කොල්ලුපිටිය අවට ප්‍රදේශයේ මාර්ග වල පැවති දැඩි වාහන තදබදයක් හේතුවෙන් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම පමාකිරීමට සිදුවීමේ

පුවතක් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ ආරංචිමාර්ග වලට අනුව එම වාහන ගමනාගමන අවහිරතාවයක් සිදුව ඇත්තේ පොලිස්පතිවරයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති කාර්යාලය අවට මාර්ග කිහිපයක්ම වසා තැබීම නිසාය.  

ඒ බවක් නොදැන ජනාධිපති කාර්යාලයෙන් කිහිප වරක්ම රැස්වීමට පැමිණ නොසිටි අමාත්‍යවරුන් හා ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් අමතමින් කැබිනට් රැස්වීම ආරම්භ කිරීම සඳහා ඉක්මනින්ම පැමිණෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව දැනුම් දී ඇත.

මේ අතර මෙම මාර්ග බාධකය නිසා බොහෝ වෙලාවක් රැඳී සිටි අමාත්‍ය විමල් විරවංශ සිය රථයෙන් බැස, මාර්ගය අහුරා සිටි පොලිස් නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව විමසා ඇති බවත්, මාර්ගය වසා ඇත්තේ පොලිස්පතිවරයා එම මාර්ගයේ යාමට නියමිත බැවින් බවට දැන ගැනීමෙන් කෝපයට පත් ඇමතිවරයා, '' ජනාධිපතිතුමාටවත් නැති බැරියර් දාගෙන මොකක්ද මේ කරන්නේ. අරහේ කැබිනට් මණ්ඩල රැස්වීම පමාවෙලා. ඉක්මනට පාර ක්ලියර් කරන්න ..'' යයි කියමින් ගෝරනාඩුවක් කර මාර්ග බාධක ඉවත්කර ඇති බවත් ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.


පිළිතුරුදීමේ අයිතිය :


theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




THE  LEADER  TV
 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්