BREAKING
Top Ad
පුවත්

ගෝඨාගේ ඇමරිකානු ලියකියවිලි 11දාට පෙර ප්‍රසිද්ධියට !

T

The Leader

July 28, 2019 • 8:50 AM

ගෝඨාගේ ඇමරිකානු ලියකියවිලි 11දාට පෙර ප්‍රසිද්ධියට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට තීන්දු කර ඇත.
  • පසුගිය 25දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.
  • ''එම ලේඛන දැක්කා අය ඇත්තේ අතලොස්සයි.
  • ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව අගෝස්තු මස දෙවැනි සතියේදී මෙකී සියලු ලිපි ලේඛන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බවත්, ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරවලට මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම තුලින් නිසි පිළිතුරක් ලැබෙනු ඇති බවත් 'වියත්මඟ' පවසයි.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලද රාජපක්ෂ ඉදිරි දෙසතිය කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවී විවේකයෙන් ගත කිරීමට තීන්දු කර ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුව බවද පවසන  'වියත්මඟ' සංවිධානය, අගෝස්තු මස 11දා නිල වශයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයා ලෙස ඔහුව නම් කිරීමෙන් පසු ඉදිරි මාස කිහිපය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ සහභාගි වීමට නියමිත බවත් කියා සිටියි.

ඇසින් දුටු සාක්ෂි මෙන්න !

ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ ලේඛන තමා ඇස් දෙකෙන්ම දුටුබව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

පසුගිය 25දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

''එම ලේඛන දැක්කා අය ඇත්තේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරින් එක්කෙනෙක් මම. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත්  කිරීමයි. එම සහතිකය මැයි මාසයේ ලැබුණා.'' මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී කියාudaya Gamanpila 2019.07.28 සිටියේය. 

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

''ආණ්ඩුවේ පත්තරේක ප්‍රධාන සිරස්තලය තමයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරපු මෑතකාලීන වාර්තාවේ ඇමරිකානු පුරවැසිකම  අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  නම සඳහන් වන්නේ නැහැයි කියන එක.  නමුත් නම සඳහන් නොවීම පුදුමයට හේතුවක් නොවෙයි. නම තිබුණ නම් තමයි පුදුමේ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සම්බන්ධයෙන් වන අවසාන ලේඛනය එතුමාට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවන්නේ පසුගිය 2019 මැයි මාසයේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරන්නේ 2019 මාර්තු මාසයේ 31 වන දින දක්වායි. 

2019 මැයි මාසයේ පුරවැසිකම අත්හල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම මාර්තු 31 වන දා ට කලින් පුරවැසිකම අත්හළ පුද්ගලයන්ගේ නාමලේඛනයේ තියෙන්නෙ කොහොමද ?  එහෙම තිබ්බනම් තමයි පුදුමය. ඒක නොතිබීම සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ.

ජුනි මස 30 වන දා වන විට පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ වාර්තාව ලබන මාසයේ මුල අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා.''

ප්‍රශ්නය
ඔබතුමා විශ්වාස කරනවාද ඒ කාලය වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම එම පුරවැසිකම අත්හළ නාමලේඛනයේ පවතීවි යැයි කියලා
පිළිතුර
අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.  මොකද එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. එහෙම දැක්කා අය ඇත්තේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරින් එක්කෙනෙක් මම. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත්  කිරීමයි. එම සහතිකය මැයි මාසයේ ලැබුණා.

'ගෝඨා දැන් ඇමරිකානු පුරවැසියෙක් නොවෙයි'

පසුගිය අප්‍රේල් මාසයේ 29 වෙනිදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්
කිව්වා පුරවැසිභාවය අත් හැරීමේ ක්‍රියාවලිය 90% අවසන් තවත් එක් ලේඛනයක් එන්නට තියනවා කියලා. එතුමා ඒ කිව්වේ අප්‍රේල් 29 වැනිදා තත්වයයි.  ඒ එන්නට තිබූ ලේඛනය පුරවැසිකම අත්හැරීම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සහතිකයයි. එය මැයි මාසයේ ලැබුණා.  දැන් එතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවෙයි. තවදුරටත්  මේ සම්බන්ධයෙන් එන්නට ලියුම් නැහැ. ලැබෙන්නට තියෙන ලියුම් ඇවිල්ලා එම කාරිය100% සම්පූර්ණ කරලා ඉවරයි.

ප්‍රශ්නය
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අදහස කුමක්ද ?
පිළිතුර
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ස්ථිර ප්‍රතිපත්තියක ඉන්නවා.  එතුමා මීට කලින් කිව්වා මම සූදානම් ඔබ සූදානම්ද කියලා. ඒ කියන්නේ එතුමා සූදානම් වුනේ ගොඩක් කලින්.  අපි සූදානම් කියන එක නිල වශයෙන් එතුමන්ට දැනුම්දීමක් තමයි අගෝස්තු මාසයේ එකොළොස් වැනිදා සිදු කරන්නේ. 

ප්‍රශ්නය
ඒ කියන්නේ ඒක ස්ථීරයි
පිළිතුර
100% ස්ථිරයි

ප්‍රශ්නය
අර නම් පහත් කියවෙනවා කියපු එක ගැන ඔබතුමා මොකද කියන්නේ ?
පිළිතුර 
නම් පහක් යෝජනා වුණා.  ‍ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒක එහෙම තමයි. ඇමරිකාවේත් හිලරි ක්ලින්ටන් සහ බැරැක් ඔබාමා අතර පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි අපේක්ෂකයා තෝරා ගත්තේ.  සුළු ඡන්ද සංඛ්‍යාවකින් හිලරි ව පරාජය කරලා බැරක් ඔබාමා අපේක්ෂකයා වුනා. ඉන් පස්සේ හිලරි ඇතුළු සියලු දෙනා එකතුවෙලා ඔබාමා දිනවූවා. අපිත් එහෙම තමයි.  නම් පහක් ඉදිරිපත් වුණත් එක නමයි තෝරාගෙන තිබෙන්නේ. එයාට අන් සියලු දෙනා සහයෝගය දෙනවා.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...