BREAKING
Top Ad
පුවත්

ජුනි 09- මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් දිනය

T

The Leader

June 9, 2022 • 3:09 AM

ජුනි 09- මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් දිනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ඡායාරූපය Prageeth Rathnayake ගෙ පිටුවෙන්)
  • ඒ, 2020 ජුනි මස 09 වෙනිදාය.
  • කෙසේවුවද වසරකට වැඩි කාලයක් එවැනි තරුණ දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජ මතයක් ගොඩනැගීමට වෙහෙසුන ඔහු, පසුගිය වසරේ (2021) අගෝස්තු 24දා කොරෝනා ආසාදනයට ලක්ව ජිවිතක්ෂයට පත්විය.
  • එහෙත් ඔහු අපේක්ෂා කල ලෙසම රටතුල තරුණ අරගලයක් මතුවීම ඔහුගේ දේශපාලන දැක්මේ පරිනතබවට සාක්ෂියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිටපු අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තේ අද (ජුනි 09) වැනි දිනකය. ඒ, 2020 ජුනි මස 09 වෙනිදාය.

ඔහු 2020 ජුනි මස 09 වෙනිදා මාතර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා, තමා මින් ඉදිරියට පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බවත්, මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින තමා එම ලැයිස්තුවෙන් ඉල්ලා අස්වන බවත් රටට දැනුම් දී සිටියේය. 

 
මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් අද වැනි දිනකම ඔහුගේ සමකාලින දේශපාලන මිතුරකු වූ බැසිල් රාජපක්ෂට ද පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට සිදුවීම සුවිශේෂී කාරණයකි. එහෙත් ඒ දේශපාලන සන්දර්භයන් දෙකක් තුලයි.


පාර්ලිමේන්තු දේශපාලනය සම්බන්ධයෙන් බලවත් සේ කනස්සල්ලට පත්ව සිටි මංගල, ඉන් අනතුරුව තරුණ තරුණියන් ඒකරාශී කරගනිමින් 'සැබැ දේශප්‍රේමියෝ' නමින් මතවාදී මෙහෙයුමක් ආරම්භකරනු ලැබුවේ, වැඩිකල් නොයා තරුණ තරුණියන් මෙරටේ දේශපාලනය හා සංස්කෘතිය වෙනස් කිරීමට පෙරමුණ ගන්නා බව පෙන්වා දෙමිනි.

කෙසේවුවද වසරකට වැඩි කාලයක් එවැනි තරුණ දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජ මතයක් ගොඩනැගීමට වෙහෙසුන ඔහු, පසුගිය වසරේ (2021) අගෝස්තු 24දා කොරෝනා ආසාදනයට ලක්ව ජිවිතක්ෂයට පත්විය. එහෙත් ඔහු අපේක්ෂා කල ලෙසම රටතුල තරුණ අරගලයක් මතුවීම ඔහුගේ දේශපාලන දැක්මේ පරිනතබවට සාක්ෂියකි.
 






මංගල කියන්නෙ කවුද?


PHOTO 2022 06 09 13 51 50

මංගලගේ දේශපාලන ගමන් මගෙහි තීරනාත්ම කඩඉමක් සනිටුහන් කළ අද දිනයේ, 'සැබෑ දේශප්‍රේමීයෝ' මෙහෙයුමේ ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය මුහුණු පොතේ පළකර ඇති සටහනක් පහත පළවේ.

''මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා. වැඩිපුර ව්‍යවහාර වෙන වචනෙන් කිව්වොත් රැඩිකල්ම දේශපාලකයා. මොකද අපි ලංකාවෙ රැඩිකල් කියන තරමක් කියන්නෙ සාම්ප්‍රදායික ග්‍රාම්‍ය දේශපාලනයට. මංගල පක්ෂ අතර දේශපාලනය විතරක් නෙමෙයි ඊට වඩා ලොකු සංස්කෘතික දේශපාලනයක් කළා.

ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නෙ මංගලගේ සමලිංගික නැඹුරුව. සමලිංගික ප්‍රජාව අතරත් මංගල රැඩිකල් චරිතයක්. එයා විශ්වාස කළේ නෑ සමලිංගිකයන්ට විවාහ වීමේ අයිතිය අවශ්‍යයි කියල. එයා හිතුවෙ ඒක විෂම ලිංගිකයන්ව කොපි කිරීමක් කියල. සමලිංගිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතියක් නිර්මාණය කරගත යුතුයි කියල.

