අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන්

සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 368ක් දක්වා පහළ යනු ඇත.

එමෙන් ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 420ක් දක්වා පහළ යනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ, ලංකා සුදු ඩීසල් ලීටරය මිල රු. 30කින් පහළ දමන බව ය.

ඒ අනුව, එහි නව මිල රු. 333ක් දක්වා පහළ යනු ඇත.

තව ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 9කින් පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, එහි නව මිල රු. 377ක් දක්වා පහළ යනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, භූමිතෙල් ලීටරයක මිල රු. 30කින් පහළ දමන බව ය.

ඒ අනුව, එහි නව මිල රු. 215ක් දක්වා පහළ යනු ඇත.

ලංකා අයි.ඕ.සී. සමාගම ද එම මිල ගණන්වලට සමගාමීව සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

(mawbima.lk)


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්