BREAKING
Top Ad
පුවත්

රජයේ මුළු වියදමෙන් 28%ක් පවුලට !

T

The Leader

October 7, 2021 • 10:05 PM

    රජයේ මුළු වියදමෙන් 28%ක් පවුලට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන 2022 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන අයවැය විසර්ජන ගැසට් පත්‍රයට අනුව රාජපක්ෂ පවුලේ ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරු විසින් වියදම් කරනු ලබන මුළු මුදලේ ප්‍රමාණය 27.89%ක් වී තිබෙන බව
  • එයින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දරණ අමාත්‍ය ධුර සඳහා වෙන් කර තිබෙන මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් කෝටි 69,885ක් වී තිබේ.
  •   ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය, ආරක්ෂක ඇමති ධුරය, තාක්ෂණ ඇමති ධුරය සහ මුදල් සහ ප්‍රාග්දන රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ අතර එම අමාත්‍යාංශ වෙනුවෙන් රුපියල් කෝටි 42,537ක් වෙන් කර තිබේ.
  •   මහින්ද රාජපක්ෂ අගමැති, බුද්ධ ශාසන ඇමති, නාගරික සංවර්ධන ඇමති සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ඇමති වශයෙන් රුපියල් කෝටි 2,803ක් වූ ප්‍රතිපාදන වෙන් කෙරී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
අනාවරණය වේ.
 
එම විසර්ජන පනත්ට අනුව මුළු වියදම රුපියල් කෝටි 250,534කට වැඩි අගයක් ගනියි. එයින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දරණ අමාත්‍ය ධුර සඳහා වෙන් කර තිබෙන මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් කෝටි 69,885ක් වී තිබේ.
 
එම මුදල් බෙදීගොස් තිබෙන්නේ පහත දැක්වෙන ආකාරයෙනි.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය, ආරක්ෂක ඇමති ධුරය, තාක්ෂණ ඇමති ධුරය සහ මුදල් සහ ප්‍රාග්දන රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ අතර එම අමාත්‍යාංශ වෙනුවෙන් රුපියල් කෝටි 42,537ක් වෙන් කර තිබේ.
 
මහින්ද රාජපක්ෂ අගමැති, බුද්ධ ශාසන ඇමති, නාගරික සංවර්ධන ඇමති සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ඇමති වශයෙන් රුපියල් කෝටි 2,803ක් වූ ප්‍රතිපාදන වෙන් කෙරී තිබේ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 17,591ක් වෙන් කර ඇත.
 
චමල් රාජපක්ෂ අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය දරන අතර එම අමාත්‍යාංශ දෙක වෙනුවෙන් රුපියල් කෝටි 5,836ක් වෙන් කර තිබේ. 
 
නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා ඇමති, සංවර්ධන අධීක්ෂණ සම්බන්ධීකරණ ඇමති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමති වශයෙන් රුපියල් කෝටි 1,118ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
 
 
THE LEADER TV 
කුරුණෑගලටත් අබ සරණයි 
 

ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...