අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි
බිහිවූ සාරවත් අධ්‍යාපන ආයතන පිහිටි කෙම්බිම් ද විය. ඒ වීදාගම මහා නේත්‍ර මූලය තොටගමුවේ විජයබා විද්‍යස්ථානය සහ කෑරගල පද්මාවතී මහ පිරිවෙන නිසාය. එමෙන්ම මෙම භුමී තුනම අසහාය සාහිත්‍යවේදී සංඝ නේතෘවරයාණන් වහන්සේලා තිදෙනෙකු ද බිහිකර භූමී ප්‍රදේශයන් ලෙස අද්විතීය වන්නේය. ඒ වීදාගම මහ මෛත්‍රීය තෙරිඳු, තොටගමුවේ රාහුල මහ තෙරිඳු සහ කෑරගල වනරතන මහ තෙරිඳු නිසාය. එබැවින් මෙම තුන් භූමින්ද මෙම චරිත තුන ද සිංහල සාහිත්‍ය ගැන අතීතවාදී අත්විදීමකදි හමුවී නුතනවාදි වන අයුරු දිස්වන්නේ නුතන කෝට්ටේ සමයේ දිවි ගෙවමින් සිතන පතන විටදීය. ඒ මන්දයත් නුතන කෝට්ටේ යුගයට අයත් මහා සාහිත්‍යය දහරා තුනද නියෝජනය වන්නේ මෙම අතීත භූමී තුන මතින් විමේ පුදුමාකාර සමානකම දුටූ විටය.
අතීත තොටගමුවේ ගුරු කුළයට අදාලව මාර්ටීන් වික්‍රමසිංහයන්, එදිරිවීර සරත්චන්‍ද්‍රයන්, ගුණදාස අමරසේකරයන්, රත්න ශ්‍රී විජේසිංහයන් වන් නුතන සාහිත්‍යය වේදීන් බිහිව ඇත්තේය. ඒ තොටගමුවේ මහ තෙරිඳු බිහිවූ තොටගමුව අවටින්ය. එලෙසම වීදාගම මහ තෙරිඳු බිහිවූ වීදාගම රයිගම් පුරයෙන් ජයසේන ජයකොඩි සූරීන්, ලේඛක කරුණාසේන ජයලත්, සාගර පලන්සූරිය කිවිඳු වන් පරපුරක් බිහිව ඇත්තේය. එමෙන්ම කෑරගලින් වනරතන මහ තෙරිඳු බිහි වූ අතීතය සේම නුතනයට මහගම සේකරයන් සහ කේ. ජයතිලකයන් වන් පරපුරක් බිහිව ඇත්තේය. මේ ඈත - මෑත අත්විදීම මෙලස සමානව ඇතිවිට ඒ ඈත - මෑත අත්විදීම තව තවත් සමාන වන්නා වූ සෙසු කරුනුද බොහෝය.
එකල්හි විදාගම මහ තෙරිඳු “බුදුගුණ අලංකාරය” පද බදිමින් ගෞතමයාණන් වහන්සේව නව මානයකින් ජන අවධානයට ගෙන එන්නේය. හරියට ඉන් සියවස් සතරකට පසු ජයසේන ජයකොඩී සූරීන් “අමාවැස්ස” පද බඳිමින් සුගත තථාගත සිරිත නව මානයකින් පෙරට ගෙන එන්නේය. “හංස සන්දේශය” තුළින් ලොව්තුරු රසභාව සපිරි සුලලිත සාහිත්‍යයක් බිහිකරන වීදාගම මහ තෙරිඳු සේම උන්වහන්සේ වැඩ සිටි භූමියෙන්ම ජනිතව ජයසේන ජයකොඩි සූරීන් “අරලිය මල් ආරාමය” හරහා සුලලිත රසභාව පූර්ණ නුතන ලොව්තුරු සිංහල සාහිත්‍යය බිහි කරන්නේය. එමෙන්ම වීදාගම මහ තෙරිඳු වැඩ විසු එකල්හිද ආර්්‍ය චක්‍රවර්ති හරහා ද්‍රවිඩ ජාතිවාදී බෙදුම්වාදයක් විය. එලසම ජයසේන ජයකොඩි සූරීන් හමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ බේදුම්වාදය විය. වීදාගම තොටුපලේ කතාව මෙලෙස වන විට තොටගමුවේ කතාවද එලෙසමය.
