BREAKING
Top Ad
පුවත්

පවුල 38%ක් බෙදාගෙන: 'දේශීය කර්මාන්ත ගොඩ දැමීමේ ගෝටාගේ බොරුව' - උවිඳු කුරුකුලසූරිය

T

The Leader

August 28, 2020 • 9:46 AM

පවුල 38%ක් බෙදාගෙන: 'දේශීය කර්මාන්ත ගොඩ දැමීමේ ගෝටාගේ බොරුව' - උවිඳු කුරුකුලසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 21 වෙනිදා පාර්මේලිමේන්තු න්‍යයපත්‍රයට ඉදිරිපත් කර තිබෙන විසර්ජන යෝජනාව අනුව කැබිනට් අමාත්‍යාංශ 28ක් සඳහා
  • එයින් රුපියල් කෝටි 36,734ක් වෙන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපත්වරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සිව්දෙනෙකු සඳහා ය.
  • එය  වෙන් කර තිබෙන මුළු මුදලින් 38.68%ක් වූ අතිවිශාල ප්‍රමාණයක් ය.
  • සෘජුවම ජනාධිපතිවරයාට ඉදිරි මාස 04 සඳහා රුපියල් කෝටි 479ක් වෙන් කර ඇති අතර අගමැතිවරයා වෙත සෘජුවම රුපියල් කෝටි 40ක් වෙන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රුපියල් කෝටි 94,976ක් වෙන් කර තිබේ.

එයින් රුපියල් කෝටි 36,734ක් වෙන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපත්වරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සිව්දෙනෙකු සඳහා ය. එය  වෙන් කර තිබෙන මුළු මුදලින් 38.68%ක් වූ අතිවිශාල ප්‍රමාණයක් ය.

සෘජුවම ජනාධිපතිවරයාට ඉදිරි මාස 04 සඳහා රුපියල් කෝටි 479ක් වෙන් කර ඇති අතර අගමැතිවරයා වෙත සෘජුවම රුපියල් කෝටි 40ක් වෙන් කර තිබේ.

පවුලකට රුපියල් කෝටි 36,734ක්

රාජපක්ෂ පවුලේ සිව්දෙනා සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයන් මෙසේ ය.

01 - ජනාධිපති හා ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂගේ වගකීම් වෙනුවෙන් රුපියල් කෝටි 17,889ක් වෙන් කර තිබේ.

02 - අගමැති, මුදල් ඇමති, බුද්ධශාසන හා නාගරික සංවර්ධන ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ යටතට රුපියල් කෝටි 16,685ක් වෙන් කර ඇත.

03 - වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ යටතට රුපියල් කොටි 1,617ක්ද

04 - තරුණ හා ක්‍රීඩා ඇමති වශයෙන් නාමල් රාජපක්ෂ යටතට රුපියල් කෝටි 543ක්ද යනාදී වශයෙන් මුදල් වෙන් කර දී ඇත.

 

මැටි ඇමතිට මිලියන 57යි - මන්ත්‍රීල ඩියුටි ෆ්‍රී වාහනේ බලපත්‍රය විකුණන්නෙත් මිලියන 40කට !!

Prasanna Ranaweera''වේවැල්, පිත්තල, ලී බඩු, මැටි පිළිබඳ රාජ්‍ය ඇමතිට වෙන් කරල තියෙන මූලධන වියදම​ මිලියන 57යි''

මෙසේ මුදල් වෙන්කර ගැනීමේ විෂමතාවය අනාවරණය කරමින් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ අද (අගෝස්තු 28) පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''දේශීය කර්මාන්ත දියුණු කිරීමට ලොකු වැඩක් කරනව කියල කිව්වට වේවැල්, පිත්තල, ලී බඩු, මැටි පිළිබඳ රාජ්‍ය ඇමතිට වෙන් කරල තියෙන මූලධන වියදම​ මිලියන 57යි කියල අනුර දැන් පාර්ලිමේන්තුවෙදි කිව්ව.

මට මතක් උනේ මන්ත්‍රීල ඩියුටි ෆ්‍රී වාහනේ බලපත්‍රය විකුණන්නෙත් මිලියන 40කට වගේ ගානකට කියන එක. ඒ කියන්නෙ මේ ගොල්ල ගෙනත් විකුණන වාහන එකහමාරක් විතර වටින ගානක් තමා ප්‍රසන්නට දීල තියෙන්නෙ.

 මිලියන 57න් ප්‍රසන්න ඇමති කොහොමද ඔය කර්මාන්ත දියුණු කරන්නෙ? බිලියන 1745ක් වන මුලු වියදමින් ප්‍රසන්නට වෙන් කරල තියෙන්නෙ බිලියන 0.057යි (0.0033%).

දයාසිරිගෙ බතික්, අත් යන්ත්‍ර, දේශීය ඇඟලුම් අමාත්‍යාංශයට බිලියන 0.093යි ලු.

ගුදම්, පහසුකම්, බහාලුම් අංශ වර්ධනය, වරාය, බෝට්ටු හා නැව් කර්මාන්තය පිළිබඳ බාර ඇමතිට වෙන් කරල තියෙන්නෙ මිලියන 80යි ලු. ඒ කියන්නෙ බිලියන 0.08යි. ඕකෙන් නැවක් තියා බෝට්ටුවක්වත් හදන්න පුලුවන් ද?

 මාර කර්මාන්ත වර්ධනයක් ඇතිවෙයි. සල්ලි ඔක්කොම රාජපක්‍ෂලාගෙ යටතෙ තියෙන්නෙ. මේව නිකන් මිනිස්සු අන්දන වැඩ.

අංග සම්පූරණ අයවැයක් ඉදිරිපත් කරන කොටවත් සාධාරණ මුදලක් මේ අයට ලැබේවා! ''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...