නීතිපති දෙපාර්තුමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර හට නිල වශයෙන් යවන ලිපියකට 'ඒකාධිපති නීතිඥ' ලෙස

ආමන්ත්‍රණය කළ කොළඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අදාළ සොලිසිටර් ජනරාල්වරිය ජනාධිපති නීතිඥ ලෙස ආමන්ත්‍රණය කරනු විනා ඒකාධිපති නීතිඥ ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව චූදිතයන් දෙදෙනකු නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අදාළ ලිපිය නීතිපති දෙපාර්තුමේන්තුව වෙත පසුගිය මාර්තු 20 වැනිදා යොමු කර ඇත.

මෙම ලිපිය යොමු කළ උසස් පොලිස් නිලධාරියාගෙන් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරින් කරුණු විමසා ඇති අතර එහිදී ලිපිය සකස් කිරීමේදී එය අතපසු වීමකින් යෙදී ඇති වචනයක් බව පවසා ඇත.

එසේම මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වෙත ලිඛිතව කනගාටුවද පළ කර ඇත.

(aruna.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්