එමෙන්ම එකල්හි කෑරගල වනරතන මහ තෙරිඳු මහත් ශාස්ත්‍රීය පිවිසිමකින් නිර්මාණද විචාරද රචනා කළේය. මෙකල්හි එම භූමියෙන් බිහිවූ සේකරයන් හා ජයතිලකයන් ශාස්ත්‍රිය විචාරද නිර්මාණද බිහි කළේය. උතුරු අන්තවාදය දකුණු අන්තවාදය බිහිවන විට කෑරගල මහ තෙරිඳු සීල ගුණෝපිතව දිවි සිරිතෙහිම ඇලි ගැලී ශාස්ත්‍රී ශික්‍ෂාවෙන් අනුනව සිටියේය. මෙකල්හි ජයතිලකයන් ද උතුරු දකුණු අන්තයන් ගැටෙන දේශපාලන භූමියෙන් මිදී සාහිත්‍ය ශාස්ත්‍ර ශික්‍ෂාවේ ඇළි ගැලී දිවි ගෙවීය.
එකල්හි ශාස්ත්‍රීය උගතුන් වැනුවේ තොටගමුවේ රාහුල තෙරිඳුගේ පත-පොතය. වීදාගම තෙරිඳුගේ පත-පොතට රුචි බැන්දේ පොදු ජනතාවය. මෙකල්හි අමරසේකරයන් වර්ණාවට බඳුන් කරන්නේ ද ශාස්ත්‍රාලීය උගතුන්ය. ජයසේන ජයකොඩිද පොදු ජන වර්ණාවක් වී ඇත්තේය. එකල කෑරගල තෙරිඳු උගතුන්ද පොදු ජනයාද පිළිගත් අතර මෙකල කේ. ජයතිලකයන් උගතුන්ද පොදු ජනයාද පිළිගත්තේය. මෙලස තොටගමු, කෑරගල සහ වීදාගමීන් විහිද පැතිර එන ඈත මෑත සමානකම තවත් බොහෝ දිගුය.
එනම් සිංහල ජාතික හැඟීමෙන් සවන පරාක්‍රමබාහු රජ කරවීමට එකළ වීදාගම තොටගමුව එකට එක්වු සැටිය. එනම් එහි පෙරමුණෙහිම වීදාගම මෛත්‍රීය තෙරිඳු ද තොටගමුවේ රාහුල තෙරිඳු ද විය. මෙකල ඒ සිංහල වාදයෙන් බණ්ඩාරනායක පෙළපත ඔසවා තැබීමට වීදාගම පරපුරේ සාගර පලන්සූරියද, කරුණාසේන ජයලත්ද වු විට තොටගමු පරපුරින් මාර්ටීන් වික්‍රමසිංහයන්ද, සරත්චන්ද්‍රයන්ද, අමරසේකරයන්ද විය. එලෙසම එකල සිංහල වාදයෙන් සවන පරාක්‍රමබාහු ඔසවා තබන විට කෑරගල පරපුර ශාස්ත්‍ර ශික්‍ෂාවෙන් නිසලව සිටියේය. එලෙසම මෙකළ කෑරගල පරපුරද සිංහල ජාතිකවාදී උණුසුමට ගොඳුරු නොවී ශාස්ත්‍ර නිර්මාණව ශික්‍ෂාකාමී විය.
එමෙන්ම එකළ සිංහල ජාතිකවාදය සඳහා රජ වු සවන පරාක්‍රමබාහු ගමන විදාගම තෙරිඳු විවේචනයට බඳුන් කළේය. එයම වීදාගම පරපුරින් බිහිවූ ජයසේන ජයකොඩි සූරීන් සිදු කරන්නේ නුතන සිංහලවාදී දේශපාලනය තියුණු විමංසාවකට බඳුන් කරන “රයිගම් පුත්තු” රචනා කරමින්ය. මේ අතීතය යළි මෑත හා එක්වන තවත් තැනකි. එනම් වීදාගම තෙරිඳුගේ ලොව්තුරු සාහිත්‍යය මහත් විවේචනයට එකල්හි තොටගමුවේ පරපුර ද ලක් කළේය. එලසම ජයකොඩි සූරීන්ගේ නුතන සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රබල විවේචයෙකු වන්නේ අමරසේකරයන්ය. එබැවින් විදාගම පරපුර පිළිබඳ තොටගමුවේ පරපුරට තිබූ සාහිත්‍යය විවේචනය එකළ ද මෙකල ද සමානය. ඒ අතර එකළ විදාගම තෙරිඳු කෑරගල තෙරිඳුගේ සාහිත්‍යය තාලයට ගෞරව කළේය. ඒ ගෞරවය එලසම තොටගමුවේ තෙරිඳුටද විය. මෙය මෙකල ද එසේය. ජයකොඩි සූරීන් නිබඳව ජයතිලක මග ඇගයූ අතර, අමරසේකරයන්ද එම පිළිවෙතම දැරුවේය.
