පසුගිය ආණ්ඩුව සහරාන් ඇතුළු කණ්ඩායමකට වැටුප් ගෙවා ඇති බව ඔප්පු කරන බවත් මෙලෙස සිදු කැර ඇති වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සභානායකවරයා සඳහන් කෙළේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසිය.
''අප්‍රේල් 21 වැනි දින ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරලා තිබෙනවා. හිටපු ජනාධිපතිතුමාත් අද ඇවිත් ඉන්නවා.
මම ආරාධනා කරනවා තේරීම් කාරක සභාවට සහභාගි වෙන්න. දැන් බාධක ඉවත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ පොහොට්ටුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහභාගි වෙන්න කියලා.
අනිත් කාරණය අපිට ඉතාම වැදගත් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා.පසුගිය ආණ්ඩුවෙන් සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානයේ 30 දෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තිබෙනවා. ඔබතුමාලා එන්න තේරීම් කාරක සභාවට අපි ඔප්පු කරනවා. සහරාන්ට පඩි ගෙවීම ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-
ඒ කාරණාව වැරදියි. මෙම තේරිම් කාරක සභාව බුද්ධි අංශ නිලධාරින් පවා ගෙන්වා ප්‍රශ්න කරනවා. දේශපාලන අවශ්‍යතාවන් මත මොනව කළත් කමක් නැහැ. නමුත් මේ හරහා බුද්ධි අංශ නිලධාරීන් බිල්ලට දෙන්න එපා. ඔවුන් මේ ආකාරයට නිරාවරණය කර ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කරන්න එපා.
සභානායකවරයා-
තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්න කලින් සභාපතිතුමා ඒ අයට දැනුම් දෙනවා ජාතික ආරක්ෂාවට බලපාන යම්කිසි කරුණු තිබෙනවා නම් ඒවා ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා, අනතුරුවයි ඒ වැඩකටයුතු සිදුවෙන්නේ.
ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධානියා ගෙන් සහරාන් ගැන අනාවරණයක් !
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2013/2014 වසරේ සිට පොලිසිය විමසිල්ලෙන් සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන නාලක සිල්වා පවසයි.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඒ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සාක්ෂි දෙමිනි.
සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ පොලිසිය 2016 සිට විමර්ශන පැවැත්වූ අතර, 2017 අගභාගයේ සිට ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පවසන්නේ වරින් වර තමන් වෙත ඇතැම් බුද්ධි තොරතුරු ලබා දුන්න ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානය යොමු කර කටයුතු කිරීමෙන් තමන් වළකා තැබුණු බවය.
මාධ්‍යවේදීන් ඉවත්කොට විශේෂ කාරක සභාව හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට ප්‍රථම තවදුරටත් සාක්ෂි දුන් ඔහු, "ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යැයි සළකන තොරතුරු" මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරවු කළේය.
පාර්ලිමේන්තු කාරක සභාව
ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සෑම අඟහරුවාදා දිනයකම පැවැත්වෙන බුද්ධි අංශ සමාලෝචන රැස්වීමේදී ද සහරන්ගේ ක්‍රියා කලාපය ගැන ඉහළ නිලධාරීන් දැනුවත් කළ බවත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පැමිණියේ රෝද පුටුවක් ආධාරයෙනි.
ජාතික ආරක්ෂාවට අගතියක් වන කරුණු මාධ්‍ය ඉදිරියේ සඳහන් නොකරන ලෙසත්, එවැනි යමක් කීමට ඇත්නම් මාධ්‍ය නොමැතිව ප්‍රකාශයක් කිරීමට අවස්ථාව සලසා දියහැකි බවත් සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පෙර විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සාක්ෂි ලබා දීම ආරම්භ කළේය.
'සහරන්ට facebook ගිණුම් දෙකක්'
"රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්යක්ෂ වෙලා ඉන්නකොට මගේ මතකයේ හැටියට 2013/2014 අන්තවාදී කල්ලි ගැන තොරතුරු ලැබුණා. සහරාන් ගැන දැනගත්තා. අන්තවාදයක් තිබුනට ඒ වනවිට ප්රචණ්ඩ අන්තවාදයක් තිබුණේ නෑ. ප්රචණ්ඩ අන්තවාදය තමයි පසුව ත්රස්තවාදීන් බවට පත්වෙන්නේ. 2016 ඉඳන් සහරන්ගේ ෆේස්බුක්, වෙබ් අපි දවස ගානේ දැඩිව විමර්ශනය කිරීම ආරම්භ කළා," යනුවෙන් නාලක සිල්වා පැවසීය.
