රට ශක්තිමක් කළ හැකි නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැවින් ජනාධිපතිවරයාට ශක්තියක් වීමට තමන් තීරණය කළ බව මොනරාගල

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන ප්‍රකාශ කරයි.  

කඩාවැටුණු රට නිවැරදි දිශානතියකට ගෙන යමින් රට නිවැරදි කළ හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ක්‍රියාවෙන්ම මේ වන විට ඔප්පු කර ඇති බව ද හෙතෙම පැවසීය.

එබැවින් පළමුවැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එකතු වීමට තමන් තීරණය කළ බවත් පක්ෂ සාමාජිකත්වය මෙතෙක් ලබාගෙන නැති බවත් කියා සිටියේය.

තනතුරු, වරප්‍රසාද, වරදාන වෙනුවෙන් තමන් මෙම තීරණය නොගත් අතර මේ මොහොතේ රට ගොඩනැඟීම සඳහා වෙනත් විකල්පයක් නැති බව තම මතය බව ද හෙතෙම සඳහන් කළේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මැයි දිනයේදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වෙන බවට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නද එම මැයි දින වේදිකාවට ගොඩ වූයේ වෛද්‍ය ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා පමණී.

 
ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූවකු වන අතර
ඔහු නියෝජනය කරන සැබෑ පක්ෂය වන්නේ වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම සමග විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ලබයි. විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරන එම පක්ෂ මීට පෙර අයවැය ඇතුළු ආණ්ඩුවේ අනපනත් වලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවලදී ගයාෂාන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙනු ලැබිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image