තොටගමුවේ කෑරගල සහ වීදාගම කතාවතේ තවත් සමානකම් බොහෝ ය. ඒ වීදාගම සාහිත්‍යය මටසිලිටු සුලලිත සහ සුගම වීමය. තොටගමුවේ සාහිත්‍යය භාවාත්මකය බරසාරය. කෑරගල සාහිත්‍යය දාර්ශනික තාලයක් ගැනීමය. අතීත සමයේ සේම මෙම සමයේද තොටගමු කෑරගල සහ වීදාගම සාහිත්‍යවේදීන්ගේ තාල-මාන මෙවැනිමය. එමෙන්ම එකල ජාතික පුනරුදයට මුල් වු මහා විද්‍යස්ථාන තුනක් මෙම තුන් භුමියේ ජනිතව තිබුණි. එසේම නුතන ජාතික පුනරුදයට මුල් වු විද්‍යස්ථාන තුනක් මේ තුන් භුමියේ බිහිවිය. ඒ තොටගමුව අතරින් දොඩංදූවේ කුමාරකන්ද පිරිවෙනය. කෑරගල අතරින් සිද්ධායූර්වේද විද්‍යාලයය ද, විදාගම අතරින් හොරණ ශ්‍රී පාලීයය. ඒ අතර ලක් රාජ දේශපාලනය ද මේ සාහිත්‍යය ත්‍රිකෝණය සමඟ බැදී ගලා විත් ඇති ආකාරය පුදුමය.
සේනානායක, බණ්ඩාරනායක දහරා කෑරගලින් මතුවන විට විදාගමින් කොතලාවල විජයවර්ධනද, ජයවර්ධන දහරා මතුවී ඇත. තොටගමුවේන් දහනායක, සි.පි. සිල්වා, කොල්වින්, වික්‍රමසිංහ දහරා බිහිව ඇත්තේය. අතීත කෑරගල එදත් මාධ්‍යස්ථ ධනවාදී රජුන් තැනු විට මෙදත් තනා ඇත්තේ එවැනි නායකයෝ ය. වීදාගම එදත් තනා ඇත්තේ මධ්‍යස්ථ ජාතික නායකයන්ය. අදත් එලසමය. තොටගමුව එදත් රැඩිකල් වාදී රජුන් තැනු ආර මෙදත් එලසමය. එබැවින් මේ තොටගමු කෑරගල විදාගම අතර සමාන තාල භාවය ගැන සිතා බැලිය යුතුය. මන්ද පූරාණ කෝට්ටේ සමයෙන් පසු යළිත් බිහිවු දිදුලන සිංහල සාහිත්්‍යික දහරා තුන ඒ මුල් බිම් මතින්ම බිහි වූ චරිත ඔස්සේ බිහිව ඇති බැවිණි. ඒ මන්ද යන්න විමසිය යුතුය.
සැබැවින්ම මෙම සාහිත්‍යය තොටුපලවල් තුනින් බැහැරව සාහිත්‍ය දහරා බිහිවී ඇත්නම් ඒ අහම්බයක්ද වැනිය. සැබැවින්ම අතීතයට අදාල චරිත තරමට වඩා උස් වූ සියළු නුතන චරිත එම භුමි වලට අදාල ජාත පුත්‍රයන්ම වී ඇත්තේ මන්ද? තොටගමුව වටේද, කෑරගල වටේද, වීදාගම වටේද සාහිත්‍යය ජීවය කැරකී ගෙතී බැදී උපත ලබා ඇත්තේ කෙලෙසද. මෙවැනි නිමිති ඉතිහාසවේදීන්ට නුහුරුය. එලසම ඉතිහාසවේදීන්ට මෙවන් ගැටළු විමසා ලබා දිය හැකි පිළිතුරක්ද නැත. එසේනම් මේ ඉතිහාසයෙන් ඔබ්බට ගොස් වීමසා බැලිය යුතු සංසාරික කරුණක්ද විය හැකිය. එබැවින් සංසාරය වීමසීමට ඉතිහාසය නිමිත්තක්ද, ඉතිහාසය විමසීමට සංසාරය නිමිත්තක්ද බැව් දැන් දැන් වැටහේ. එබැවින් කෑරගලින් ගලා එන්නේ ඓතිහාසික සංසාර තාලයක් බැව් මෙනෙහි වන විට එය තොටගමුවෙන් සහ වීදාගමින්ද මතුවී ගලා යන පොදු තත්වයන් බැව් හැඟී යන්නේය. මෙය මතු මතු ද ගලා යන බවට පෙර නිමිත ද දැකගත හැකිය.
