BREAKING
Top Ad
පුවත්

25 වසරකට පෙර ගුවන් බෝම්බ ගසා මරාදැමුනු දරුවන්ගේ සමරුවට දැඩි බාධා

T

The Leader

September 23, 2020 • 9:03 PM

25 වසරකට පෙර ගුවන් බෝම්බ ගසා මරාදැමුනු දරුවන්ගේ සමරුවට දැඩි බාධා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසි පස් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනයේ නාගර්කෝවිල් රජයේ විදුහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්
  • යාපනයේ නාගර්කෝවිල්  විදුහලේ සැප්තැම්බර් 22 අගහරුවාදා එම සැමරුම පවත්වද්දී, රජයේ ආරක්ෂක අංශ විසින්  නාගර්කෝවිල් ගම්මානයට ඇතුල් වු සියලු දෙනා දැඩි පරීක්ෂාවට ලක් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • 1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 26 ක් ඇතුළු 41 දෙනෙක් විදුහල් පරිශ්‍රය තුළ සහ ආසන්න මාර්ගයේදී මරණයට පත්ව තිබුනි.
  • 2007 ඔක්තෝම්බර් මස 01 වන දින ඔහු එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලද්දේ ගුවන් හමුදවටත් රටටත් කල සේවය අගයමින් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඝාතනයට  ලක්වූ පාසල් සිසුන් විසි හය දෙනකු දැඩි බාධා මධ්‍යයේ පාසල් භුමිය තුළ දී අනුස්මරණය කර තිබේ.

යාපනයේ නාගර්කෝවිල්  විදුහලේ සැප්තැම්බර් 22 අගහරුවාදා එම සැමරුම පවත්වද්දී, රජයේ ආරක්ෂක අංශ විසින්  නාගර්කෝවිල් ගම්මානයට ඇතුල් වු සියලු දෙනා දැඩි පරීක්ෂාවට ලක් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 26 ක් ඇතුළු 41 දෙනෙක් විදුහල් පරිශ්‍රය තුළ සහ ආසන්න මාර්ගයේදී මරණයට පත්ව තිබුනි.

''1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 26 ක් ඇතුළු 41 දෙනෙක් විදුහල් පරිශ්‍රය තුළ සහ ආසන්න මාර්ගයේදී මරණයට පත්ව තිබුනි.''

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය වුන් සිහි කරමින් එදින නාගර්කෝවිල් හි පිහිටි මුරුගන් කෝවිල තුළද පූජාවක්   පැවැත්වු අතර ඒ සදහා ප්‍රහාරයෙන් මිය ගිය සිසුන්ගේ දෙමාපියන් කිහිපදෙනකු  සහ එවකට පාසලේ විදුහල්පතිවරයාව සිටි සී. මහේන්ද්‍රන් එක්ව තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පළමු  පාලන සමයේ යාපනයේ නාගර්කෝවිල්  විදුහලට ගුවන් බෝම්බ   ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් මාර්ෂල් ඔලිවර් මැතීව් රණසිංහ විසිනි.

2007 ඔක්තෝම්බර් මස 01 වන දින ඔහු එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලද්දේ ගුවන් හමුදවටත් රටටත් කල සේවය අගයමින් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.

NagarKovil 2

Nagarkovil 1

NagarKovil 2020

ගුවන් හමුදා ප්‍රහාරයෙන් මිය ගිය සිසු-සිසුවියන්ගේ නම් වයස සමග  පහත පරිදිය.

ධර්මලිංගම් උෂාන්ති (13),
මර්කන්ඩු නාගලෝගිනී (10),
තාමෝදරම් සකුන්තලා (12),
ආර්. රෙජීනා (11),
ලෝගරාජා තුෂාන්තිනී (14),
රවීන්ද්‍රන් අමීර්තා (10),
බාලචන්ද්‍රන් රජිතා (10),
නවරත්නසාමි උමාදේවී (12),
සුන්දරලිංගම් පලනි (15),
සුන්දරලිංගම් තර්සිනී (14),
කුගසරවනමලෛ තර්සිනී (13),
රාජීවන් ගාන්ධි වේනු (11),
ක්‍රිස්ණගෝපාල් තවසීලන් (13),
රාජරත්නම් කවීතා (10),
නාගමුත්තු සෙන්තිවේල් (15),
අල්ෆොන්ස් අමලවිජී (14),
මහාලිංගම් සන්මුගවඩිවේලන් (16),
ආර්. සුමිත්‍රා (10),
කේ. මේදිනී (14),
නවමනී මිදුරා (14),
සෙල්වම් (15),
රාඝවන් (16),
තංගරාසා වසන්තකුමාර් (6),
මයිල්වාගනම් ඥාණරදන් (14) හා
රන්ජිත්කුමාර් රාජිතා (11).

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...