රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරිමේ සුදානමක්

පවතින බවත් මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන කටයුතු සිදු කිරිමට එම කමිටු පිහිටුවන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මේ සඳහා පළාත් පාලන බල ප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කිරිමට යන බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සඳහා වැය කරන මිලියන 3410ක මුදලින් සුහුරු පන්ති කාමර 3100ක් සකස් කළ හැකි බව පවසයි.

පාසල් 3100කට සුහුරු පන්ති කාමර ලබා දිය හැකිව තිබියදී බංකොලොත් රටේ ණය ඩොලර් බි. 100ක් වී ඇති මොහොතක මෙවැනි මුදල් නාස්තියක් සිදු කරන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

සමගි ජන බලවේග රජයක් තුළ මෙම මුදල් නැවත අධ්‍යපනයට යොදවන බව මෙන්ම මේවාට කිසිම රජයේ නිලධාරින්යෙක් මැදිහත් නොවන ලෙසට ද ඔහු අනතුරු ඇඟවීය.

ආණ්ඩුකාරවරු හරහා තම ගෝලයන් යොදා මෙම කමිටු මෙහෙයවන බවත් මෙය ජාතික අපරාධයක් බවත් මේ සඳහා සමගි ජන බලවේගය විරුද්ධ බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත නිත්‍යානුකූලව ගන්නා සෑම පියවරක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

(චතුරංග මේදිස්)

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්