කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී

ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය

වීසා නිකුත් කිරීමේ අංශයේ කාර්මික දෝෂ නිරවුල් කිරීමෙන් පසු එහි කටයුතු නැවතත්  එම සමාගමට බාරදෙන බව පැවසූ ලේකම්වරයා වීසා නිකුත් කිරීමේ කටයුතු  විදේශ සමාගමට පවරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බවද සඳහන් කළේය.

සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් !

සංචාරකයින්ට වීසා නිකුත් කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළව මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ලබන සඳුදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුකිරීමට නියමිතය.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ මෙම මාධ්‍ය හමුවට එක්වන අතර, එහිදී මතුවී ඇති ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේදිනවල විදේශගතව සිටින අතර ඔහු ඉරිදා (05) යළි දිවයිනට පැමිණීමට නියමිතය.

සබැඳි පුවත් :
වීසා ප්‍රශ්නය ආණ්ඩුවේ පුද්ගලිකකරණයට වැදුනු  කනේ පාරක්

වීසා අවුල ගැන කතාවලට රජයේ ප්‍රතිචාරය මෙන්න
VFS: වීසා ගැටළුව ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්