හැමෝම කියනවා නායකයා කියන්නේ නැමෙන සුළු චරිතයක් විය යුතු බව. නායකයා හැම විටම ජනතාවගේ අභිමතයට අනුව වැඩ කළ යුතු බවත් ප්‍රචලිත

මතවාදයක්. සැබෑවටම එහෙම කෙනෙක් නායකයා විදියට භාර ගන්න ජනතාව කැමතියි. ඒත් විමසා බලන්න අවශ්‍යම දේ තමයි එහෙම කෙනෙක්ට රාජ්‍ය නායකයෙක් විය හැකිද කියන එකය. හැමෝටම නැමුණු හැම විටම ජනතා අභිමතය විසින් තෝරා ගත්ත නායකයන් බොහෝ ගණනාවකගේ අත්දැකීම් තිබෙන රටක් මේ ගැන හිතන්න අවැසිමය.


නැමෙන බව හා ජන අභිමතය  ගැන තිබෙන මේ මිත්‍යාව බොහෝ ප්‍රබලයි. ලංකාව බෞද්ධ රටක් විදියට තදබල ප්‍රචාරණ වාදයක් කාවද්දා ගත් සමාජයක් බව සත්‍යයකි. ඒත් පුදුමය නායකයා ලෙසට තෝරා ගන්නා පුද්ගලයාට අදාලව බුදුන් වහන්සේ දේශිත රාජ්‍ය තාන්ත්‍රික දැක්ම කිසි විටෙක අදාල කර නොගන්නා සැටිය. මෙවන් අමුතු හැටියක් ලංකාවේ විදිය වුනේ කෙසේද?  නායකයා කියන්නේ කවුද? නායකයා “රාජ්‍ය නායකයා ” බවට පත් වන්නේ කෙසේද? මේ ගැන තථාගතයන් වහන්සේ කියා දී ඇති කිසිම කරුණක් නායකයන් රාජ්‍ය නායකයන්, ලෙස තෝරා ගැනීමේදී නිර්ණායක ලෙස හෝ විමසා බැලීමක් බවට පත් වී නම් නැත්තේමය.


රාජ්‍ය නායකයා පිළිබඳ චක්කවත්තී සීහනාද සූත්‍රය සිට තථාගතයන් දේශිත ධර්මයේ දීර්ඝ හා දාර්ශනික වියමනක් ඉදිරිපත් වේ. එය ප්‍රායෝගික තලයේ  කෙතරම් හැඟුම්කාරකද යන්න භාවිතාව සමඟ පාහා බලද්දී වටහා ගත හැකිය.

 

දැන් බුදුරජාණන් වහන්සේ හැම විටම යෝජනා කරන පාලකයා වූයේ “රාජ්‍ය පාලකයා ” ය. ඔහුගේ තවත් ගුණයක් සේ උන්වහන්සේ කියා  සිටින්නේ “‍අත්ථඤ්ඤූ ගුණය ” සහිත විය යුතු බවයි. මෙන්න මේ ‍අත්ථඤ්ඤූ ගුණය ඔස්සේ තථාගතයන් වහන්සේ ජනතාවාදය එසේ නැත්නම් ජනතා අභිමතය, නැමෙන සුළු පාලකයා, සියළු දෙනාගේම අදහස් පිළිගන්නා නායකයා පිළිබඳ මිත්‍යාව පුපුරවා හැර ඇත. සැබවින්ම රාජ්‍ය නායකයා එසේම විය යුතු නැති බවයි ගෞතමයන් වහන්සේ රාජ්‍ය පාලනයට කියා දී ඇති මාවත.

 

මෙසේ කී විට ධනවාදයේ ලිබරල්වාදයේ ජාතිකවාදයේ සමාජවාදයේ සිට හැම පෙරමුණක්ම විතරක් නොව සිවිල් සමාජ බලවේගත් කැළඹී යනු ඇත. මන්දයත් මේ හැමෝම හොයන්නේ සියල්ලට නැමෙන ජනතා අභිමතයට පාහා ගන්න නායකයෙක්. මේ සංකල්පය නම් ඍජු ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන මිත්‍යාවම තමයි. ලස්සන අදහසක් වුවත් රාජ්‍ය තාන්ත්‍රික භාවය කියන විෂයට මේ ජනකාන්ත මිත්‍යාව අදාල නැත. ඒ බව පසක් කරවන්නේම තථාගතයන් වහන්සේමය. ඒ අනුව ඍජු ප්‍රජාත්‍රාන්ත්‍රවාදය හා අභිමතය නිර්භවයම ප්‍රථමව ප්‍රශ්න කොට සංයුක්ත උත්තරය උන්වහන්සේ දී ඇත. ඒ  “‍අත්ථඤ්ඤූ ගුණය ” හඳුන්වා  දීමෙන්ය.

