කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පුද්ගලික කරන ප්‍රතිපත්තියට වැදුනු

කනේ පාරක් ලෙස විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු හඳුන්වා දී තිබේ.

"නිදහස" ප්‍රධාන කාර්යාලයේදී ජනමාධ්‍ය ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුවා පමනක් නොව විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වු බවයි.

ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන, කිසිසේත්ම, රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස් නොකළ යුතු ක්ෂේත්‍ර අතරින් ආගමන විගමනය ද එකක් බව ඔහු පැවසීය.


ගමේ භාෂාවෙන් කියනවා නම්, "තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම්" යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.


තමන් ඝාතනය කිරීමේ අරමුණින් බරපතළ විෂ ද්‍රව්‍යයක් ආහාර හරහා ශරීරයට ඇතුල් කර ඇති බවට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ කරන ලද චෝදනාව ගැන අදහස් දැක්වු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ආණ්ඩුවට නිහඬව සිටිය නොහැකි බව කියා සිටියේය.

“ඔහුගේ ආරක්ෂාව සහතික කොට ඒ අපරාධකරුවන් කවුද කියා නෛතිකව සහ විද්‍යාත්මකව රටට කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්.” යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

සබැඳි පුවත් :
වීසා අවුල ගැන කතාවලට රජයේ ප්‍රතිචාරය මෙන්න
VFS: වීසා ගැටළුව ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්