BREAKING
Top Ad
පුවත්

ඇමතිවරුන් 53 යි: කාන්තාවන් එකයි - දෙමල දෙදෙනයි!

T

The Leader

November 27, 2019 • 9:38 AM

ඇමතිවරුන් 53 යි: කාන්තාවන් එකයි - දෙමල දෙදෙනයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙක් අද (නොවැම්බර් 27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.
  • පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දුන් අතර බදාදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිස සමග සම්පූර්ණ ඇමති මණ්ඩලය 53 දක්වා ඉහළ ගොස් තිබේ.
  • අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරුන් 16ක්, රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා මේ වන විට පත්කර තිබේ.
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර සම්පූර්ණ ඇමති මණ්ඩලය 70කට සිමා කර ඇති අතර කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකුත් කැබිනට් නොවන ඇමතිවරුන් 40කුත් පත් කළ හැකිවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිණි. පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දුන් අතර බදාදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිස සමග සම්පූර්ණ ඇමති මණ්ඩලය 53 දක්වා ඉහළ ගොස් තිබේ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරුන් 16ක්, රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා මේ වන විට පත්කර තිබේ. ඒ අතරින් චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍ය පදවියක් උසුලන් අතරම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පදවියට ද පත්කොට තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර සම්පූර්ණ ඇමති මණ්ඩලය 70කට සිමා කර ඇති අතර කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකුත් කැබිනට් නොවන ඇමතිවරුන් 40කුත් පත් කළ හැකිවේ. ඒ අනුව අවශ්‍ය නම් ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් 14ක් හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව තිබේ.

53 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ ඇමති මණ්ඩලයේ සිටින්නේ එක් කාන්තාවක් පමණක් වීම විශේෂත්වයකි. ඒ කැබිනට් අමාත්‍යධුරයක් දරන පවිත්‍රා වන්නිඅරාච්චිය. "අවාසනාවකට" කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැති ධුරය කාන්තාවකට ලබාදීමට තමන්ට නොහැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මන්ත්‍රීවරියන් සිටින්නේ 13 දෙනෙකු පමණි. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන කාන්තා හිටපු අමාත්‍යවරියන් වන සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ශ්‍රියානි විජේවික්‍රමට මෙවර කිසිදු අමාත්‍ය තනතුරක් හිමි වී නැත.  

මෙම සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයේ දෙමළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින අතර කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරුවරයෙකුට අමාත්‍ය පදවියක් හිමි වී නැත.

 

Image may contain: one or more people and people standing
නව කැබිනට් මණ්ඩලය

 වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන උදය ගම්මන්පිල, සරත් අමුණුගම, රන්ජිත් සොයිසා, ටී බි ඒකනායක, චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා සහ ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන්ට කිසිදු ඇමැතිධුරයක් නොලැබීම ද විශේෂත්වයකි.

තමන්ට අමාත්‍යධුරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයාට දැන්වූ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට එක්වූ විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායක මන්ත්‍රීවරුන්ට හෝ 2018 දින 52 රාජපක්ෂ ආණ්ඩුවට සහය දීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා දී නැත.

දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩුවට එක් වූ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාටද අමාත්‍ය ධුරයක් හිමිව නොමැත.

කැබිනට් ඇමතිවරුන්ගේ  සංඛ්‍යාව අඩු කළ ආකාරයට රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ද අඩුකිරීමට අවශ්‍යතාවක් තිබුණත් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති විශාල වගකීම් රාශිය ඉටුකිරීම සඳහා එම ප්‍රමාණය පත්කළ බව මෙහිදී අදහස් දැක්වූ ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය.

ජනතාවගේ අවශ්‍යතාවයක් සළකා බලා මෙම අමාත්‍ය ධුර වෙන්කළ බව පැවසූ ජනාධිපතිවරයා, ඔවුන්ට ලබාදී තිබෙන්නේ වරප්‍රසාදයක් නොව වගකීමක් බව අමාත්‍යවරුන්ට මතක් කර දුන්නේය.

 

අමාත්‍ය මණ්ඩලය - කැබිනට් අමාත්‍යවරුන්

01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය

02. නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

03. ආරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

04. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය

05. ඩග්ලස් දේවානන්ද - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

06. පවිත්‍රා වන්නිආරච්ච් - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය

07. බන්දුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය

08. ජනක බණ්ඩාර තෙන්නකොන් - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

09. චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය

10. ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය

11. ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග, මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය

12. විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ

13. මහින්ද අමරවීර - විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය

14. එස් එම් චන්ද්‍රසේන - පරිසර සහ වනජීවී සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය

15. රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම

16. ප්‍රසන්න රණතුංග - සංචාරක සහ ගුවන් සේවා/කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

 

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර

01. චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

02. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

03. ගාමිණී ලොකුගේ- නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

04. මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

05. එස් බී දිසානායක - ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

06. ජෝන් සෙනෙවිරත්න - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

07. මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

08. සී බී රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය

09. ලක්ෂ්මන් යාපා අබේවර්ධන -තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

10. සුසන්ත පුංචිනිලමේ -කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

11. අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය

12. සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය

13. පියංකර ජයරත්න - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය

14. රංජිත් සියඹලාපිටිය -අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

15. මහින්දානන්ද අලුත්ගමගේ -විදුලිබල රාජ්‍ය අමාත්‍ය

16. දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

17. රෝහිත අබේගුණවර්ධන -බලශක්ති රාජ්‍ය අමාත්‍ය

18. දයාසිරි ජයසේකර -කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

19. ලසන්ත අලගියවන්න මහතා -රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය

20. කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

21. අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

22. තිලංග සුමතිපාල -තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය

23. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා -මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

24. විජිත බේරුගොඩ -කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

25. රොෂාන් රණසිංහ මහතා-මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

26. ජානක වක්කුඹුර -අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

27. විදුර වික්‍රමනායක -කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

28. ෂෙහාන් සේමසිංහ -සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය

29. කනක හේරත් -වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

30. දිලුම් අමුණුගම -ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

31. ලොහාන් රත්වත්තේ -මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

32. විමලවීර දිසානායක -වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය

33. ජයන්ත සමරවීර -පරිසර රාජ්‍ය අමාත්‍ය

34. සනත් නිශාන්ත -ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

35. තාරක බාලසූරිය -සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

36. නිමල් ලන්සා - ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

37. කාංචන විජේසේකර - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

38. ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

 

අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු:

අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන්  වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි.
 
එම නව ලේකම්වරුන් මෙසේය:
 
1. එස්.එම්. මොහොමඞ් මහත්මිය - සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්

2. ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි  - මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්

3. ජේ.ජේ. රත්නසිරි  - අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්

4. රවින්ද්‍ර හේවාවිතාරණ  - වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

5. ජේ.ඒ. රංජිත්   - කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

6. ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක    - උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්

7. එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න  - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

8. ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා  - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

9. වසන්තා පෙරේරා මහත්මිය      - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ  -  වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

11. එස්. හෙට්ටිආරච්චි  - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්

12. ආර්.පී. ආර්යසිංහ   - විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්

13. ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය- කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

14. ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය  -පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

15. ආර්.ඒ.ඒ.කේ. රණවක   - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

16. එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ  - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

17. ආර්.එම්.අයි. රත්නායක  - ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

18. පී.එස්.එම්. චාල්ස් මහත්මිය    - සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්

19. එන්.බී. මොන්ටි රණතුංග  - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

20. ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම  - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...