පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy)
TheLeader.lk වෙබ් අඩවිය භාවිතා කරන විට ඔබේ සහ ඔබේ පවුලේ පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කිරීමට අපි පූර්ණ ලෙස කැපවී සිටිමු.
1. හැඳින්වීම සහ සාමාන්ය නීති
ඔබ theleader.lk වෙබ් අඩවිය භාවිතා කරන අවස්ථාවලදී ඔබේ සහ ඔබේ පවුල පිළිබඳ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට theleader.lk නිරතුරුවම කැපවී සිටී. තුන්වැනි පාර්ශවයන්ට අයත් සහ කළමනාකරණය කරනු ලබන වෙබ් අඩවිවලට යොමු අපේ වෙබ් අඩවිවල ඇතුළත් විය හැක. එවැනි බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව theleader.lk කිසිදු වගකීමක් නොදරයි.
2. TheLeader.lk පාඨකයන් ගැන රැස්කරන්නේ කුමන තොරතුරුද?
ඔබේ අදහස් ලියා එවන අවස්ථාවලදී හෝ අපගේ සමාජ මාධ්ය හරහා තොරතුරු ලබාදීමේදී theleader.lk වෙබ් අඩවිය විසින් සපයන සේවාවක් ලබාගැනීමට හෝ අන්තර් ක්රියාකාරිත්වයට එක්වීමට ඔබ උත්සාහ කරන අවස්ථාවලදී ඔබේ නම, ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය වැනි තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලා සිටීමට ඉඩ තිබේ.
3. රැස්කළ තොරතුරු භාවිතා කරන්නේ කෙලෙසද?
ඔබේ පුද්ගලික තොරතුරු TheLeader.lk විසින් යොදාගනු ලබන්නේ සේවා පරිපාලන අවශ්‍යතා, පුවත් පත්‍රිකා සහ ගිණුම් කළමනාකරණය සඳහා පමණි. අධිකරණයක් විසින් නියෝගයක් කෙරුණු අවස්ථාවකදී හැර ඔබේ පුද්ගලික විස්තර අපි දැඩි රහසිගතභාවයකින් යුතුව සුරක්ෂිතව තබාගන්නෙමු.
4. තොරතුරු රඳවා තබා ගැනීමේ කාලසීමාව
අදාළ සේවාව සැපයීම සඳහා අවශ්‍ය වන තාක්කල් පමණක් ඔබේ පුද්ගලික තොරතුරු අපේ දත්ත ගබඩාවල තබාගනු ලැබේ.

