එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බවත් නීතියක්, විනයක් සහිත සමාජය

ජාතික ජන බලවේගය විසින් ගොඩනැගීම අපගේ වගකීමක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ මාතර වෙරළ උද්‍යානයේ අද (01) පැවති ජාතික ජන බලවේගයේ මැයි දින  රැලිය අමතමිනි.

“මේ දූෂිතයන් යටතේ, මේ රට විනාශයට පත් කරන ලද අපරාධකරුවන් යටතේ, මේ රට හිඟන රාජ්‍යයක් බවට පත් කරන ලද පාලකයන් යටතේ, පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද (01) මේ පවත්වන්නේ.

මේ දූෂිතයන් යටතේ, මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ එක මැයි දිනයක් වත් මේ රටේ තව තියයිද? නැහැ. ඒ වගේම එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි.

අපි දන්නවා අද මෙතෙන්ට ලක්ෂයට වැඩි පිරිසක් එක්රැස් වෙලා මේ මැයි දිනය පවත්වනවා. කොළඹත් එහෙමයි. අනුරාධපුරයෙත් එහෙමයි. යාපනයේත් අද මැයි රැලියක් පැවැත්වූවා. මේ මැයි රැලිවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගීවෙලා ඉන්නවා. මේ ජනතාවගේ එක අරමුණක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මෙතනට ආවේ ඇයි.

මේ රට ඔහේ ඕපාපාතිකව ගලාගෙන යන රටක්. විනයක් නැති රටක්. අපරාධවලින් ගහන වෙච්ච රටක්. සංවිධානාත්මක මෙහෙයුමක් නැති ආණ්ඩුවක්. රනිල් කරන දේ ඇමති දන්නේ නැහැ. ඇමති කරන දේ රනිල් දන්නේ නැහැ. එහෙම ආණ්ඩුවලට යන්න පුළුවන්ද?

සංවිධානයක් නැති, විනයක් නැති ආණ්ඩු තියෙනවා පක්ෂ තියෙනවා. ඒ පක්ෂවලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදිහටම ඉදිරියට ගෙනයන්න විතරයි. රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අපේ රටට විනයක් ගේන්න. රනිල් වික්‍රමසිංහලාට පුළුවන්ද අපේ රටට විනයක් ගෙන්න. බැහැ. මේ රට හදන්න විනයක් අවශ්‍යයි. නීතියට ගරු කරන සමාජයක් අවශ්‍යයි. නීතියට යටත් වෙන සමාජයක් අවශ්‍යයි. අන්න ඒ සමාජය ගොඩනැගීම ජාතික ජන බලවේගයට අත්හරින්න බැරි ලෙස පැවරී තිබෙන වගකීම, අපි ඒක ඉටු කරන්න ඕනා.” යැයිද ඔහු මාතර රැලියේදී අවධාරණය කළේය. 



 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image