හැඳින්වීම සහ සාමාන්ය නීති

ඔබ theleader.lk වෙබ් අඩවිය භාවිතාකරන අවස්ථාවලදී ඔබේ සහ ඔබේ පවුල පිලිබඳ පුද්ගලික තොරතුරු ආරක්ෂාකිරීමට theleader.lk කැපවී සිටී.

තුන්වැනි පාර්ශවයන්ට අයත් සහ කළමනාකරණය කරනු ලබන වෙබ් අඩවිවලට යොමු අපේ වෙබ් අඩවිවල ඇතුලත්වේ. එවැනි බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව theleader.lk කිසිදු වගකීමක් නොදරන අතර, එම අඩවි භාවිතකරන්නේනම් එහි වගකීම ඔබ භාරගත යුතුය.

theleader.lk පාඨකයන් ගැන රැස්කරන්නේ කුමන තොරතුරුද?

ඔබේ අදහස් ලියා එවන අවස්ථාවක් හෝ අපගේ සමාජ මාධ්ය හරහා තොරතුරු ලබාදිමේදි theleader.lk වෙබ් අඩවිය විසින් ලබාදෙන සේවාවක් ලබාගැනීමට හෝ අන්තර් ක්රියාකාරිත්වයට එක්වීමට ඔබ උත්සාහකරන අවස්ථාවලදී ඔබේ නම, ලිපිනය, ඊමේල් ලිපිනය, දුරකථන හෝ ජංගම දුරකථන අංකය වැනි තොරතුරු ලබාදෙනමෙන් අප විසින් ඉල්ලා සිටිනු ලැබීමට ඉඩ තිබේ.

theleader.lk පාඨකයන් ගැන රැස්කළ තොරතුරු භාවිතාකරන්නේ කෙලෙසද?

ඔබේ පුද්ගලික තොරතුරු theleader.lk විසින් යොදාගනු ලබන්නේ "සේවා පරිපාලන අවශ්යතා" ඇතුළු අවස්ථා කිහිපයකදී පමණි. "සේවා පරිපාලන අවශ්යතා" යනු ඔබ දායකත්වය ලබාගත් සේවාවට අදාලව theleader.lk ඔබ ඇමතීමට ඉඩතිබේ.

අධිකරණයක් විසින් නියෝගයක් කෙරුණු හෝ අවසරයක් ලබාදුන් අවස්ථාවකදී හැර ඔබේ පුද්ගලික විස්තර අපි රහසිගතව තබාගන්නෙමු. ඔබ විසින් අපහාසාත්මක, යෝග්ය හෝ මතභේදයට තුඩුදියහැකි අදහස් theleader.lk වෙබ් අඩවියට යොමුකළහොත් හෝ theleader.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කිසියම් කඩාකප්පල්කාරී ක්රියාවක නිරතවූ අවස්ථාවක එම හැසිරීම නැවැත්වීම සඳහා theleader.lk විසින් ඔබේ පුද්ගලික තොරතුරු යොදාගැනීමට ඉඩතිබේ.

theleader.lk මගේ පුද්ගලික විස්තර කෙතරම් කලක් තබාගන්නේද?

අදාල සේවාව සැපයීම සඳහා අවශ්යවන තාක්කල් පමණක් ඔබේ පුද්ගලික තොරතුරු අපේ දත්ත ගබඩාවල තබාගනු ලැබේ. ඔබ theleader.lk වෙබ් අඩවියකට කිසියම් ලිපියක් හෝ වීඩියෝ / හඬපටයක්/ ඡායාරූප යොමුකළ අවස්ථාවක, එය අවශ්යම කාලය සඳහා පමණක් ඔබේ නිර්මාණය වෙබ් අඩවියේ තබාගනු ලැබේ.

Follow Us

Image
Image
Image
Image
Image
Image