රාජ්‍යය ගැන දිගට ඇදි යන කතිකාමය කලාපයේදි හමුවන බුදු වදන්, සරල බසට ලිහාගෙන යා යුත්තේය.

එසේ සරල බසට ලිහා සුද්ද කරන්න තරමට බුදු වදන් නොතේරෙන ප්‍රහේලිකාවක් නම් නොවේ. එත් බුදුන් වහන්සේගේ බස පෙරලා ගන්නේ ගැඹුරටමය. එය සිදුකර ඇත්තේ බුදු බස ජන බසට වටහා ගැනීමට නොහැකි ලෙස යැයි විටෙක සිතේ.



කෙසේ වූවද බුදුන් වහන්සේ මේ තරම් දිගුවට රාජ්‍යය, ජනතාව සහ රාජ්‍ය පාලකයා ගැන වටහා දිමේ දීර්ඝ උත්සාහයක් දරා ඇති හේතුව කුමක්ද?නොවේනම් ඒ මන්ද යන්න අප සිතා බලාවත් නැත.



ශ්‍රමණ සමාජය මෙන්ම උගතුන් පවා දිරි දෙන්නේ ශ්‍රාවක ශ්‍රාද්ධාභක්තියටමය. වඩාත් පුදුමය බොහෝ දේශපාලකයන්ද වඩාත් ශ්‍රාවක ශ්‍රාද්ධා භක්තියට බෝහෝම ප්‍රියය. එම නිසා කාටත් වඩා දේශපාලඥයන් හා ජනතාව බුදුන් වහන්සේගේ දේශපාලන කතා සාරයන් ගැන දන්නා බවක් නැත. බුදුන් වහන්සේ වදාල දේශනා සාරය දන්නා කවර ජන නායකයෙකු දෙස හෝ බලා තේරුම් ගැනීමට එම නිසා ජනතාවද මැළිවී ඇත. දැන් ප්‍රශ්ණය එසේ වුනේ මන්ද යන්නය.

රාජ්‍ය පාලකයා විය යුත්තේ කවුරුන්දැයි බුදුන් වහන්සේ මේ තරම් දීර්ඝව පහදා දී තිබියදි, එය එසේ නම් බැහැරව ගිය හේතුව කුමක්දැයි ලිහා ගත යුතුය. පළමුව එය ලිහා ගැනීමට පෙර බලා විමසා සිතා තේරුම් ගත යුත්තකි. එනම් සියල්ල අතහැර පරම නිවීමක් ගැන දේශිත තථාගත ශාස්තෘන් වහන්සේ, කෙලෙස් වලින් පිරී ඉතුරුණු දේශපාලනය ගැන මෙතරම් කතිකා කර ඇත්තේ මන්ද යන්නය.



සැබැවින්ම පරම නිවීම සොයාගත හැක්කේ, පරම කාමභෝගියෙකුටයැයි බුදුන් වහන්සේ කියා දී ඇත. ඒ කියන්නේ ලෞකික ඉන්ද්‍රීය පිනවා නොගත් කිසිවෙකුට ‘නිවීම’ හමු නොවන බවය. එය තථාගතයන් වහන්සේම සරලව කියා දී ඇති උන්වහන්සේගේම ධර්මයහි පදනමයි.



සැබැවින්ම පරම නිවීම සොයාගත හැක්කේ, පරම කාමභෝගියෙකුටයැයි බුදුන් වහන්සේ කියා දී ඇත. ඒ කියන්නේ ලෞකික ඉන්ද්‍රීය පිනවා නොගත් කිසිවෙකුට ‘නිවීම’ හමු නොවන බවය. එය තථාගතයන් වහන්සේම සරලව කියා දී ඇති උන්වහන්සේගේම ධර්මයහි පදනමයි. ඒ කියන්නේ වින්දනය කළ තැනැත්තා අදීනය දන්නා බවත්, අදීනය දන්නා පුද්ගලයා නිස්සරණය හෙවත් අත්හැර දැමිය යුතු තැන දන්නා බවත්ය. මේ නිසාම මානව සමාජයකට නිවන සොයන්නට නම්, එම සමාජය ප්‍රථමව ලෞකික සාරත්වයේ ඉම තරණය කළ යුතුවේ. එම නිසා  ලෞකික සුඛය ලබාදෙන මානව ප්‍රාර්ථනාව රාජ්‍යය බව තථාගතයන් වහන්සේ කියා දෙයි.

ඉන්ද්‍රීය සංවර වන්නේ ඉන්ද්‍රීය පිනවීමට දරණ වෑයමේදීය. ඉන්ද්‍රීය අපේක්ෂා ආශා සමඟ ඉලක්කගත ස්ථානය රාජ්‍යය. ඉන්ද්‍රීයන් පිනවීමට මඟ තනා දෙන තැන රාජ්‍යය. රාජ්‍යය එසේ කළ යුත්තේය. ලෞකික පාලකයා දෙවියන්ගේ නිර්මාණයක් නොව මානව ප්‍රජාවේම නිර්මාණයක් යැයි බුදුන් වහන්සේ කියා දෙන්නේ එබැවිනි.

එත් පුදුමය ලෞකික සතුට ජනතාවට ලබා දීමට අපොහොසත් පාලකයන් සමඟ ජනතාව ගණුදෙනුවට යෑමය. බොහෝ පාලකයන්ද  ලෞකික සතුට තමන් සතු කරගෙන ලොව්තුරු බණ ජනතාවට කියාදුන් අපුරුවය. මේ අධර්මයේ හොදටම වැටී ධර්මය වල්ගයෙන් අල්ලාගෙන, ධර්මයේ හිස තමන්ගේම පයට පාගගත් රටක් සේ ලංකාව ප්‍රයෝගික තලයේ ජය ලබා අති සැටිය. එනම් ඉන්ද්‍රීය සතුට අත්දකින්නට නොහැකිව නිවන් යන්න සිහින මැවීමෙන්ය. ඒ නිසා ලංකා රාජ්‍යය නිවනම පතමින්  මියදෙන රටක් බවට අවසානයේ පත්විය.

