පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය එක සමානව පිහිටි මානව වංශය අර්ධනාරින් ලෙස අතීත පවත් වල ලියැවී ඇත.එවිට අර්ධනාරීන් ජීව කොට්ඨාශයක් මෙන්ම මානව ජන වංශයක් බවත් ඔවුන් සමාජ තීරුවේ සමාන අයිතීන් සහිතව
ජීවත්වූ සමාජ සම්මතයන් බවත් තහවුරු වේ. මේ තහවුරු වීම දිව්‍යමය ගෞරවයට හා වන්දනීය පූජාවට ලක්වූ අර්ධනාරී දේව සම්ප්‍රදායයන් සේ අනුරාධපුර යුගයේ හමුවේ.
අලංකාර ජීව ප්‍රවාහයක් සේ ජන සංස්කෘතියේ විහිදී ඇති ලාංකික අර්ධනාරීන්ගේ ඉතිහාසය මහත් ආලෝක ධාරාවක් එක් කරමින් නූතනයට අප ඉදිරියට පැමීණ තිබේ.
මකා දැමීමට නොහැකි අයුරින් ඉතිහාස විත්ති නූතනයට කථා කරමින් අර්ධනාරීන්ගේ ලාංකික පරිච්ඡේදය දිග හැරී ඇත. එහෙත් පුදුමය ඒ ගැන ඇති ගැඹුරු නිහඞකමය. ලාංකික සමාජයේ බහු විවිධත්වය සහ එකිනෙකට වෙනස් ලිංගික දිශානතීන් කෙරෙහි පවා පැවති සහනශීලි සමාන ඇගයුම් සහගත සහකම්පනය අර්ධනාරි වංශය පෙන්වයි.
එහෙත් ලාංකික සමාජ ප්‍රවාහයහි කදිම කතන්දරයක් විද්‍යාමාන කරන මේ වටිනා සාක්ෂිය ගැන මේ තරම් නිහඞව සිටින්නේ කිමද. ලෝකය ඉදිරියේ ලාංකිකත්වයේ සාඩම්බර බහු විවිධත්වයට සමාන සමමිතික සමාජය පෙන්වන මේ ඉතිහාස සාක්ෂිය ලොව ඉදිරියේ ඡේදයක් සේ පෙරට ගෙන ආ යුතුය.
අභයගිරි විහාර පාර්ශවයේ භූමිය තුල වැළලී තිබූ අර්ධනාරී ප්‍රතිමාව මෙරට වැසි අර්ධනාරී ජීව ලාලාසවන් සහිත ජාන ප්‍රජාවන්ගේ ආධ්‍යාත්මයේ සංකේත වූ බව පැහැදිළිය. මෙම වටිනා මූර්තිය බෞද්ධ විහාරයක ස්ථාපිත වී තිබීම මඟින් පෙන්වන්නේ කුමක්ද. බුදුන් වහන්සේගේ ධර්මය මනාව සමාජ ජීවන ශෛලීන් සමඟ බැදී, එය රාජ්‍ය පාලනය සමඟ දහමක් සේම ජීවමානව තිබූ වතාවරණය.
බුදු දහම ආගමික ආකෘතියට යටත් නොකොට ආගම් වලින් වියුක්තව තබා ගත් අපූරුවය, ඒ වගේම සමාජ භාවයන් සම්භවයන් එකිනෙක විවිධ බවත්, එම විවිධත්වයම සමාන ජීව අයිතීන් සහගතව පිළිගන්නට රාජ්‍යය සමාජය දැක්වූ සහනශීලි ඇගයුම් සහගත සුහදත්වයය. අර්ධනාරී මූර්තිය සමඟ වන්දනාමය සංස්කෘතියක් තිබීමෙන් පෙන්වන්නේ අර්ධනාරි වංශය, තමන්ගේම ජීවන විලාසිතාවන් ක්‍රමයක් පවත්වා ගන්න සමත් වූ ආකාර යැයි සිතිය හැක.
