BREAKING
Top Ad
පුවත්

මුහුදු මගින් රට යන බවට සැකයට උතුරු නැගෙනහිර 24ක් අල්ලයි

T

The Leader

March 12, 2021 • 4:43 AM

මුහුදු මගින් රට යන බවට සැකයට උතුරු නැගෙනහිර 24ක් අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනවසරයෙන් මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සුදානම් වන බවට ඇති වු සැකයක්
  •   ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ මෙම නීති විරෝධී මිනිස් ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයාද මෙම පිරිස අතර සිටින බවට සැක කරන බවයි.
  •   නාවික හමුදා භාරයට ගත්  පිරිස සහ ඔවුන් පැමිණි ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.
  •     (සේයා - ශ්‍රී ලංකා නාවික හමුදාව)                The Leader TV   චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි   සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
මත ශ්‍රී ලාංකිකයන්  විසි හතර දෙනකු  නාවික හමුදා භාරයට ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ මාර්තු 11 බ්‍රහස්පතින්දා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයන් 24 දෙනකු නාවික හමුදා භාරයට ගත් බවයි.
 
වයඹ නාවික විධානය මඟින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ කල්පිටිය කළපුවට ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් තුළ  සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් පිරිසක් නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම ලොරි රථයේ රියදුරු සමඟ පුද්ගලයන් 24ක් රැදී සිටින බව අනාවරණය වී තිබේ.
 
ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් කල්පිටිය කළපුව ඔස්සේ යාත්‍රාවක් පැමිණෙනතෙක් එලෙස රැදී සිටින බවට අනාවරණය වූ බැවින්, එම පුද්ගලයන් පිරිස සහ ලොරි රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් පවසයි.
 
නාවික හමුදා භාරයට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් විස්සක්, එක් කාන්තාවක්, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි ළමයෙකු වේ.
 
dfdf 
 
ඔවුන් අතුරින් නම දෙනෙකු මඩකළපුව ප්‍රදේශයේද, හය දෙනෙකු යාපනය ප්‍රදේශයේද, පස්  දෙනෙකු මුලතිව් ප්‍රදේශයේද, තිදෙනෙකු  ත්‍රිකුණාමලය ප්‍රදේශයේද වන අතර ලොරි රථයේ රියදුරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද හඳුනා ගන්නා ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ මෙම නීති විරෝධී මිනිස් ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයාද මෙම පිරිස අතර සිටින බවට සැක කරන බවයි.
 
නාවික හමුදා භාරයට ගත්  පිරිස සහ ඔවුන් පැමිණි ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.
 
 
(සේයා - ශ්‍රී ලංකා නාවික හමුදාව)
 

 

 

 


 

 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...