රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.

මේ වන විට එහි වාසිය ජනතාවට ක්‍රමයෙන් ලැබෙන නමුත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. 

රාජ්‍ය අමාත්‍ය වරයා එසේ කීව ද මෙම රුපියල ශක්තිමත් වීම යනු කුමක්ද? යන්න අප රටෙන් වැඩි කොටසක් දන්නේ නැත. යම් පිරිසකට ඒ ගැන යම් දැනුමක් ඇතත් එය න්‍යායාත්මකව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත්තේ සුළුතරයකට පමණි.

 

sema 2
2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් විය. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍ය වරයා කියයි. ඒ කෙසේ හෝ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම පිළිබඳ න්‍යායික අවබෝධයක් ඇති නැති සැමට එහි ප්‍රතිලාභ සම සේ අත් විය යුතු බව අප ගේ වැටහීම ය.

 

දකුණු ආසියාවේ ආහාර මිල වැඩිවීමෙන් වැඩිම බලපෑම ලංකාවටඩොලරයේ අගය අඩුවන විට භාණ්ඩ මිල අඩුවන්නේ මන්දගාමීව බව පාරිභෝගිකයනට රහසක් නොවේ.

ඩොලරය වැඩි වන විට එසැනින් භාණ්ඩ මිල වැඩිවුවත්, ඩොලරයේ අගය අඩුවන විට භාණ්ඩ මිල අඩුවන්නේ මන්දගාමීව බව පාරිභෝගිකයනට රහසක් නොවේ.”ඩොලර් එක ඉහළ ගිය හැටියෙ කඩේකට සාප්පුවකට ගියාම වෙළෙන්ඳෝ අපිට කරන්න දෙයක් නෑ කිය කියා කන් කෙඳිරි ගාලා ඒ වෙලාවෙම වැඩි මිලට බඩු විකුණනවා. ඒත් ඩොලර් එක පහළ වැටෙනකොට ඒ ගැන මීක් කියන්නේ නෑ” අප රටේ සාමාන්‍ය ජන සමාජයෙන් මතු වන මේ පොදු අදහසට ඔබ ද බොහෝ දුරට එකඟ වනු ඇත.

මේ අතර වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය‍ නලින් ප්‍රනාන්දු පසුගිය දා බීබීසී සිංහල සඳහන් කළේ මේවන විට සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයකම පාහේ මිල ගණන් 10%කට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව ය. ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් තවත් අඩුවන බව ඔහු කියා තිබේ.

 

හාල්-කිරිපිටි-ගෑස්-සිමෙන්ති-තිරිගුපිටි මිල වැඩිවන හැටිමේ විට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 7% – 10% අතර අගයකින් පහළ ගොස් ඇත

මේ වන විට සීනි, පරිප්පු, තිරිඟු පිටි ඇතුලු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු වී ඇති අතර ඊට සාපේක්ෂව පාන් මිල ද අඩු කර තිබේ. ඒ අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනුයේ මේ විට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 7% – 10% අතර අගයකින් පහළ ගොස් ඇති බව ය. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න බීබීසී සිංහල සමග පවසා ඇත්තේ කෙටි කාලීන වශයෙන් රුපියලේ අගය ඉහළ යාම රුපියල ශක්තිමත් වීමක් ලෙස පිළිගත නොහැකි බව ය. ඒ සඳහා රුපියලේ රුපියල ශක්තිමත් වීම ස්ථාවර විය යුතු බව ද ඔහු කියා ඇත.

ජංගම දුරකථන අලෙවිකරණ 99%කට බලපත්‍ර නැහැ !වැඩි මිලට ලබාගත් දුරකථන තමන් සන්තකයේ තිබෙන බැවින් එම දුරකථන අලෙවි කර අවසන් වන තුරු මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය නොහැකි බවකි.

 

සාමාන්‍යයෙන් ආනයනකරුවන් සතුව මාසයකට පමණ අවශ්‍ය ආහාර සංචිත පවතින අතර එදිනෙදා රුපියල ශක්තිමත් වන ආකාරය අනුව ආහාර මිල පහත හෙළීම ව්‍යාපාරික වශයෙන් ඉතා අවදානම් සහගත බව ඔහු කියයි. මේ අතර සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා ද පසුගිය කාලයේ මේ හා සම්බන්ධ ප්‍රකාශයක් කොට තිබේ. එහි දී ඔහු සඳහන් කොට ඇත්තේ වැඩි මිලට ලබාගත් දුරකථන තමන් සන්තකයේ තිබෙන බැවින් එම දුරකථන අලෙවි කර අවසන් වන තුරු මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය නොහැකි බවකි. දුරකථන ගෙන්වීම තහනම් කරන බවට රජය ප්‍රකාශ කළ පමණින් දුරකථන මිල සියයට 300 කින් පමණ එකවර ඉහළ ගිය බවත් දුරකථන ආනයන සමාගම් සතුව පැවති තොග සඳහා ද එම මිල වැඩිවීම බලපෑ බැවින් ආනයන සමාගම් ඉන් අති විශාල ලාභයක් අත්කරගත් බවත් ඔහු එහි දී සඳහන් කොට තිබේ.

