තම රටින් පිටුවහල්ව සේවය කරන බීබීසී ලෝක සේවයේ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 2020 සිට 310ක් දක්වා දෙගුණයකින්

ඉහළ ගොස් ඇතැයි ගණන් බලා තිබේ.

 


උපන් රට අහිමි වෙච්ච පුද්ගලයෙක්ට තියෙන ලොකුම පාඩුව තමයි මිනිසුන් අහිමි වීම

 

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනයට පෙර, ප්‍රථම වරට නිකුත් කරන ලද මෙම සංඛ්‍යාලේඛන රුසියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉතියෝපියාවේ සිදුවන මර්දනයන් පිළිබිඹු කරයි.

ඉරානය ඇතුළු වෙනත් රටවල මාධ්‍යවේදීන් දශකයකට වැඩි කාලයක් තම රටින් වෙන් වී විදේශයන්හි ජීවත් වී ඇත.

බොහෝ දෙනෙක් සිර දඬුවම්, මරණ තර්ජන සහ ඉන්ටර්නෙට් හරහා මෙන් ම ඉන් පරිබාහිරව ද සිදුවන හිරිහැරවලට මුහුණ දෙති.

 

"ඔවුන්ට වාර්තා කිරීම දිගට ම කරගෙන යා හැකි එක ම ක්‍රමය තමයි, ඔවුන්ගේ නිවෙස් හැර යාම," බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ලිලියාන් ලැන්ඩෝර් පවසයි. "පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාවේ අප දකින වැඩිවීම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගත්තා ම අතිශයින් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක්."

 

2021 අගෝස්තු මාසයේදී තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කරගත් අවස්ථාවේ බීබීසීය සිය කණ්ඩායමෙන් වැඩි පිරිසක් රටින් ඉවත් කර ගත්තේ ය. කාන්තා කාර්ය මණ්ඩලයට තවදුරටත් රාජකාරි කිරීමට ඉඩ නොදුන් අතර ඔවුන්ට සමග රාජකාරි කළ පිරිමි සගයන්ට ද තර්ජන එල්ල විය.

ෂාසියා හයා වාර්තාකාරිනියක් ලෙස ඇෆ්ගනිස්ථානය පුරා සංචාරය කළාය


මියන්මාරය සහ ඉතියෝපියාව තුළ ද මාධ්‍යවේදීන්ට එල්ල වන පීඩනය ඉහළ ගොස් ඇති අතර, එය ඔවුන්ට නිදහසේ වාර්තාකරණ කටයුතුවල නිරත වීමට බාධාවක් වී තිබේ.

 

"මම මගේ පරිස්සම ගැන බලා ගන්නවා," බීබීසී පර්සියානු වාර්තාකරු ජියර් ගෝල් පවසයි. ඔහු දැන් කාමරයකට ඇතුළු වූ විට ඉන් ඔහුට ඉවතට යාමට මාර්ගයක් ඇති දැයි සොයයි. "මගේ ගෙදර ආරක්‍ෂිත කැමරා ගොඩක් තියෙනවා. දුවගේ ඉස්කෝලේ මාරු කරන එක හොඳයි කියලා මට අනතුරු ඇඟවීමක් ලැබුණා."

 

ජියර් 2007 වසරේ සිට ඉරානයට ගොස් නැත. ඔහුගේ මව මිය ගිය අවස්ථාවේ ඔහුට ඇගේ අවමංගල්‍ය උත්සවය සහභාගී වීමට නොහැකි වූ නමුත් ඇගේ සොහොන දැක ගැනීම සඳහා ඔහු හොර රහසේ දේශ සීමාව හරහා ගමන් කළේ ය.

නමුත් වසර හතරකට පෙර ඔහුගේ බිරිඳ පිළිකාවකින් මිය යාමත් සමග ඔහු වඩා ත් කල්පනාකාරී වන්නට විය. "මට මොනවා හරි උණොත් මගේ දුවට මොක ද වෙන්නේ? ඒක ඇත්තට ම මගේ හිතේ හැමවෙලේ ම තියෙන දෙයක්," ඔහු පවසයි.

