ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරක් වන ජාතික ජන බලවේගයේ මහ සමුළුව පසුගිය 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර අද එහි පළමු මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මෙම මාධ්‍ය හමුවේ දී විප්ලවීය සමාජවාදී කේන්ද්‍රෙය් වසන්ත දිසානායක, වමේ කේන්ද්‍රයේ මහින්ද රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජන නියමු කලාකාරැවෝ සංවිධානයේ කමල් පෙරේරා ජාතික විද්වත් සංවිධානයේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු අදහස් දැක්වූහ.
මීට අමතරව සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය යන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වී සිටියහ.
මාධ්‍ය හමුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලබන ජන රැලියේදී ප්‍රකාශයට පත් කරන බවය.
සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී සියළු පැතිවලින් අර්බුධකාරී තත්වයක් ගොඩනැගී ඇති බවත් එය වෙනස් කරන ප්‍රතිපත්ති ඇතුළත් දැවැන්ත මහජන බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය ගොඩනගා ඇති බවත් එය මැතිවරණවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ දිශාවට ගමන් කරන්නක් බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරනු ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
සබැඳි පුවත් :
ජනාධිපතිවරණය : ජවිපෙන් අපේක්ෂකයෙක් ස්ථිරයි- අනුර ද? බිමල් ද?
ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර : අගෝස්තු 18 ප්‍රකාශයට!
T
The Leader
July 30, 2019 • 9:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු 18 වනදා පස්වරු 3.00ට ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලබන ජන රැලියේදී හෙළිකරන බව අද (30) කෝට්ටේ සෝලිස් උත්සවශාලාවේදී පැවූ ජාතික ජන බලවේගයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කරන ලදී.
- මාධ්‍ය හමුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වනු ලබන ජන රැලියේදී ප්‍රකාශයට පත් කරන බවය.
- කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරනු ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