 

buddha.gradient.freepik


රාජ්‍ය නායකයා විය යුත්තේ කිසිවෙකුට පාලනය කල නොහැකි “ රාජ්‍ය ධර්මතාව ” පසක් කොට ගත් පුද්ගලයාය. ඔහු යුක්තිය ඉෂ්ඨ කල යුත්තේම රාජ්‍යත්වයටය. රාජ්‍යය වූ කලී ඒ රටේ ජීව පැවැත්මය. ඒ කීවේ මානවයන් සත්වයන් ගංඟා, ගහකොළ ඇළ දොල ආදී භූමී සම්පත් සියල්ලටමය. මේ නිසා මැති ඇමතිවරු,  භික්ෂුන්, පූජකයන්,  උපදේශකයන් ජනතා නියෝජිතයන් ලෙස කවරෙක් කවර උපදෙස් දෙනු ලැබූවද රාජ්‍ය නායකයා රාජ්‍ය ධර්මතාව පසක් කර ගෙන රාජ්‍යය පාලනය කළ යුතු බවයි, උන්වහන්සේ මේ ‍අත්ථඤ්ඤූ ගුණය ඔස්සේ කියා සිටින්නේ.  

 

රාජ්‍යය මතු මත්තේ පවත්වා ගැනීම හා එහි අනාගතය පිළිබඳව රාජ්‍ය ධර්මතාව මනාව දන්නා රාජ්‍ය තාන්ත්‍රිකත්වය බුදුරජාණන් වහන්සේ ඔසවා තබයි. එමෙන්ම උන්වහන්සේ එය පාලකයාගේ පළමු ගුණය ලෙස මෙම ධර්මාර්ථයෙන් අර්ථ ගන්වයි. මේ අනුව නායකයෙක් රාජ්‍ය පාලකයා වන්නේ නම් රාජ්‍ය පාලනය විෂයෙහි හොඳ නරක දන්නා පුද්ගලයා විය යුතුමය. කවරෙකුට හෝ නැමී යාම ඔහුට අදාල නැත. කවර අදහස් උදහස් මති මතාන්දර කන් දුන්නද ඔහු කළ යුත්තේ රාෂ්ඨීය ධර්මතාව බව කියා දීමෙන් ගෞතමයන් රාජ්‍ය බලය පිළිබඳ කදිම අර්ථයන් පෙන්වයි.


එනම් රාජ්‍ය පාලකයා “ රාජ්‍ය ධර්මතාව” තුළින් පරිණත වී බිහි වූ අයෙක් විය යුතු බවය. ඔහුට තම සමීපතයන්ගේ මති මතාන්දර යැයි යමක් නැති බවය. තමන්ට අභිමත නායකයන් සොයා ගැනීමට ජනතාව දරණ වෑයමද නිෂ්ඵල බවය. ඒ අනුව රාෂ්ඨිය නායකයා බිහිවන්නේ ජනතා අභිමතයන් අනුව නොවන්නා සේම නායකයන් වූ පමණින් රාජ්‍ය නායකයන් විය නොහැකි බවය‍. රාජ්‍ය නායකයා යනු “ රාජ්‍ය ධර්මතාව ” තුළින් මතුවන්නා වූ ධර්මතාවක් බවය.


නමුත් දැන් ප්‍රශ්නය වන්නේ එවැනි පාලකයෙකු වෙනුවට නූතන ලංකාව බොහෝවිට අත්හදා බලා ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල පාලකයන් බවයි. ජනතාවට වගේම උගතුන්ටද, ආගමික නායකයන්ටද අවශ්‍යව ඇත්තේ තමන්ට නම්මවා ගත හැකි නායකයෙක් සොයා ගැනීමටය. ලංකාවේ ප්‍රශණයේ ඇත්ත තැන මෙතනය. ඒ නිසා නායකයන් බැලුවේ ජනතාව උගතුන් ආගමික නායකයන් නම්මවා ගත හැකි තැනය. ජනතාව, උගතුන්, ආගමික නායකයන්, සිවිල් බලවේග බලන්නේ තමන්ට නැවෙන නායකයාය. අවසානයේ දෙගොල්ලන්ම දෙගොල්ලෝවම අන්දවා ගත්තේය.

 

ප්‍රතිඵලය වූයේ දියුණුම ශාස්තෘවරයාගේ සරණ ගිය රටක් ජන සමාජයක් නොදියුණු සමාජයක් රටක් බවට පත්වීමය. තමන්ට නැමෙන තමන්ට අභිමත නායකයන් බිහිකර තමන් උපන් රටින් පිටවී යෑම එකම විකල්පය ලෙස භාවිතාවට ගත් ජනතාවකි. “ ‍අත්ථඤ්ඤූ ගුණය ” ගැන දේශපාලනයේදී තබා ශ්‍රමණ උපදේස නමින් වත් අපට අහන්නට නැත්තේ ඒකය. මේ සියල්ල ත්‍රිපිටකයේ සිරගත කොට බුදුවදන නමින් මිත්‍යාවම දේශපාලනයට ගෙන වන්දනාවට තබා තිබේ.

 

 

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්