙරට නගර හා වානිජ තොටමුණු රැසක බහුතරය ද්‍රවිඩ ජාතිකයන් සතු වීමය. එමෙන් ම රාජ දේශපාලනය සඳහා වංශ උරුමය පසෙකට තල්ලු වී යූදකාමීත්වය ද ආර්ථික බලවත් භාවය ද පෙරමුණට ඒ මය. මේ සියළු තත්ත්වයන් තුළින් “නා නා දේශී සමාගම“ එක් අතකින් රට පාලනය කරන සුපිරි පංතියක් බවට ද පත් වුහ. නමුත් ඔවුහු කිසි විටෙක රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට තැත් නොකළ ඒ සඳහා බලවේග නිර්මාණ කිරීමට කටයුතු නොකළේ බලය වු කලී ආර්ථිකය ලෙස දුටු සම්භාව්‍යය අදහස නිසාය.

 

Ceylon History

Prasanna Weerakkody Art


කෙසේ නමුත් පළමු විජයබාහු රජු (ක්‍රි.ව. 1055 - 1110) විසින් මෙරට රාජ්‍ය ආරක්‍ෂාව සඳහා පෞද්ගලික සේනාංකයක් ස්ථාපිත කළේය. ඒ සමග සිරිලකට නව විදේශ ආයෝජකයන් පැමිණියේය. ඒ සිරිලක් රජය රකින ව්‍යාපාරයටය. එයම ඉන් මතු මෙරට රාජ්‍ය සම්ප්‍රදායයක් බවට වු අතර, රජු සහ දළදා වහන්සේ රැකීම විදේශීය වානිජ සමාගමකට පැවරිණි. ඒ අනුව මෙරට රාජ්‍ය ආරක්‍ෂක වැය ශීර්ෂය වූ කලී විදේශීය බහු ජාතික සමාගම්වලට කළ ගෙවිම්ය. මේ සඳහා වීරවලංජියාර්, වලංජියාර්, වනික් ග්‍රාම් ආදී සමාගම් ඉතිහාස තුළ කටයුතු කර ඇත.


මේ අතර පළමු පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජතුමා බලවත් විදේශීය ආයෝජන රැසක් රට තුළට ගෙන ආයේය. එම නිසාම එකළ මෙරට ප්‍රධාන රේගුව අයිති වුයේ බහු ජාතික සමාගමකටය. ඒ නා නා දේශී සමාගමටය. පළමු පැරකුම් මිය යාමෙන් පසු කිරුළු පැළීද ඔහු බිසව ලීලාවති රටේ මුළු මහත් නාවික තොටමුණුවල පාලනය ද නා නා දේශීන්ට පැවරුහ. මේ සමය වන විට ඉන්දීය සාගරයේ අරාබි චීන වෙළඳ බලය බිඳ වැටී ද්‍රවිඩ වෙළඳවාදය ජය ලබමින් තිබුණි.

image bf98b7b669

ඒ සමග “වානිජ ගම“ (වානිජග්‍රාමී) නමින් වෙළඳ නගරයක් බිහි විය. “වානිජ ගම“ වු කලී ත්‍රිකුණාමලය වරායේ සිට මහවැලි නදිය දිගේ විත් වානිජ යාත්‍ර එකතුවීමට තැනුනු නගරයකි. මෙම වානිජ ග්‍රාමය පිහිටුවේ මහියංගනයේය. එමෙන් ම එකළ පැවති නා නා දේශී, වීරවලංජියාර්, වලංජියාර් වන් සමාගම් සමග සිදු වූ ගණු දෙනු කදිමට විදහාපාන සෙල් ලිපි සමුහයක් හමුවේ. ඒ අතරින් සිංහල වානිජ ඉතිහාසය මැනවින් විදහාපානුයේ වාහල්කඩ වැව, කන්දපල්ල, ආනලුන්දාව කළුතර ආදී ප්‍රදේශවල පිහිටවා ඇති සෙල් ලිපි තුළිනි.

 

gal vihara polonnaruwa 768x512

පොළොන්නරු ගල් විහාරය

 

මේ සියළු සමාගම් සඳහා නිදහස් නගරය ලෙස “වානිජ ග්‍රාමය“ නිදහස් කර තිබුණි. මේ තුළින් නුතන අපට පසක් කරන අපූරුවක් ද සත්‍යක් ද වේ. එනම් බහු ජාතික ආයෝජන තුළින් ලද සාර අස්වැන්න අප ආඩම්බර වන පොළොන්නරු නටබුන් තුළින් දිස්වන බවය. ගල් විහාරය, පරාක්‍රම සමූද්‍රය, නිශ්ශංකලතා මණ්ඩපය, රන් කොත් වෙහර, මෙම බහුජාතික සමාගම් සමඟ කල වානිජ ගනුදෙණුවල අතිරික්තය ය. එත් මෙම වානිජවාදය පිළිබඳ සිංහල ප්‍රේමීන් තවමත් බියෙන් සලිත ව ඇති සැටි පුදුමය. ඉතිහාස අවධාරණයේ දී අතීතය විසින් ධනය උත්පාදනය කර ගැනීමට ලෝක වානිජ ප්‍රවාහයන් සිරිලකට කේන්ද්‍ර කර ගත් අරුමය පසෙක තැබීම ද එහිදී දක්නට හැකි වේ. කෙසේ හෝ “වානිජ ග්‍රාමය“ තනිකරම නා නා දේශී ජාතින්ගේ කෙළි බිමක් බවට පත්ව තිබේ.


