සමාජ මාධ්‍ය, රූපවාහිනී ගුවන්විදුලි සංදර්ශන වලින් තොරව ජනතාව හදවතින්ම ආදරය කරන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් හෙට (01) කොළඹදී මැයි දිනය අභිමානවත්ව සමරන බව එජාප කොළඹ දිස්ත්‍රීක් නායක, හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ප්‍රකාශ කළේය.

රවී කරුණානායක එබව කියා සිටියේ, කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ පිහිටී ඔහුගේ කාර්යාලයේ අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂය හෙට මැයි දිනයේදී තමන්ගේ ශක්තිය මනාව ප්‍රදර්ශනය කරනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාත් සිව් දෙසින් පක්ෂයට ආදරය කරන පිරිස්  හෙට කොළඹට පැමිණෙනවා. අපේ පක්ෂය අද පරිනත නායකත්වයක් ජ්‍යෙෂ්ඨත්වයත් ඒ වගේම නව යෞවන පිරිසකුත් සමග අලුත් ගමනක් ආරම්භ කොට තිබෙනවා.


මීට වසර දෙකකට පෙර බිඳවැටී තිබූ රට යළි ගොඩනැගීමට අභියෝගය භාරගත්තේ අපේ පක්ෂයේ නායකයායි. සියලු කතා කරන නායකයින් අභියෝගය භාර ගත්තේ නැ. අභියෝගය භාර ගත් නායකයා අද රට යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය අති විශාල ජනවරමකින් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී රනිල් වික්‍රමසිංහ ජය ගන්නවා. ඉන් පසු මහාමැතිවරණයක් පැවැත්වෙනවා. එය ජය ගැනීමට හැකියැයි අපට විශාල විශ්වාසයක් තිබෙනවා. අප ජනතාවගේ ආදරය දිනාගත් පක්ෂයයි.


ඒ නිසා මෙවර මැයි දිනය ජයග්‍රාහී ගමනකට මුල පුරණ ජාති ආගම් කුල මල භේද සියල්ල අමතක කරන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ කාර්ය සාර්ථක කර ගන්නා සුවිශේෂී අවස්ථාවක් වනවා.''

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

 

එජාප මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්


indian artist
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර පවත්වනු ලබන මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

 විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීන් පිරිස වූහ .

මෙම පිරිස අද (30) දින දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කළහ .

මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

හෙට (01 ) ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්