 

අඛණ්ඩව තුන්වන මාසයටත් උද්ධමනය පහළ ගියත් බඩු මිල පහත නොයයි!රජය රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කළාට සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීම සඳහා කිසිදු අයුරකින් මැදිහත් නොවන බවට ඔහු නඟන චෝදනාව පහසුවෙන් ඉවත හෙළිය හැක්කක් නොවේ.
එමෙන්ම ආර්ථිකය ස්ථාවර වී රුපියල ශක්තිමත් වීමේ දී එහි වාසිය කිසිසේත්ම තමන්ට නොලැබෙන බවත් ආනයන සමාගම්වලින් තමන්ට භාණ්ඩ මිලදී ගැනීමට සිදුව ඇත්තේ පෙර මිලටම පමණක් බවත් රජය රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කළාට සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීම සඳහා කිසිදු අයුරකින් මැදිහත් නොවන බවට ඔහු නඟන චෝදනාව පහසුවෙන් ඉවත හෙළිය හැක්කක් නොවේ.

රුපියල ශක්තිමත් වීම හරහා ජනතාවට සහනයක් ලබාදීමට නම් අනිවාර්යයෙන්ම රජය මැදිහත්ව නියාමන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මහා පරිමාණ ව්‍යාපාරිකයින් පමණක් අසාධාරණ ලාභයක් ලබා සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සහ ජනතාවට මෙමගින් කිසිදු සහනයක් නොලැබෙන බවත් ඔහු කළ ප්‍රකාශය ද ඉතා වැදගත් ය. 

නමුත් එදා මෙදා තුර බලයට පත් සෑම රජයක්ම නැති බැරි මිනිහාට වඩා සමාජයේ ඇති හැකි පන්තිය ආරක්ෂා කරීමටත් ඔවුන් ගේ බලය තහවුරු කිරීමටත් කටයුතු කරන බව රහසක් නොවේ. ඒ අනුව රුපියල ශක්තිමත්වීම සහ රජයෙන් ලැබෙන සහන හරහා ආදායම වැඩි වන්නේ රජය සහ රජයට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් යම් පිරිසකට පමණක් බවත් සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට හෝ සාමාන්‍ය ජනතාවට එහි වාසිය නිසි ලෙස සම්ප්‍රේෂණය නොවන බවත් පැහැදිලි සත්‍යයකි.

 

ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහාලංකා සතොස පාරිභෝගිකයන් ට දෙන මේ වාසිය හරියට ජනතාව අත් විඳිනවා නම් පෞද්ගලික සුපිරි වෙළඳ සල් ජාලයට පවා ඉන් බලපෑමක් ඇතිවිය යුතුයි.
“රුපියල ශක්තිමත් වීමේ වාසිය අපි පාරිභෝගිකන්ට නොඅඩුවම ලබා දෙනවා මේ වන විට ලංකා සතොස භාණ්ඩ මිල අඩු වෙනවා මිසක් වැඩිවීමක් ඇත්තේම නැහැ. අපි ඒ මිල අඩුකිරීම් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මාර්ගයෙන් ජාතික වශයෙන් ප්‍රසිද්ධ කරනවා. නමුත් ඒ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් ඒ විදිහට අත් විඳිනානවාද කියන එක අපිට ගැටළුවක්’ ලංකා සතොස ආයතනයේ විධායක නිලධාරියෙක් පසුගිය දා කීය. ”ලංකා සතොස පාරිභෝගිකයන් ට දෙන මේ වාසිය හරියට ජනතාව අත් විඳිනවා නම් පෞද්ගලික සුපිරි වෙළඳ සල් ජාලයට පවා ඉන් බලපෑමක් ඇතිවිය යුතුයි. නමුත් සැලකිය යුතු ආකාරයකින් එහෙම දෙයක් පේන්නේ නැහැ” යනුවෙන් ද ඔහු කීය.

”සුපර් මාකට් එකකිනුයි ලංකා සතොසෙනුයි එකම ජාතියේ බඩු එකම ප්‍රමාණයෙන් ගත්තම ලංකා සතොස බඩු වල ගාණේ තරමක අඩුවක් තියන බව බිලෙන් පේන්න පුළුවන්. ඒත් ලංකා සතොස විකුණන සමහර දේවල් වල ගුණාත්මක බවේ යම් අඩුවක් තියනවා. විශේෂයෙන් ධාන්‍ය වර්ග වල. සාමාන්‍යයෙන් බඩු දහයක් ගන්න ගිහින් එක බඩුවක ගුණාත්මක බවේ අඩුවක් දැක්කත් පාරිභෝගිකයො ඒ අඩු මිල වාසිය නොතකා කටයුතු කරන අවස්ථා තියනවා. අපේ රටේ සුපර් මාර්කට් ලේසියෙන් වැටෙන්නෙ නැත්තේ ඒ හින්දයි” ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ ගෘහණියන් කිහිප දෙනකුගේම පොදු මතය වූයේ එයයි.

ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ඔබ දන්නවා ද ?වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බවයි.

 

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට මාස කිහිපයකට පෙර කීය. රාජ්‍ය අමාත්‍යවරයා එහි දී කියා සිටියේ වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බවයි.

එමෙන්ම භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක් ද සිදු කරන බව ද ඇමති වරයා සඳහන් කොට තිබේ. එහෙත් මේ වන තුරුත් රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිහිහාගේ පසුම්බියට නිසි ලෙස නොදැනීම මත එම විශේෂ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ කාලය ද කල් ඉකුත් වෙමින් පවතින බවක් අපට හැඟේ.

දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය - (ඒ ජී රේණුකා දමයන්ති)(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - vinivida.lk)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image