සහරන් ඔහුගේ නමින් හා ව්‍යාජ නමකින් facebook ගිණුම් දෙකක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවායේ සහ වෙබ් අඩවියක ISIS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ක්‍රියාකාරකම් සාධාරණිකරණය කරන වීඩියෝ පළ කර තිබේ. ඒවාට කොතරම් 'like' ප්‍රමාණයක් ලැබී තිබේ ද, කොතරම් ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙන්නේ ද යන්න පිළිබඳවත් වාර්තා සකස් කිරීමේදී තොරතුරු ඇතුළත් කළ බව ඔහු සඳහන් කළේය.
2016 වසරෙන් පසු සහරන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගිය බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් හඳුනාගෙන තිබේ. එබැවින් සමාජ මාධ්‍ය ඔහු පළ කරන කරුණු පිළිබඳව අධීක්ෂණය කර, ඒ තොරතුරු පදනම් කරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාශය 2018 දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.
විමර්ශන කමිටුවේ සාමාජිකයන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නාලක සිල්වා පෙන්වා දුන්නේ, නීති විරෝධී ආකාරයෙන් සහරන් ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඇති බවට ඇති වූ සැකය මත ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අදාළ මූලික පියවර ආරම්භ කිරීම සඳහා 2018 දී විවෘත වරෙන්තුවක් ද ලබාගත් බවය.
දිගන ගැටුම්:
"සහරන් නිකුත් කළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙන වීඩියෝ එකක් තිබුනොත් ඒ වෙලාවේම පොලිස්පතිට මම දැනුම් දුන්නා. සාමාන්‍ය තොරතුරු හැම සඳුදා ම යවනවා. දිගන සිද්ධියෙන් පස්සේ සහරන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වැඩි වුණා. මාස අටක් හිරේ හිටපු නිසා මට සමහර විස්තර මතක නෑ. තොරතුරු ලබාගත හැකි පුද්ගලයන් කියන්නම්," යනුවෙන් පැවසූ නාලක සිල්වා කමිටු සාමාජිකයන් හමුවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කළේය.
සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පෙර කරුණු පැහැදිළි කිරීමක් සිදු කළ විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මාධ්‍ය ඉදිරියේ මේ විමර්ශනයට අදාළ සාක්ෂි සටහන් ලබාගැනීමේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට විවිධ පාර්ශව එල්ලකළ චෝදනාවන්ට පිළිතුරු දුන්නේය. ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන ලෙස සාක්ෂි විමසීමට කමිටු සාමාජිකයන් ක්‍රියා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද අවධාරණය කළේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කරුණක් සාක්ෂි විමසූ පළමු දිනයේ හෙළිදරවු නොවූ බවය.
ජනාධිපතිට ටොක්කක් !
ඇතැමුන් බියට පත්ව සිටින්නේ බුද්ධි තොරතුරු අනාවරණය වීම නිසා නොව තමන්ට අවාසිදායක තොරතුරු හෙළිදරවු වීම නිසා බව එහිදී අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දුන්නේය.
විමර්ශනයට අදාළ සාක්ෂි විමසීම ලබන 06 වැනි දින පෙරවරු 11.00ට සිදුකිරීමට නියමිතය. එදින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
2019 මැයි 22 දින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 40 දෙනෙකු කතානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ කාරක සභාව පත්කරන ලදි. එහි සාමාජිකයන් සංඛ්‍යාව 12කි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම කාරක සභාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කළේය.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)
'රාජපක්ෂ ආණ්ඩුව සහරාන් ඇතුළු 30කට පඩි ගෙවලා'
T
The Leader
June 4, 2019 • 9:54 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සහරාන් හෂිම් ඇතුළු තවුහිද් ජමාද් සංවිධානයේ 30 දෙනකුට පසුගිය ආණ්ඩුව වැටුප් ගෙවා ඇතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය.
- සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.
- ''අප්‍රේල් 21 වැනි දින ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරලා තිබෙනවා.
- අනිත් කාරණය අපිට ඉතාම වැදගත් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා.පසුගිය ආණ්ඩුවෙන් සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානයේ 30 දෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


