BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය: පාර්ලිමේන්තු වාර්තාවේ නිර්දේශ 8 මෙන්න

T

The Leader

October 23, 2019 • 9:33 AM

පාස්කු ප්‍රහාරය: පාර්ලිමේන්තු වාර්තාවේ නිර්දේශ 8 මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව අද (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි.
  • එහිදී අදහස් දැක්වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් කවුරුන්දැයි නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.
  • විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූ අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම අදාළ වාර්තාව මගින් සොයා බැලුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
  • අවස්ථා 24කදී රැස්ව ඇති කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් 51 දෙනෙකුගෙන් වාර්තාව සඳහා සාක්ෂි ලබා ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෝ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය හමුවකට එක් වූහ.

එහිදී අදහස් දැක්වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් කවුරුන්දැයි නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවය.

විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූ අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම අදාළ වාර්තාව මගින් සොයා බැලුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.test 39

අවස්ථා 24කදී රැස්ව ඇති කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් 51 දෙනෙකුගෙන් වාර්තාව සඳහා සාක්ෂි ලබා ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු, ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටී.

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා විසින් කාතාන්කුඩි ප්‍රදේශයේ පැවති අන්තවාදී ක්‍රියා පිළිබඳ 2011 වසරේදී පළමු වරට කරුණු ඉදිරිපත් කරන ලද බව කී නියෝජ්‍ය කතානායකවරයා ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවලදී ද විවිධ මුස්ලිම් ආගමික සංවිධාන ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබූ බව පැවසීය.

"ඒ නිසා මේක එකපාරට වෙච්ච දෙයක් නොවෙයි." යනුවෙන් සඳහන් කළ ඔහු අදාළ ප්‍රහාරයට මුල් වූ සිදුවීම් දාමය දෙස ආරම්භයේ සිටම අවධානය යොමු කළ යුතුව තිබුණු බව කියා සිටියේය.

"ඒ වගේම ඇතැම් අවස්ථාවල අපට දැනගන්න ලැබුනා මේ සමහර අය යුද්ධය පැවති අවදියේදී මේ අය පාවිච්චි කළා ඔත්තුකරුවන් හැටියට. ඉතින් ඒ අයට ගෙවීම් කරලා තිබුණු බව යම් යම් තැන්වල සඳහන් වුණා"

ආණ්ඩු වෙනස් වීමත් සමග ඉහත කී පුද්ගලයන් දෙස දැඩි අවධානයෙන් පසු වූයේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ කරුණු අනාවරණය කර ගත හැකිව තිබූ බව නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසුවේ බුද්ධි අංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ගේ අඩුපාඩු ද ප්‍රහාරයට බලාපා තිබෙන බවය.

test 40වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

1. ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ

2. ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

3. ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව

4. අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම : නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම

5. වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව

6. මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර

7. දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම

8. නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව කියවීම සඳහා මේ යොමුවට පිවිසෙන්න.

පාස්කු ප්‍රහාරය

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් අප්‍රේල් 21 වෙනිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් පිරිස 250 කට අධිකය.

තවත් පන්සීයකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබූහ.

ඒ සමග තවත් ප්‍රහාරකයන් සිටීදැයි සොයා රට පුරා ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහිදී අවි ආයුධ සහ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට පත් විය.

ප්‍රහාරයෙන් අනතුරුව හටගත් උණුසුම්කාරී තත්ත්වය හමුවේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් විරෝධී ප්‍රහාර එල්ල වූ අතර එහිදී එක් මුස්ලිම් වැසියෙක් මරණයට පත් විය.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...