මෙහි අපූරුවකි. එනම් ඓතිහාසික සංසාරිකත්වය අනුව අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි සාහිත්‍යය පරපුරු යළි එම භුමි තුලින් පූනරාගමන නොවන්නේ මන්ද? යන්නය. එවිට ඓතිහාසික සංසාරිකත්වයට කුමක් වී ඇද්ද? විද්‍යා චක්‍රවර්තීන් හෝ ගුරුළුගොමින් වන් සිරිතක් යළි එම භුමි වලින් උපත ලබා නොමැත්තේ මන්ද? ධර්මසේන හිමි වැනි සාහිත්‍යධරයන් යළි ඇතුල්ගල් පුරයෙන් ජනිතව නොමැත්තේ මන්ද? තොටගමුව කෑරගල සහ විදාගමට අදාල සංසාරික ඓතිහාසිකත්වය මෙලස අනුරාධපුරය හෝ පොළොන්නරු හා දඹදෙණිය හෝ කුරුණෑගලට සමාන නොවන්නේ කුමන හේතුවක් නිසාද?
සමහර විටක අනුරපුර පොළොන්නරුපුර හෝ දඹදෙණි කුරූණෑගල සාහිත්‍යය දහරා බැබළ වූ චරිත ද මෙම තොටගමු වීදාගම කෑරගල පූත්‍රයන්දැයි අප නොදනිමු. මන්ද පූජාවලිය, අමාවතුර, බුත්සරණ සහ ජාතක පොත් වහන්සේ පබැඳු ඒ සාහිත්‍යවේදීන්ගේ උපන් භුමි පිළිබඳ අපව නිසි තතු නොමැති නිසාය. මේ ඉතිහාසවේදීයෙකුට පරික්‍ෂාකර බැලිය හැකි තවත් අපූරු නිමිත්තකි. එමෙන්ම මෙවැනි ඉතිහාස සංසාරික කරුණු වලට අමතරව සාහිත්‍යය සඳහා සරුසාර ඉසුරුමත් බවද බල පාන්නේය. තොටගමුව කෑරගල සහ විදාගම ලැබූ මහත් භාගයක්වේ. එනම් අතීත කෝට්ටේ සමයේ සිට නුතන කෝට්ටේ සමය දක්වා විහිදෙන සියළු සමාජ දේශපාලන ආර්ථික පරිවර්තන පුනරුදයන් සිදුව ඇත්තේ මෙම ත්‍රිකොණය මැදි කරගෙන විමය. එම නිසා මෙම ඓතිහාසික ගලා එම අඛණ්ඩ ගමන් කිරීමට ඒමට මෙම කරුණ ද මුල් වන්නට ඇත. එනමුත් නුතන සාහිත්‍යයට තාල මාන වූ තොටගමුව කෑරගල සහ වීදාගම තාල මාන අරභයාය. සාහිත්‍යවේදීන්ට කතාබහක්ද නැත්තේය.
කෙසේ නමුත් සිරිලක සංස්කෘතික ත්‍රිකෝණය නම්ව ඇත්තේය. ඒ අනුරපුර පොළොන්නරුව සහ මහනුවර මතින්ය. එලසම තේ ත්‍රිකෝණය, පොල් ත්‍රිකෝණය, රබර් ත්‍රිකෝණය සහ වී ත්‍රිකෝණයකි. එත් කිසිවෙක් තවමත් සිරිලකට සාහිත්‍යය ත්‍රිකෝණයක් නම් කර නැත. එත් විමසා බැලු කල්හි සිරිලක “සාහිත්‍යය ත්‍රිකෝණය” තොටගමුව, කෑරගල සහ වීදාගමය.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
වායාම පසුගිය ලිපි මෙතනින්
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,