පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුනාද? යන්න සම්බන්ධව රහස් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බව

 එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබුන අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


“මම හිතුවා අර රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇහුවේ. ඉතින් මම මේ පිළිබඳ සවිස්තරාත්මක සාක්කියක්, කිසිම දෙයක් හංගලා නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියා කලාද, නැද්ද, මගේ සාක්ෂි සැලකිල්ලට ගත්තද, නැද්ද? කියලා මම දන්නේ නැහැ.”


ජනාධිපති කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවා ඇති බවත් හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න යැයි සඳහන් කර ඇතත් එසේ ක්‍රියාමාර්ග නොගෙන තමන්ව කැඳවා ප්‍රශ්න කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කිරිම බව ද ඔහු අවධාරණය කළේය.

රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක් බව කී මන්ත්‍රීවරයා දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම තරයේ හෙළා දකින බව ද කියා සිටියේය.

අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතු බවත් එසේ නොවන්නේ නම් දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට එම ආයතන හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්