පහලොස් වසරකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින වන්නියේ මහවිරු සුසාන භුමියක්

නීත්‍යානුකුලව අත්පත්කරගන්නට දැරූ උත්සාහයක් විරෝධතා මගින් පසු බැස්සවීමට ප්‍රදේශවාසී දෙමළ ජනයා සමත්ව තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිංහ රෙජිමේන්තුව විසින් ඔවුන්ගේ කඳවුරු සංකීර්ණයකට ආසන්නව පිහිටා ඇති අලම්පිල් මහවිරු සුසාන භූමිය අත්පත්කරගෙන සිටින අතර එම ඉඩමේ එක් පුද්ගලයකුට අයත් හෙක්ටයාර් දෙකකට වැඩි භුමියක් මැනීම සදහා මැයි 2 වැනි බ්‍රහස්පතින්දා  පැමිණි  මිනින්දෝරු නිලධාරීන් පසුබස්වන්නට ජනතාව  සමත් වු බවයි.

එම අවස්ථාවේ ප්‍රදේශවාසී ජනයාට සහාය දැක්වු  උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මාධ්‍යවෙත සදහන් කළේ ඉඩම් හිමිකරු විසින් එම ඉඩම හමුදාවට මුදලට විකිනීමට කැමැත්ත ලබා දී ඇතත් එම ඉඩම ප්‍රදේශයේ පොදු ජනතාවට අයිති විය යුතු බවයි.

 

“මේක මහවිරුවන් සැතපී සිටින ඉඩමක්. සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් මිහිදන් කරලා තියනවා. මේ ඉඩම් පොදු ජනතාවට අයිති විය යුතුයි. ඉඩම් හිමියන් ඒ අයිතිය පොදු ජනතාවට ලබා දිය යුතුයි. ඉඩම් හිමිකරු මේක හමුදාවට විකුණන්න විවිධ ක්‍රම හදමින් ඉන්නවා. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා.”


ඉඩම මැනිමේ කටයුතු සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බව වට්ටුවාහල්, මුලතිව් ප්‍රාදේශිය මිනින්දෝරු කාර්යාලය විසින් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබුනි.

ඉඩම මැනීමේ කටයුතු වලට සහාය වීම සදහා ඉඩම් හිමියාගේ ඥාතියෙක් ද පැමිණ සිටි බව පෙන්වා දෙන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් අවධාරණය කරන්නේ එම ඉඩම පොදු ජනතාවට අවශ්‍ය බව ඔහුට තේරුම්  කළ බවයි.

ඉඩම මැනීමට සිය විරෝධය පළ කරමින් ගම්වැසියන් විසින් සිය අත්සන් සහිත ලිපියක් මුලතිව් මිනින්දෝරු නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කළ අතර ඉඩම මැනීමේ කටයුතු සිදු නොකරම ඔවුන් ආපිට ගිය බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

සිංහ රෙජිමේන්තුව විසින්, ඔවුන්ගේ කඳවුරට ආසන්නව පිහිටා ඇති  අලම්පිල් මහවිරු සුසාන භූමිය අපවිත්‍ර කර ඇති බවට ප්‍රදේශවාසී දෙමළ ජනයා පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම චෝදනා කර තිබුනි.


225dferrr

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්