දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ.ඒ, පෙරේදා (30) සවස අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින්ගේ රැස්වීමේදීය.
මෙම සාකච්ඡාවට ඇමැති සජිත් ප්‍රේමදාස ද සහභාගී වී ඇති අතර මෙහිදී ඇමැති හර්ෂ ද සිල්වා විසින් ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීමේදි බලපවත්වනු ලබන ආකල්පයන් සම්බන්ධයෙන් (Opinion poll) සමීක්ෂණ සිදුකරන සමාගම් කිහිපයකම නිගමනය ඉදිරිපත් කර පවත්නා තත්වය ගැන විග්‍රහයක් සිදු කර තිබේ.
මෙම සමාගම් මීට පෙර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ද සේවය සපයා ඇති පළපුරුදු ආයතන කිහිපයකි. මෙහිදී එජාප ජයග්‍රහණයට ඇති වාසිදායක තත්වයන් හා අඩුපාඩු
සම්බන්ධයෙන් තිබෙන මහජන මතය පෙන්වා දී ඇති හර්ෂ ද සිල්වා, සජිත් ප්‍රේමදාස තමන්ට සිටින සුදුසුම අපේක්ෂකයා බව අවධාරණය කර ඇත.
එම කරුණු දැක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා කිසිඳු ආකාරයකින් ප්රතිවිරෝධයක් දක්වා නොමැත.
කෙසේ නමුත් බිම්මට්ටමේ ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ වැදගත් කම මෙහිදී අවධාරණ කෙරුණු නමුත් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා, පෙර සඳහන් සමාගම් වල නිගමනය ප්‍රතික්ෂේප කර බිම්මට්ටමේ ජනතාවගෙන් කිසිදු වැඩක් නැති බවට අදහස් ප්‍රකාශ කර තිබේ.
රටක් හදන්න අවශ්‍ය වන්නේ බිම්මට්ටමේ ජනතාව නොව උගත් බුද්ධිමත් මැද පන්තියේ ජනතාව බවත් පෙන්වා දී ඇති ෆීල්ඩ් මාෂල්වරයා, බිම්මට්ටමේ ලිං මැඩියගේ ඡන්ද එජාපයට අවශ්‍ය නොවන බව යළි යළිත් අවධාරණය කර ඇත.
මැද පංතියේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ඡන්ද වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සුදානම් බවද ඔහු පවසා ද මෙහිදී ඇත. මෙහිදී අමාත්‍ය දයා ගමගේ පවසා ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තම ද සුදානම් බවයි.
එම රැස්වීමට සහභාගී වී සිටි බොහෝදෙනාගේ උසුළු විසුළු මැද ඔවුන් දෙදෙනා නිහඬවී ඇත.
(මූලාශ්‍රය -lankadaily)



