බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
Lanka Lead News වෙත ප්‍රකාශයක් කරමින් ඔහු විසින් ඊට හේතු 03 ක් ඉදිරිපත් කර ඇත.
එම හේතුන් මෙසේය.
(01). ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම.
ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ MCC සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.
(02). මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී MCC සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම.
විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවුන්ට පුද්ගලිකව කරන ලද බව කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ.
(03). රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇත්ල්වීම සඳහා දොරක් විවෘත වීම.

විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍යතුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගෙන් ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත.



