BREAKING
Top Ad
පුවත්

මහජන බැංකුවේ සභාපති, මහ බැංකුවේ නියෝග කඩකර මිලියන 25ක් අරන් ?

T

The Leader

January 29, 2021 • 6:41 AM

  මහජන බැංකුවේ සභාපති, මහ බැංකුවේ නියෝග කඩකර මිලියන 25ක් අරන් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ විසින් තමන් ප්‍රධානියා ලෙස කටයුතු කරන BDO Partners විගණන සමාගමට මහජන බැංකුවෙන් ණය මුදලක් ලබාදීමේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති උපදෙස් හා
  •   වර්ෂ 2005 දී ශ්‍රී ලංකා මහ බැංකු විසින් මිට අදාලව සියලු වානිජ්‍ය බැංකුවලට නියෝගයක් නිකුත්කර ඇති අතර එහි පිටපතක් පහත දැක්වේ.
  •         මෙම වංචාව සම්බන්ධයෙන් පසුගියදා විශේෂ හෙළිදරව්වක් කළ  ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුයේ, මහජන බැංකු සභාපතිවරයා සිදුකර ඇති වංචාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කිරීම රජයේ වගකීම බවයි.
  •    අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පළමුව සභාපතිවරයා තාවකාලිකව හෝ තනතුරින් ඉවත්කරන්නයි උන්වහන්සේ මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
නියෝගයන් මුළුමනින්ම උල්ලංඝනය කර තිබේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ හා පෞද්ගලික වානිජ්‍ය බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව, එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ඔහුට හෝ පවුලේ ඥාතියකු හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබා ගන්නේ නම්, අනිවාර්යයෙන්ම සුරැකුම් ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවත් මෙම ණය මුදල ලබා දීමේදී එවැනි කිසිම සුරැකුමක් ලබාගෙන නොමැත.
 
වර්ෂ 2005 දී ශ්‍රී ලංකා මහ බැංකු විසින් මිට අදාලව සියලු වානිජ්‍ය බැංකුවලට නියෝගයක් නිකුත්කර ඇති අතර
එහි පිටපතක් පහත දැක්වේ.
 
 

Bank doc

 
 
කෙසේවුවද, ජ්‍යෙෂ්ඨ වරලත්  ගණකාධිකාරිවරයකු වන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ විසින්, තමන් ප්‍රධානියා ලෙස කටයුතු කරන BDO Partners ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 25ක මුදලක් සියයට 4ක පොලීයක් යටතේ ලබා ගැනිමට කටයුතු කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවලට පිටුපා නිත්‍යානුකූල නොවන ආකාරයෙනි.
 
මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සටහන් වලින් එම කාරණය පැහැදිලිවේ.
 
 

P.Bank 2021.01.29

 
 
මෙම වංචාව සම්බන්ධයෙන් පසුගියදා විශේෂ හෙළිදරව්වක් කළ  ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුයේ, මහජන බැංකු සභාපතිවරයා සිදුකර ඇති වංචාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කිරීම රජයේ වගකීම බවයි.
 
 අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පළමුව සභාපතිවරයා තාවකාලිකව හෝ තනතුරින් ඉවත්කරන්නයි උන්වහන්සේ මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවමිනි.
 
අදාළ ණය මුදල ලබාගැනිමේදි සභාපතිවරයා අඩුම තරමේ මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් හෝ අවසරයක් ගෙන නොමැති බව උන්වහන්සේ එහිදී සදහන් කර සිටියහ.
 
BDO Partners ආයතනය පසුගිය යහපාලන සමයේ සිදුවු මහා බැංකු බැදුම්කර වංචාව සාධාරණය කරමින් වාර්තා සකස් කල ආයතනක් බවත්, සුජීව රාජපක්ෂ එහි Managing Partner ලෙස කටයුතු කරනු ලැබූ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
 
වාර්තාවන අන්දමට සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ සභාපති ධුරයට නිර්දේශකර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරය. 
 
වානිජ්‍ය බැංකුවක සභාපති ලෙස පත්කිරීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සලකා බලන යෝග්‍යතා පරීක්ෂණයෙදී (Fit & Proper) ඔහුගේ පැටිකිටිය යටපත්කර ඇතැයි ද උන්වහන්සේ චෝදනා කරති.
 
ඇමරිකානු ඩොලර් මිලියන 250ක රාජ්‍ය ණය මුදලක් ලබා ගැනිම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුවෙන් කප්පම් මුදලක් ලබා ගැනිම සදහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ තුන් වන පාර්ශවයක් මැදිහත් කර ඇති බවත් ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එම මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියහ.
 
මෙවැනි අයකුට රජයේ ඉහල තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කටයුතු කිරීම විමතියට කරුණක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ. 
 
 
 
 
 

 
################
 
 
 

 

 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 

 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...