මෙරට රුපවාහිනී මාධ්‍ය කලාවේ පෙර­ළි­යක් ඇති කර­මින් සිංහල ප්‍රවෘත්ති විකා­ශ­යක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂ­ණය) භාවිත කර­මින් ප්‍රේක්ෂ­ක­යන්ට

ඉදි­රි­පත් කිරී­මට ජාතික රූප­වා­හි­නිය ඊයේ (05) පිය­වර ගත්තේය.

ඊයේ (05) රාත්‍රී 8 ප්‍රවෘත්ති විකා­ශය රූප­වා­හි­නියේ ප්‍රධා­න­තම නිවේ­ද­ක­යන් යුව­ළක් වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණ­රත්න විසින් ඉදි­රි­පත් කළ නමුත් එහි දී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙ­නාගේ අනු­රු­වකි.

ඊයේ (05) ප්‍රවෘත්ති විකා­ශය වැඩි වේලා­වක් ඉදි­රි­පත් කෙරුණේ මෙම අනුරූ මඟිනි.

එම­ඟින් AI තාක්ෂ­ණයේ නව­තම අත්දැ­කී­මක් ප්‍රේක්ෂ­ක­යන් අත­රට ගෙන යාමට ජාතික රූප­වා­හි­නිය ඊයේ (05) කට­යුතු කරනු ලැබීය.

AI තාක්ෂ­ණය මිනි­සාගේ කට­යුතු පහසු කර ගැනීම සඳහා වර්ත­මා­නයේ ලෝකය පුරා භාවිත කරන අති නවී­න­තම සහ ප්‍රමු­ඛ­තම තාක්ෂ­ණික මෙහෙ­යු­මක් වෙයි.

ශ්‍රී ලංකා රූප­වා­හිනි සංස්ථාව මඟින් මින් පෙර අවු­රුදු චාරිත්‍ර මෙම තාක්ෂ­ණය භාවිත කර­මින් ප්‍රේක්ෂක ජන­තාව වෙත ලබා දුන් අතර ඊට රට පුරා මෙන්ම ලෝකය පුරා විසිරි සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් ඉහළ ප්‍රති­චා­ර­යක් හිමිව තිබිණ.

 එම ප්‍රති­චාර තව දුර­ටත් රඳවා තබා ගැනීමේ අභි­ලා­ෂ­යෙන් මෙසේ ඊයේ (05) ප්‍රවෘත්ති විකා­ශ­යට AI තාක්ෂ­ණය භාවිත කිරී­මට කට­යුතු කෙරිණි.

ජාතික රූප­වා­හිනි සංස්ථාවේ සභා­පති ආචාර්ය ප්‍රසාද් සම­ර­සිංහ ගේ මඟ පෙන්වීම යටතේ ගාමිණි බණ්ඩාර මැණි­ක්දි­වෙල විසින් මෙම ප්‍රවෘත්ති විකා­ශය නිෂ්පා­ද­නය කරනු ලැබීය.

ගාමිණි බණ්ඩාර මැණි­ක්දි­වෙල AI තාක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාල සීමාවේ ඩුබාහි පැවැති විශේෂ පුහු­ණු­ව­කට එක්වෙ­මින් ඒ පිළි­බඳ දැනු­මක් ලබා සිටින නිෂ්පා­ද­ක­ව­ර­යකු වන අතර එම දැනුම මේ වන­විට මෙරට විද්‍යුත් මාධ්‍ය කලාවේ උන්න­තිය වෙනු­වෙන් ඔහු ලබා දෙමින් සිටියි.

ඉදි­රි­යේදී මෙම තාක්ෂ­ණය උප­යෝගී කර ගෙන තවත් නවමු අත්දැ­කීම් ජන­තා­වට ලබා­දී­මට ජාතික රූප­වා­හි­නිය කට­යුතු කර­මින් සිටියි.

 

සබැඳි පුවත්

 යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්