"ඉරාන පාලනය තවත් දරුණු වෙලා තියෙන්නේ. ඔවුන් ඉන්නේ දැඩි සම්බාධක යටතේ. හුදෙකලා වෙලා ඉන්න නිසා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන් ගැන සිතන්නේ කුමක් ද කියලා ඔවුන්ට වගක් නැහැ."

sdfsdeeef

නීනා නසරෝවා 2022 දී ඇගේ සැමියා සහ මාස 16 ක් වයසැති පුතා සමඟ රුසියාවෙන් පිටව ගියාය


CPJ (Committee to Protect Journalists) ජෝඩි ගින්ස්බර්ග් පවසන්නේ, පසුගිය වසර තුන තුළ ඔවුන් මූල්‍ය සහ නීතිමය සහය ලබා දෙන පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 225%කින් ඉහළ ගොස් ඇති බව ය.

"වාර්තාගත මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් සිරගතව සිටිනවා, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම 2015 සිට නොදුටු ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා," ඇය තව දුරටත් පවසයි.

ඇය පවසන්නේ රුසියාව, ඉරානය සහ සවුදි අරාබිය වැනි පාලන තන්ත්‍රයන් ඔවුන්ගේ රටවල් තුළ සහ ඉන් පිටතට ගලා යන තොරතුරු පාලනය කිරීමට ගන්නා උත්සහය වැඩි වෙමින් පවතින බව ය.

බීබීසී රුසියානු සේවයේ නීනා නසරෝවා තම රට හැර ගියේ, පූර්ණ පරිමාණ යුක්රේන ආක්‍රමණයෙන් පසුව ය. ඇගේ ගුවන් යානය මොස්කව් සිට පිටත් වන අවස්ථාවේ ඇය මාධ්‍යවේදියෙකු ද වන තම සැමියා දෙස බැලූ අතර එහිදී ඔහු හඬා වැටෙන බව ඇයට වැටහිණි.

"මාව නිකම් පණ නැති වෙලා ගියා," ඇය පවසයි. ඒ, නව වාරණ නීතියක් ක්‍රියාත්මක කෙරුණු දිනය වූ 2022 මාර්තු 4 වන දා විය. "මම මේකට එරෙහිව යුද්ධ කරනවා, යුද්ධයක්. ඇය පවසයි. "ඒකට මාව ලේසියෙන් හිරේ දාන්න පුළුවන් වේවි."

ඔවුහු තම මාස 16ක් වයසැති පුතු, ගමන් මලු දෙකක් සහ ප්‍රෑම් එකක් ද සූදානම් ක‍රගෙන රුසියාවෙන් තුර්කිය බලා යාමට ඇති මිල අඩු ම ගුවන් යානය සඳහා ප්‍රවේශ පත් වෙන් කර ගත්හ.

එහි සතියක් පමණ ගත කිරීමන් පසු, ඔවුහු ඩුබායිහි සතියක කාලයක්, අසාමාන්‍ය ආකාරයේ නිවාඩුවක් ගත කළහ. ඒ සඳහා ඔවුන් යුද්ධයට බොහෝ කලකට පෙර සැලසුම් කර, මුදල් ද ගෙවා තිබිණි. ඉන්පසු ඔවුහු මොන්ටිනිග්‍රෝ වෙත ගිය අතර ඉන් පසුව පිටුවහල්ව සිටින රුසියානු කාර්ය මණ්ඩලය සඳහා බීබීසීය පිහිටුවා ඇති කාර්යාලයක් ඇති ලැට්වියාවේ අගනුවර වන රීගා වෙත ගියහ.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී, නීනාගේ සගයා එනම්, බීබීසී රුසියානු වාර්තාකරු ඉල්යා බරබානොෆ් "විදේශ ඒජත්න්වරයෙකු" ලෙස ලේබල් කර ඔහුට "ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීම" සහ යුද්ධයට විරුද්ධ වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරිණි. ඔහු සහ බීබීසීය මෙය ප්‍රතික්ෂේප කරන අතර අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන, ඔවුන් රටවල්වලින් පිටව ගොස් බොහෝ කලකට පසුව ද පැවතිය හැකි ය. මාර්තු මාසයේදී ස්වාධීන රූපවාහිනී ආයතනයක් වන ඉරාන් ඉන්ටර්නැෂනල් වෙනුවෙන් සේවය කරන නිවේදකයෙකුගේ පාදය ඔහු ලන්ඩනයේ පිහිටි තම නිවසින් පිටත සිටියදී පිහි ඇනුමකට ලක්ව තිබුණු අතර මෑතකදී බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලිසිය අනතුරු අඟවා තිබුණේ, එක්සත් රාජධානියේ වෙසෙන බීබීසී පර්සියානු කාර්ය මණ්ඩලයට තර්ජන එල්ල වීමට ඇති ඉඩ ඉහළ ගොස් ඇති බව ය.