ඒ වගේම අර්ධනාරි රුව පෙන්වන තවත් කදිම මතු කිරිම් වේ. එනම් ලාංකික මුර්ති කලාව තුලින් තම ජීව ස්වභාවමය අන්‍යතාවය පෙන්වන්නට අර්ධනාරීන් සමත් වීමය. ඒ වගේම අර්ධනාරීත්වය වෙනුවෙන් අභයගිරිය පූජාසනයක් වෙන් කිරීමෙන් කියා සිටින්නේ තවත් කතාවකි. ඒ කථාව ලංකා ඉතිහාසයේ අප නොදන්නා කතා ඉමකට කැඳවාලීමක් වැනිය. අභයගිරිය ඇත්තටම අර්ධනාරීන්ගේ මූර්තිය ස්ථාපිත කිරීමට ඉඩ දුන්නේ මන්ද.
ඉතිහාසය යනු අද සිට අතීතය තීරණය කිරීම යැයි බොහෝ අය වටහාගෙන ඇති දුරාබෝධමය පිහිටීමකි. සැබැවින්ම ඉතිහාසය අද මත එදා තීරණය කරන මෙවලමක් නොවේ. ඉතිහාසය මත අද තීරණය කිරීමද එයට ඇති උත්තරය නොවේ. ඉතිහාසය යනු ඉතිහාසය මතම අවදිව බලා තේරුම් ගත යුතු විෂය පථයකි. මෙවන් කාරණා පමණක් නොව, කවර කාරණයක් වුවද බැලිය යුත්තේ ඉතිහාසයේ එම මොහොතට අදාලවය.
ලාංකික සමරිසියන් ගැන කථාවක් සොයා ගන්න බොහෝ අය වෙහෙසේ. එසේ අමුතු කථාවක් ලංකාවේ ඔවුන් ගැන නැත. මන්ද ඔවුන් අන් ජීව ප්‍රජාවන්ගේ වෙනස් වූ ජාන ප්‍රජාවන් සේ හෝ අන් ජාන ප්‍රජාවන්ට වඩා පහත් හෝ උසස් යැයි වටහා ගැනීමක් අතීත ලංකාවේ නැත. එමෙන්ම ඔවුන් ප්‍රජාවක් සේ අන් ජන ප්‍රජාවන්ගෙන් උඩින් තබා ගැනීමක්ද ලංකාවේ අතීතයට අදාල නැත.
එම නිසා අර්ධනාරීන් අභයගිරියේ සිටියේ මන්දැයි විමසා බැලුමට නූතන භේද අදාල කර ගත යුතු නැත. ඒ වගේම ඔවුන්ගේ ප්‍රජාව ගැන ලංකාවේ වංශ කතා නිහඞ යැයි සිතා මතවාද හැසිරවීමට යාමද නිෂ්ඵලය. මන්ද තහනමක් පලවා හැරීමක් නොමැති පිරිසක් ගැන විශේෂයෙන් ලියන්නට දෙයක් නැත. එවන් අවතක්සේරුමය හැඟීමක් නොතිබුණු බව මෙම අර්ධනාරී මූර්තියම කියා සිටී.
දැන් බැලිය යුත්තේ මෙම අර්ධනාරී මූර්තිය පොළෝ ගැබේ සැඟවී තිබී හමුවී තිබුණද ඒ ගැන කතිකා කළාපය අවධි නොවන හේතුවය. මේ නොදන්නා කම යැයි සිතිය සිතිය හැක. එය හමුවූ දා පටන් එය ජනගත මතයක් සේ ප්‍රචලිත කිරීමට ප්‍රවේශයක් නැත. ඒ වගේම නූතන ලාංකික සමාජයේ සමකාමී අර්ධනාරීන් ඒ ගැන නිහඩව සිටී. ඔවුන් පවා තම ජීව ලාලාසවේ උරුම වස්තුව ගැන නිසි අවබෝධයක් නැති සැටියක් පෙන්වයි.