‘ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්’


මේ වෙනස් ලිංගික නැඹුරුව හින්දම මංගල ලංකාවට ගැලපුනේ නෑ. එයා ප්‍රධානවම ගැටුනෙ ලංකාවෙ ලොකුම අවුල එක්ක. ඒ තමයි සිංහල බුද්ධාගම. සිංහල බෞද්ධ කියල කියන්නෙ. දේශපාලනය ඇතුලට ආගම ඇතුල් වීම නිසා දේශපාලනයත් ආගමත් දෙකම අර්බුදයට යනවා කියල මංගල දැක්කා. එයාට බුද්ධාගම ගැන තිබුණා ආධ්‍යාත්මික දර්ශනයක් හැටියට ලොකු ගෞරවයක්. ඒත් දේශපාලන කොන්ත්‍රාත් කරන චීවරධාරීන් එක්ක තිබුණ ලොකු තරහක්. මේ ගැන මංගල ලියපු බෞද්ධයාගේ විලාපය මං හිතන්නෙ මෑතක එලිදැක්වෙනවා.
 
 
 
එයා සියලු අන්තගාමීත්වයන්ට විරුද්ධ තැනක දේශපාලනිකව පිහිටන්න උත්සාහ කළා. ඒකට කිව්වෙ රැඩිකල් මැද කියල. ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ’
 
 
ලංකාවෙ දේශපාලනයෙදි මංගල වැදගත්ම වුනේ එයා සෑම විටකම පාලමක් වුනු නිසා. මංගල දේශපාලන තාප්පයක් නෙමෙයි. මේ වෙලාවෙ මංගල හිටියා නම් කියලා ගොඩක් අය කියන්නෙ ඒ හින්ද. එයාට පක්ෂ අතර, පුද්ගලයො අතර එකඟතා ගොඩනගන්න පුළුවන්. ඒ එකඟතාවය ගොඩනැගෙන්නෙ විශ්වාස කළ හැකි කෙනෙකුගේ මැදිහත්වීම උඩ විතරයි. මංගල එවැනි විශ්වාසයක්, විවෘතභාවයක් දිනාගෙන තිබුණ.

අරගලයෙදි මංගලගෙ අඩුව දැඩිව දැනෙන බව ඇත්ත.


The country needs an alternative, not a substitute - Mangala

මංගලට තිබුණ ඉතාම දියුණු සංස්කෘතික ජීවිතයක්. මං වඩාත්ම ආශක්ත එතනට. කියවන පොතපත, ඇසුරු කරන කලාවන් ව‍ගේම කන බොන ජීවත් වෙන විදිහ ගැන ඉතාම සියුම් සෞන්දර්යයන් තැවරුණු ආර්ට් එකක් එයාට තිබුණ. එයාට වටිනා දේ වුනේ විඳීම, අත්දැකීම, නැත්තං එක්ස්පීරියන්ස් එක. භෞතික මිළ මුදල නෙමෙයි.

දේශපාලකයෙකු තුල තිබිය යුතු අසහායම ගුණය විදිහට මං දකින අසා සිටී‍මේ ගුණය මං ගැඹුරින්ම දැක්කෙ මංගලගෙන්. මේසයක් වටේ ඉන්න බුද්ධිමතාගේ ඉඳන් අන්තිම මුග්ධයා දක්වාම එකම ගෞරවයකින්, ඉවසීමකින් අහන් ඉන්න පුළුවන් විශිෂ්ට ගුණයක් එයාට තිබුණ. හැම කෙනෙකුගේම අදහස මේසෙට එන්න ඕන කියල විශ්වාසයක් තිබුණ. කිසි කෙනෙක් සර්ලා හෝ මැඩම්ලා නෙමෙයි අපි වගේම සමාන පුරවැසියො කියන එක එයාගෙ දේශපාලනයේ තිබුන.

මං හිතන්නෙ මංගලගේ දේශපාලනයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ මේ අසා සිටීමේ ගුණය කියල. විශේෂයෙන්ම මේ වැඩිපුරම ගැඹුරෙන් අසා සිටිය යුතු වෙලාවක් නිසා.''



චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com

මංගල ගැන සුමන්තිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී කියපු කතාව 
 



 
{gallery}radicalcenter2022531{/gallery}
 


Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...