sesfsdf

BBC පර්සියානු සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් දෙදෙනෙකු වන ෆර්නාස් ගාසිසාඩේ සහ රානා රහීම්පූර් ඉරානය හැර ගොස් ඇත


2022 වසරේදී බීබීසී පර්සියානු නිවේදිකාවක වන රානා රහීම්පූර්ගේ මෝටර් රථය බිඳ තිබුණු අතර එය තුළ සවන්දීමේ උපකරණයක් සවිකර ඇති බවට ඇය සැක කරයි. ඇය තම මව සමග කළ සංවාදයක් පටිගත කර ඉරාන රජය විසින් පවත්වාගෙන යනු ලබන වේදිකාවක එය පළ කරනු ලැබ තිබිණි. ඇය පාලන තන්ත්‍රයට සහය දුන්නාක් මෙන් ඇඟවීමට එය සංස්කරණය කර තිබිණි.

ප්‍රතිවාදී මාධ්‍ය ආයතන ඇය අපකීර්තියට පත් කිරීම සඳහා එම හඬ පටය භාවිත කිරීමෙන් පසු රානා විවේකයක් ගැනීමට තීරණය කළා ය.

"මේ රෙජීමය එන්න එන්න ම කපටි විදිහට තමයි උපක්‍රම පාවිච්චි කරන්නේ," රානා පවසයි. "මට සිද්ධ වුණු දේ ඔවුන් අපව අපකීර්තියට පත් කරන්න, බිය ගන්වන්න සහ අවසානයේ අපව නිහඬ කිරීමට උත්සහ කරන බොහෝ ක්‍රමවලින් එකක් විතරයි."

එය ඇගේ මිතුරන් සහ සගයින් කණස්සල්ලට පත් කර තිබේ.

"ඉරානයේ ඉන්න මගේ අම්මට කතා කරන හැම අවස්ථාවක ම මම දන්නවා, කවුරුහරි අපිව අහගෙන ඉන්නේ කියලා," බීබීසී පර්සියානු සේවයේ තවත් නිවේදිකාවක වන ෆර්නාස් ගාසිසාඩේ පවසයි.

"ඔවුන්ට ඔබව විනාශ කරන්න මාර්ගයක් හොයා ගන්න පුළුවන් කියලා ඔබ දන්නා නිසා, ඒක භයානක දෙයක්."

ඇය වසර 21කින් ඉරානය වෙත ආපසු ගොස් නොමැති අතර මෑතකදී ඇය සොයා ගත්තේ, තමන්ට සහ සගයන් නව දෙනෙකුට ඔවුන් නොමැතිව ම වසරක සිර දඬුවම් නියම කර ඇති බව ය. හැකර්වරුන් පිරිසක් විසින් ඉරාන අධිකරණයේ තොරතුරු හෙළිදරව් කරනු ලැබීමෙන් පසු ඔවුහු මේ බව සොයා ගත්හ.

මීට පෙර ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය බීබීසී පර්සියානු කාර්ය මණ්ඩලයට ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන බවට, වෛරී ප්‍රකාශ සහ මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කළේ ය.

බ්ලොග් සටහනක් ලියුවේ යැයි ෆර්නාස්ගේ සැමියා දින 25ක කාලයක් සිරගත කිරීමෙන් පසු ඔවුහු ඔවුන්ගේ මාස හයක පුතු සමග රට හැර ගියහ.

ඉරානයේ සිටි ඇයගේ පියා ඉරාන ආරක්ෂක අංශ විසින් නිරන්තරයෙන් කැඳවනු ලැබිණි. එහිදී ඔවුහු ඔහුට තර්ජනය කර, තම දියණියට ආපසු පැමිණෙන ලෙස පවසන ලෙස ඔහුගෙන් ඉල්ලීම් කළ අතර ම ඔහුගේ මුණුබුරන් පාසල් ගිය ස්ථානය ඔවුන් දන්නා බව ද පැවසූහ.

2022 වසරේදී, ෆර්නාස්ගේ සහෝදරයා බරපතළ ලෙස රෝගාතුර වූ අතර ඇගේ වයෝවෘද්ධ දෙමාපියෝ ඔහුව රැකබලා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූහ. මාස හයක් ඇතුළත ඇගේ පියා ද මිය ගියේ ය.

"මට සම්පූර්ණයෙන් ගොඩඑන්න බැරි තැනක් ඒක," ඇය පවසයි. "මට ඇත්තට ම මගේ පවුල වෙනුවෙන් එහේ ඉන්න ඕනේ වුණා. මගේ අම්මා වෙනුවෙන්. නමුත් මට ඒක කර ගන්න බැරි වුණා."