නිවන් ගිය රහතුන් තමන් යැයි කියා ගැනීම හොදම මුදලාලිලා බිහිවන තරමට කරුණු ව්‍යාකූලව ඇත. ධර්මය අල්ලාගෙන ඇත්තේ හිස පාගා වල්ගයෙන් බවට තේරුම් ගන්නට මේ විපරිතය හොදටම ඇතිය. ගණිකාවට පිළිගැනීමක් නොදෙන්නේ ද බුදු දහමේ  නමින්ය. එත් පුදුමය හොරාට ගණිකාව අවභාවිතා කිරිමෙන් අපේ සමාජය පෙරමුණේය.  හොදට හෝ නරකටවත්  මධුපානය නරකය. ඒකත් බුදු දහම නමින්ය. අහෝ එනමුත් පුදුමය බේබදුකමින් ලාංකික බෞද්ධයන් ලොව මුදුනේය. නිතරම ‘කාලෝ අයංතේ’ කියයි. එනම් නිසි කාලය එළඹ ඇති බවයි. ඒත් කිසිවෙකුට වේලාවට වැඩ කිරීමට බැරිය. හැම නාලිකාවකම පිරිත්ය. හැම තැනම බණය, හැම තැනම බුදු වදන්ය. නිවී සැනුසුන සන්සුන් බවක් නැත. මේ රට මෙතරම් අසරණව අන්ධව ගියේ මෙසේය.

මේ ගැන කතාව දිගය. ඒ දිගු කතාව හැදෙන්නේ ධර්මය වල්ගයෙන් නොව හිසින් අල්ලා ගන්නා මෙන් බුදුන් වහන්සේම කීව ඔවදන ලංකාවේ බොහෝ නායකයන් බෞද්ධයන්  පිළිනොගන්නා නිසාය. මේ ගැන අවබෝධය බුදුන්වහන්සේට මනාකොට තිබෙන්නට ඇත.  නායකයන් හා මහජනතාව යනු එවන් ජන කොට්ඨශයක් බවට පත්වන බව, උන්වහන්සේ අවබෝධ කරගෙන සිටින්න ඇත. දේශපාලඥයෙකු වූ සිද්ධාර්ථ කුමාරයා මෙය වඩාත් හොදින් වටහා ගන්නටද ඇත.

ඒ නිසාම ලෞකික සුවයෙන් මානවයාට නොලැබෙන සුවයට උත්තරය සොයාගත් තථාගතයන් වහන්සේ ලොව්තුරු සුවය දකින්නට ලෞකික  ලෝකය සොයාගත යුතු බව වටහා දුන්නේය. එබැවින් උන්වහන්සේ රාජ්‍ය පාලකයා  ජනතාව හා දේශපාලනය ගැන දිගුවට දේශනා කර ඇත. ඒ දිගු දේශනා අතර, රාජ්‍ය පාලකයා යනු සුවිශේෂි ගුණ පහක් ඇත්තෙකි. උන් වහන්සේ එය සවිස්තරව කියා දෙයි. ලොව පහල වන මිනිසුන් අතර, ආශ්චර්යමත් මිනිසෙකු බවට පත්වන පරමාදර්ශි පාලකයා බිහිවන්නේ මේ කාරණා පහ තුලින් බවට කියන කතාවේ ‘ධම්මඤ්ඤු නායකයා’ ලෙස උන්වහන්සේ පවසන්නේ එවන් තවත් ගුණයකි. ඒ කියන්නේ ධර්මය මනාකොට තේරුම්ගත් වටහාගත් පුද්ගලයා රාජ්‍ය පාලකයා විය යුතුය බවය. ධර්මය දන්නා පාලකයා හෙවත් ‘ධම්මඤ්ඤු නායකයා’ ජනතාවට ධර්මය වල්ගයෙන් අල්ලාගන්නට ඉඩ නොදෙයි. ධර්මය හිසින්ම අල්ලා ගන්නට මඟ තනා දෙයි. ධර්මය දක්නට බාධව වූ ලෞකික පිපාසය සංසිදුවා දෙයි. ඒ කියන්නේ පංචේන්ද්‍රීය සතුට උදාකර දිමේ ලෞකික මෙවලම විදිහට රාජ්‍යය තනා දෙති. ධර්මය දන්නා හෙවත් ධම්මඤ්ඤු ගුණැති රාජ්‍ය නායකයා  ජනතාවගේ ලෞකික සතුට උදාකර කරන්නේම ඔහු ජනතාවගේ ලොව්තුරු මාවත සොයා දෙන්නා බවටද පත්වෙමින්ය.  

ධම්මඤ්ඤු රාජ්‍ය නායකයා තමාගේ ගුරුවරයා මඟ පෙන්වන්නා ලෙස පිළිගන්නේ ධර්මයය. ඔහු ධර්මය අභිබවා අධර්මය හෙවත් මිත්‍යාව පැතිර වීමට ඉඩ නොදෙන්නකි. ධම්මඤ්ඤු රාජ්‍ය නායකයකු සහිත රාජ්‍යය නිර්වාණ අභ්‍යාසයේ පරමාදර්ශය හෙවත් පතිරූප දේශය ලෙස බුදුන් වහන්සේ වදාරන්නේ එබැවිනි. ලංකාව දැන් ධම්මඤ්ඤු නායකයා දෙසට හැරිය යුතුය.


Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්