නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු

අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවන මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොලීසිය පවසන්නේ කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ජයවර්ධනපුර සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පැදිකරුවන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මිරිහාන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(aruna.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්