බීබීසී පෂ්ටෝහි ෂාසියා හායාට පිටුවහල්ව ගෙවන ජීවිතය වරදකාරී හැඟීමකින් ද පිරී ඇත.

2022 වසරේදී තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගත් විට ඇයගේ දෙමාපියන් සහ සහෝදරයා කාබුල්හි හැර දමා ඇය තනිව ම එක්සත් රාජධානියට ගෙන යනු ලැබිණි.

"එදා රෑ 2:00ට විතර මම ගෙදරින් පිටත් වුණා, ඇයි කියලා මම දන්නේ නැහැ, නමුත් මට මගේ මල්ලිව බදාගන්න බැරි වුණා. ඒ වගේ ම මම ඒ ගැන පසුතැවෙනවා," ඇය පවසයි. "මම මෙතන නිදහසේ ඉන්නවා, නමුත් ඔවුන් ඉන්නේ යම් ආකාරයක හිර ගෙයක."

එපමණක් නොව, අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැරවල ද සීමාවක් නොමැත.

"මම තවදුරටත් මට එන මේ පණිවිඩ කියවන්නේ නැහැ, මේ මරණ තර්ජන," ෆර්නාස් පවසයි. "සමහර වෙලාවට ඒවයි තියෙන්නේ අසභ්‍ය දේවල්. එන්න එන්න ම මහ කැත දේවල් එනවා."

තම මව් රටේ නායකයන් කෝපයට පත් වනු ඇතැයි යන බියෙන් නිර්නාමිකව අදහස් දැක්වූ, ලෝක සේවයේ එක් මාධ්‍යවේදියෙකු පවසන්නේ, ඔහුට සහ ඔහුගේ සගයන්ට ඇති විශාල ම බිය, රජය තම විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කළහොත් තමන්ට ජීවත් වීමට රටක් අහිමි වී යාම ය.

මෙම මාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙකු තර්ජනවලට වඩා කලකිරීමට පත්වන්නේ, දුර බැහැර සිට තම රටවල් ගැන වාර්තා කිරීමට සිදුවීම ය.

ෂාසියා ඇෆ්ගනිස්ථානය පුරා සංචාරය කරමින් මිනිසුන්ට, විශේෂයෙන් කාන්තාවන් සමග ඔවුන්ගේ ජීවිත ගැන සංවාදවල යෙදුණු අයෙකි. දැන් ඇයට ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සිදුව ඇත්තේ, පැහැදිලිව නොඇසෙන දුරකතන මාර්ගයක් මත ය. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරානයේ සාමාන්‍ය ජනතාව බීබීසීයට කතා කිරීම නිසා තර්ජනවලට මුහුණ දෙති.

නීනා ද පවසන්නේ ඇගේ කාර්යය වඩා ත් දුෂ්කර බව ය. ඇය කනස්සල්ලට පත්ව සිටින්නේ, මේසයක් පිටුපස සිරවී සිටීමෙන් ඇය සතු වැදගත් ම කුසලතාව, එනම් වෙන ත් කිසිවෙකුට නොකියන දෑ ඇය හා පැවසීමට මිනිසුන් පොළඹවා ගැනීමේ කුසලතාව, ඇයට අහිමි වී යන බව ය.

 

ඒ වගේ ම ඇයට, තම කුඩා පුතු වෙත දයාව සෙනෙහස ලැබෙන පවුලේ ප්‍රිය සම්භාෂණ ආදී ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් ද මගහැරී තිබේ. "ආදරයේ වෙනසක් නැහැ. නමුත් ඒක දුරයි වගේ," ඇය පවසයි.

පිටුවහල්ව ජීවත් වීම සහ රාජකාරි කිරීම එක්තරා ආකාරයක අර්ධ ජීවිතයක් ගත කිරීමක් බව ෆර්නාස් පැහැදිලි කරයි. "'මම දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, මම මේ රටේ ජීවත් වෙනවා' යන හැඟීමෙන් ඔබට ඇත්තට ම ඔබේ ජීවිතය ගත කරන්න බැහැ. මෙහෙම නෙවෙයි ඒක වෙන්නේ. ඇය පවසයි. "මම පිටුවහල් වෙලා හිටියට තවමත් ඉන්නේ එහේ."

 

(ස්ටෙෆනි හෙගාර්ටි)
ජනගහන වාර්තාකරු, බීබීසී ලෝක සේවය

[උපුටා ගැනීම -BBC සිංහල සේවය]
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්