The Leader News
BREAKING
ආයතනික තොරතුරු

The Leader අප ගැන

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම්ව ජනතාව දැනුවත් කරන, තොරතුරුවලින් පෝෂණය කරන සහ ප්‍රජා සතුට (Public Happiness) ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සිවිල් ඩිජිටල් මාධ්‍ය පර්යන්තය.

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

අපි සෑම විටකම අපක්ෂපාතීත්වය පවත්වා ගැනීමට වෑයම් කරන අතරම, කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ කටයුතු කිරීම හෝ පෙළ ගැසීම නොකරමු. සමාජයට ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයේ සඵලදායී විවේචනයක් ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරමු. එසේම, අප විසින් අපගේ වාර්තාකරණය සම්පූර්ණ විනිවිදභාවයකින් පවත්වා ගන්නා අතරම, කිසි විටෙකත් රහසිගතව කරුණු එක් රැස් කොට ඉදිරිපත් කරන හෝ වෙනත් රහස්‍ය වාර්තාකරණයන් හි නිරත නොවෙමු.

අපගේ දැක්ම (Our Vision)

“සාමය සහ සමගිය නඟා සිටුවන ආකාරයෙන්, සමාජ අභිවෘද්ධිය සඳහා, සෑම විටම සත්‍ය බවට තහවුරු කර ගත්, සාක්ෂි සාධක මත පදනම් වූ තොරතුරු සපයමු.”

අපගේ මෙහෙවර (Our Mission)

සියලුම පුද්ගලයින්ට පුද්ගලික අවකාශය (පෞද්ගලිකත්වය) සඳහා ඇති අයිතිය සහතික කරමින්, සදාචාරාත්මකව, සමාජය දැනුවත් කිරීම සහ තොරතුරු සැපයීම අපගේ මෙහෙවරයි. විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ සත්‍යාපනය කර ගත් ප්‍රවෘත්ති පමණක් ඉදිරිපත් කිරීම මෙයට ඇතුළත් වේ.

අපගේ ප්‍රධාන අරමුණු

  • වගකීම් සහගත, කාලෝචිත සහ ආචාර ධාර්මික වාර්තාකරණය
  • ජාතිවාදය, ආගමික අන්තවාදය, බහුතරවාදය සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහි වීම
  • සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සිවිල් සහ ඩිජිටල් අයිතිවාසිකම් ප්‍රවර්ධනය
  • සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම
  • ‘සුළුතර’ ගැටළු පිළිබඳ අවධානය සඳහා විවෘත පර්යන්තයක් සැපයීම
  • රාජ්‍ය ප්‍රතිපත්ති, නීතිමය සහ ව්‍යවස්ථාදායක කතිකාවක් ප්‍රවර්ධනය
  • භූ දේශපාලනික හා ආර්ථික ගැටළු විවාදයට පාත්‍ර කිරීම
  • ආචාර ධාර්මික සමාජ මාධ්‍ය භාවිතය සඳහා ආදර්ශයක් සැපයීම

ද ලීඩර් ආයතනික ප්‍රතිපත්ති සහ මාධ්‍ය ආචාරධර්ම ප්‍රකාශනය

1. දුක සහ කඳුළ විකිණීම සපුරා තහනම් කිරීම: ලාභ හෝ Ratings ඉලක්ක කරගනිමින් මිනිසුන්ගේ දුක, කඳුළ හෝ පෞද්ගලික ඛේදවාචක සංවේදීකරණය (Sensationalism) සපුරා තහනම් වේ.

2. ජාතික හා ආගමික සංහිඳියාව: ජාතීන් හෝ ආගම් අතර පවතින සංහිඳියාවට බාධා කෙරෙන ආකාරයේ ප්‍රකාශ, දෘශ්‍ය පට හෝ උපහාසාත්මක නිර්මාණ සෘජුව හෝ වක්‍රාකාරයෙන් පළ නොකරනු ලැබේ.

3. පෞද්ගලිකත්වයට ගරු කිරීම: රහසිගත කැමරා, රහසිගත හඬ පටිගත කිරීම් හෝ වංචනික උපක්‍රම මඟින් තොරතුරු රැස් කිරීම සපුරා තහනම් වේ.

4. ව්‍යාජ සහ සාවද්‍ය පුවත් තහනම (Zero Tolerance for Fake News): තහවුරු නොකළ, නොමඟ යවන සුළු සිරස්තල (Clickbait Titles) හෝ සාවද්‍ය පුවත් මුදානොහරින අතර සෑම පුවතක්ම නිසි පරිදි සත්‍යාපනය කරනු ලබයි.

5. ළමා හා වින්දිතයන්ගේ ආරක්ෂාව: වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ හෝ අපරාධ වින්දිතයන්ගේ අනන්‍යතාවය හෝ පෞද්ගලික තොරතුරු අවසරයකින් තොරව අනාවරණය කිරීම සපුරා තහනම් වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය / ප්‍රධාන විධායක නිලධාරී • 'ද ලීඩර්' පුද්ගලික සමාගම