ඉඩම් අවසර පත්‍ර හා දිමනාලාභින්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දීම උදෙසා ජනාධිපතිවරයා “උරුමය වැඩසටහන” මහත් ප්‍රචාරයක් දී

දියත් කරද්දී, සියයකට අධික වන්නියේ යුද වින්දිත පවුල් ගණනකට අයත් ඔප්පු සහිත පාරම්පරික භුමියක් අප්‍රසිද්ධියේ අත්පත්කරගන්නට වෙර දරන බවට රාජ්‍ය ආයතනයකට චෝදනා එල්ල වී තිබේ.

ජාතික උද්‍යානයකට අනවසරයෙන් ඇතුල් වී එහි වෘක්ෂලතා වලට හානි කර ඇති බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු  නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු, කරියල්වයල් ප්‍රදේශ වාසියකු සදහන් කළේ තමන් පාරම්පරිකව වගා කටයුතු කළ භුමිය ගැසට් නිවේදනයක් මගින් අත්පත්කරගත් වනජීවී දෙපාර්තමේන්තුව දැන් තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

“අපි 83 වෙනකම් කුඹුරු කළා. ඊට පස්සේ එතනට යන්න බැරි වුණා. ඊට පස්සේ 2010 - 2012 අතර කාලයේ අපි නැවත පදිංචි වෙලා ඉඩම එළිපෙහෙළි කරලා ගොවිතැන් කරන්න පටන් ගත්තා. 2015 වසරේ ගැසට් නිවේදනයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බව ප්‍රකාශ කළා. ඊට පස්සේ නඩු දැම්මා.''

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ චුන්ඩිකුලම් ජාතික උද්‍යානයට අවසරයකින් තොරව ඇතුල්වීම, උද්‍යානයේ ගස් සහ වැල් කපා විනාශ කිරීම, උද්‍යාන භුමිය තුළ මාර්ග නිර්මාණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඇතුලත් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව පුදුකුඩිඉරිප්පු, කරියල්වයල් ගම්වැසියන් 130 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබු නඩුවක් මැයි 2 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී දෙවැනි වරටත් විභාගයට ගත් බවයි.

 

උතුරේ දියත් වු යුද්ධය හේතුවෙන් 80 දශකයේ මුල් භාගයේ දී ගම් බිම් අතහැර පළායෑමට සිදු වු කරියල්වයල් ගම්මානයේ  පවුල් 130 ට අයත් පුද්ගලයන් යුද්ධය නිමා වීමෙන් පසු යළි මුල් ගම් බිම් වෙත පැමිණ තමන් පාරම්පරිකව වගා කටයුතු වෙනුවෙන් භාවිත කළ අක්කර 980 ක් සහිත භුමියෙන් අක්කර 610 ක පමණ ප්‍රදේශයක් එළි පෙහෙලි කරමින් වගා කටයුතු ආරම්භ කර තිබේ.

ඔවුන් මෙලෙස වගා කටයුතු සිදු කරමින් සිටියදී 2015 වසරේ ගැසට් නිවේදනයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම භුමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බව ප්‍රකාශ කර, පසුව අධිකරණය හමුවේ ගම්වාසීන්ට එරෙහිව නඩු ගොනු කර ඇති බව පවසන පළාත් බද වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ එලෙස ගොනු කළ නඩුව 2023 වසරේ දෙසැම්බර් 07 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2024 වසරේ මැයි 2 වැනිදා දක්වා කල් තැබු බවයි.

වින්දිත පවුල් වෙනුවෙන් මැයි 02 වැනිදා  අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ  වී.එස් ධනංජයන් අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනු කර ඇති 130 දෙනා අතුරින් 100 ට වැඩි පිරිසකට සිය ඉඩම සදහා ඔප්පු පවතින බවයි.

“මෙම නඩුවට සම්බන්ධ ජනතාව මේ වන විටත් පෞද්ගලික ඉඩම් වලට ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ඔප්පුව නමින් හදුන්වන සියවසකට පෙර ඔප්පු  ලබා ඇති ජනතාව, පෞද්ගලික ඉඩම් හිමි ජනතාව, රජයේ බලපත්‍ර හෝ LDO (ඉඩම් සංවර්ධන ආඥාපනත) බලපත්‍ර ලබාගත් සීයකට වැඩි පිරිසකට එරෙහිව මේ නඩුව ගොනු කරලා තිබුනා. අපි දැනටමත් මෙම නඩුවල අඩුපාඩු පෙන්වලා දීලා තියනවා. ඒ වගේ ම අපි අදත් මේ නඩුවල අඩුපාඩු පෙන්වා දුන්නා. ”

අධිකරණය හමුවේ පෙන්වා දුන් කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවලට අදාළව චෝදනා පත්‍ර ගොනු කිරීමට අවශ්‍ය නම් එය ඉදිරිපත් කරන ලෙස පැමිණිලි පාර්ශවයට දැනුම් දුන් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

“එම කරුණු නැවත සලකා බැලීමෙන් අනතුරුව මේ නඩුවලට අදාළව චෝදනා පත්‍රය ගොනු කරන්න අවශ්‍ය නම් එය ඉදිරිපත් කරන්න කියලා අධිකරණය විසින් පැමිණිලි කරපු පාර්ශවයට දැනුම් දීලා මේ නඩු වල එක කොටසක් ජුලි 25 වැනි දිනට සහ වෙනත් දිනවලට කල් තැබුවා

 

මහවැලි සංවර්ධන අධිකාරිය, සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා  වනජීවි දෙපාර්තමේන්තු  උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට දිගින් දිගටම චෝදනාවට ලක්ව සිටී.

 

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් 2023 මැයි මාසයේදී සදහන් කර තිබුනේ   උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටීම සම්බන්ධයෙන් දෙමළ ජනතා නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේදී  1985 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවැති සිතියමට අනුව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිවරයා පැවසු බවයි.

 

vanni 2 vanni 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්