මෙම මූර්තිය ගැන කලා විශාරදයන් සෞන්දර්වාදීන්ගේද හැඟීම් සොයා බැලීම් නැති තරම්ය. මේ පෙන්වන්නේ නූතනය සහ අතීතය පරයා දියුණු වී ඇති සැටියේ තරමය. අතීත මිනිසා අර්ධනාරිය රාජ්‍යයේ ප්‍රධාන ආරාමයේ නෙලා වන්දනාවට පාත්‍ර කර ඇත. නූතනයන් ඒ කෞතුක වස්තුව පවා සමාජගත නොවන සේ මතකයෙන් බැහැර තබාගෙන සිටී. කාලය විසින් චිත්තනමය ලාංකිකත්වයේ බහුත්වය බිඳ දමා ආගමික එකඟත්වයක් කරා ගෙන ගොස් ඇති සැටි මෙයින් පෙන්වයි. එම සීමා කම ගැන සිතීමකට අර්ධනාරී මූර්තිය විසින් මොහොත උදාකර ඇතැයි සිතන්නේ එබැවිනි.
ක්‍රි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජතුමා ස්ථාපිත කරන රති දෙවොල, ලංකාව තුල තිබූ භාව විවිධත්වය පෙන්වයි. “රති දෙවොල” තවමත් පුරාවිද්‍යාත්මකව සොයා ගැනීමේ මෙහෙයුමක් දියත්ව නැත. මෙහෙයුමක් තබා එය ගැන ඇති නිරවුල් වංශ කෘති මූලාශ්‍රය පවා ප්‍රචලිත කිරීමට යත්න දරා නැත. රති දෙවොලට සියවස් හයකට පමණ පසු අභයගිරි විහාර සංකීර්ණයේ ඉදිකර තිබූ අර්ධනාරී මූර්තිය හමුවේ. එය හමුවන්නේ අර්ධනාරි සොයන්නට කල කැණීමකින් නම් නොවේ. පොදු කැණීමකදී ඒ වටිනා මූර්තිය පුරාවිද්‍යාඥයින් සතුවේ.
මෙම අර්ධනාරී රුව පිළිබඳ කතාව වඩා වැදගත් එහි ඉතිහාසය ගැන මිතයන්ගේ වංශයේ පපුවේ පවත් වල ඇති සඳහන් නිසාය. අර්ධනාරීන් පිළිබඳ දීර්ඝ ප්‍රවාදයක් ජන අන්දර වල සටහන්වේ. ඒ අර්ධනාරීන්, ස්කන්ධ කුමාර හෙවත් කතරගම කදිර දෙවියන් ලෙස හඳුන්වන දේව මෙහෙයට එක්වීම නිසාය. ඔවුන් කතරගම පෙරහැර සමයට වෙනම කතිකාවක් හරහා චාරිත්‍රයට පේවේ.
ලංකාවේ මයුර නැටුම් වලට උපත දෙන්නේද අර්ධනාරීන්ය. අර්ධනාරීන්ගේ මෙම කතා මෙතුවක් කල් බැහැරව තැබුවේ අතීත මායාවන් සේය. මිත්‍යා මතිමතාන්තර සේය.
මේ පුළුල් අලංකාරීය කටකතා ඕපාදූප ලෙසය. ලංකාවේ කලාකාමී සමාජ තීරුව මොණර නැටුම් වැයුවද බැලුවද එහි නිර්මාපක අර්ධනාරී වංශය ගැන කතා කලාපයට ඉඩ හසර තැනුවේ නැත. දැන් අභයගිරි පුදබිමේදී මූර්තියෙන්ම අර්ධනාරී මතුවී ඒ සියල්ල කතා කිරීමට දොර හැර ඇත. ලංකා අර්ධනාරීන්ගෙන් ඉතිහාස පවතට දැන්වත් පියමන් කරමු.
සුජිත් අක්කරවත්ත
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී