ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන අද (1) පැවැසීය.

වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ එසේ පැවැසීය.

ආණ්ඩුවේ ඇමැතිවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල සිරිසේන, ඔහු ඇමැති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළේය.

විජයදාස රාජපක්‍ෂ ට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඔහු පැවැසීය.

විජයදාස රාජපක්ෂ ට පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම එම අවස්ථාවේදී දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේයැයි ප්‍රකාශ කළ බවත් මෛත්‍රීපාල සිරිසේන කීය.

මේ අතර අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ ද එක්ව සිටියේය. එහිදී ප්‍රධාන දේශනය කරනු ලැබුවේ ඔහු විසිනි.

"රට රකින ජන පවුර" තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විශාල පිරිසක් එම රැලියට එක්ව සිටියේය.

 නිදහස් සේවක සංගමය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් ගුරු සංගමය ඇතුළු පක්ෂයේ සියලු වෘත්තීය සමිති විසින් මෙම මැයි දින රැලිය සංවිධානය කර තිබිණි.

LKJHKLDSFG
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්