එහි ඔවුන්ට අනන්‍ය රීතීන් වත් පිළිවෙත් සහ පැවැත්ම සඳහා නිදහසක් ද තිබි ඇත. මේ සියල්ලට ම ‘හෝපිටිගමුව සෙල් ලිපිය‘ සාක්‍ෂි දරයි. මේ අතර සිරිලක වානිජ වෙළඳපොළ අත්පත් කර ගැනීමට එක් එක් සමයන්හි විවිධ ජාතීන් පෑ හැකියාව සොයා ගත හැකිය. සැබැවින් ම වංශයෙන් වංශයට රාජ්‍ය බලය මාරු වන විට විදේශ වෙළඳ ප්‍රජාවන් ද ඒ මේ අත මාරු වී ඇත. මේ අනුව සිදුවන අපූරු හුවමාරුවක් වන්නේ නා නා දේශී සමාගමේ බල හුවමාරුවය.


අනුරාධපුර සමයේ ග්‍රීක බලයට නතුව තිබු නා නා දේශීන් පසුව මිසර බලයට ද අරාබි බලයට ද මාරුවුහ. පොළොන්නරු සමයේ දී “නා නා දේශී“ සමාගම තනිකර ම ද්‍රවිඩ බලයක් සපිරි වානිජ බලවතුන්ගේ සමාගමකි. වඩාත් පුදුමය “නා නා දේශී සමාගම පොළොන්නරු සමය තුළ විවිධ ස්වරූප දරණ ආකාරයය. පළමු පරාක්‍රමබාහු සමයේ කේරළ වානිජවාදීන්ගේද නිශ්ශංකමල්ලගේ සමයේ කාලිංඝ වානිජවාදීන්ගේද සහස්සමල්ල සමයේ මලයාලම් වානිජවාදීන්ගේ සහ ලීලාවතීගේ සමයේ ද්‍රවිඩ වානිජ වාදීන්ගේ ද ආධිපත්‍යයට නතු වුහ. වඩාත් අපූරුව ශතවර්ෂ ගණනක් මුළුල්ලේ පූරාතන ලෝකයේ
බලවත් බහු ජාතික සමාගම වූ නා නා දේශින් කවුරු ද යන්න සොයා ගැනීමය. සැබැවින් ම මෙලස සෙවීමේ දී කලින් කළ මෙරට බල හුවමාරුවේ තාලයට තම වානිජ තාලය වෙනස් කරගත් ආකාරයත් මෙරට වානිජ බලය පාලනය කළ ආකාරයත් මතුකර ගත හැකිය.


tfsimon oilpainting temple of the tooth ceylonනා නා දේශීන්ගේ හැසිරීම වඩාත් මැනවින් පෙනෙන්නේ ඔවුන්ට ආසියාවේ අන්‍ය රාජ්‍යවල ද ආර්ථිකය මෙරට මෙන්ම පාලනය කළ හැකි වීමෙන්ය. මේ සියළු දේ මැදින් නා නා දේශීන් නිසා මෙරට අග නගරවලට විදෙස් ජාතීහු පොකුරු පිටින් සංක්‍රමණය වුහ. ඒ නිසා මෙරට ජන කුල, ගෝත්‍ර, වංශ සංස්කෘතිය අලුත් උපතක් ලබා ගත් හැටි වෙනම ම කතාවකි. සැබැවින් ම නා නා දේශීන් සමග තරග කළ අනෙක් බොහෝ වානිජ සමාගම් මෙරට රාජ්‍ය පාලකයන් එහා මෙහා කිරීමට උත්සාහ දැරීය.


පොළොන්නරු රාජධානිය ද සමස්ත සිංහල රාජ සිරිත ද උඩු යටිකුරු කළ කාළිංඝ මාඝගේ නැගිටීම එහි ප්‍රතිඵලයකි.


නා නා දේශී සමාගම සමග පැවති වානිජ තරඟය නිමා වුයේ ඔවුන්ගේ තරගකාරී වෙනත් සමාගම් විසින් සිංහල රාජ්‍ය පදවියට තමන්ට නැටවිය හැකි රූකඩයකු පත් කිරීමට වෑයම් කිරීමෙනි. එත් පුදුමය නා නා දේශීන් මෙම අභ්‍යන්තර බල අරගල සඳහා සහාභාගි නොවීමය. ඒමගින් ප්‍රකට කෙරෙන්නේ නා නා දේශීන් සතුවූ සම්භාව්‍යය වානිජ සිරිතය.

 

මේ අනුව ඉතිහාසය පෙළින් පෙළ විමසමින් විඳමින් ඇවිද යන කළ මතු වන පැනයකි. ඒ නා නා දේශීන් කාගේ නිර්මාණයක් වී ද යන්නය. එය සොයා ගැනීම වූ කලී ලෝක ඉතිහාසය සොයා යාමකි. මන් ද? නා නා දේශීන් සිරිලක, භාරතය, චීනය, අරාබිය, මිසරය හරහා ද එකළ ප්‍රාථමික රාජ්‍යයන් වු ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය දක්වා පැතිර ගොස් තිබු බැවිණි. මෙවන් බහුජාතික වානිජ ජාලයකින් විසිතුරු සිරිලක වානිජවාදයට නා නා දේශීන් සොයා යාම ඉතිහාස විසින් පවරා දී ඇති මාවතක් වෙතැයි සිතනුයේ එබැවිණි.

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


වායාම පසුගිය ලිපි මෙතනින්


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්