ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මෑතදී මියගිය පිරිමියකු හඳුනාගෙන නොමැත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය පුද්ගලයා අවුරුදු 55- 60 ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක් බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඔහුගේ දේහය නොවැම්බර් 8 දින ඉදිරිපත් කර ඇති බව පවසන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව එම පුද්ගලයා හමුවු ප්‍රදේශය හෝ ඔහුගේ දේහය ඉදිරිපත් කර තිබෙන ස්ථානය අනාවරණය කර නොමැත.
එමනිසාම මියගිය තැනැත්තාට රෝගය වැළඳුනු ආකාරය හෝ ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් හඳුනාගැනීම හෝ අසීරු කටයුත්තක් වී ඇත.
නොවැම්බර් 10 අඟහරුවාදා පස්වරු හතයි කාල (19.15) වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන පරිදි කොරෝනා වසගතය ආසාදනය වීමෙන් මෙරට තුලදී මිය ගොස් ඇති ගණන 41කි.
මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය දින කිහිපයේ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් නොවැම්බර් 9 සදුදා මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති බවයි.
කොරෝනා වසගත දෙවන රැල්ලත් සමග ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මරණ 23න් අඩක් ම ගෙදර දී සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු අද උදැසන පවසා තිබිණ.



