BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකානු මැතිවරණය : ප්‍රාන්ත 31ක ප්‍රතිඵල නිකුත්වී අවසන් (Update)

T

The Leader

November 3, 2020 • 11:00 PM

ඇමෙරිකානු මැතිවරණය :  ප්‍රාන්ත 31ක ප්‍රතිඵල නිකුත්වී අවසන් (Update)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රීන්ච් වේලාවෙන් 03:26 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 8.56) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම
  • ට්‍රම්ප් ට ෆ්ලොරිඩාවේ නාගරික ප්‍රදේශවලින් + 4% සහ හිස්පැනික් ජන කණ්ඩායමෙන් + 13% තිබෙනවා"   ගැවින් (රිපබ්ලිකන් - ජෝර්ජියා): "ට්‍රම්ප්, ෆ්ලොරිඩා වගේම උතුරු කරොලයිනා දිනා ගනීවි!
  •   ධවල මන්දිර නිලධාරීන් උපදේශකවරයාට පවසා ඇත්තේ තරගකාරී ප්‍රාන්තවල "ඉතා තියුණු සටනක්" ඇති බවකි.    මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන ඇත්තේ හොඳ හැඟීමක් ඇති වුවද "අතිශයින්ම නොසන්සුන්" බව ද පවසා ඇත.
  •       ෆ්ලොරිඩා හි මුල් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එය මිශ්‍ර ප්‍රතිඵල බවට පෙන්නුම් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 US now

 
ඡන්දදායකයින්ගේ අදහස්: රිපබ්ලිකන් පාක්ෂිකයින් ෆ්ලොරිඩා හි ජයග්‍රහණයක් ගැන මහත් බලාපොරොත්තුවෙන්
 
ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ට්‍රම්ප්ට හොඳ ප්‍රතිචාරයක් පෙන්නුම් කර ඇති බැවින් ඡන්දදායක මණ්ඩලවලින් බීබීසී වෙත කෙටි පණිවිඩ එවන කණ්ඩායමේ රිපබ්ලිකන් පාක්ෂිකයෝ උද්දාමය පළ කරති.
 
ජිම් (රිපබ්ලිකන් - ඉන්දියානා): "ඔබ මෙය දකිනවාද? ට්‍රම්ප් ට ෆ්ලොරිඩාවේ නාගරික ප්‍රදේශවලින් + 4% සහ හිස්පැනික් ජන කණ්ඩායමෙන් + 13% තිබෙනවා"
 
ගැවින් (රිපබ්ලිකන් - ජෝර්ජියා): "ට්‍රම්ප්, ෆ්ලොරිඩා වගේම උතුරු කරොලයිනා දිනා ගනීවි! මේ මොහොතේ ලොකු සතුටක් දැනෙනවා! "
 
එලියානා ජිරාඩ් (රිපබ්ලිකන් - ෆ්ලොරිඩා): "අපි 500 ක් සමඟ එක්ව ක්ලබ් 45 හි පැවැත්වෙන සාදයක බලා සිටිනවා."
 
-----------------------------------------------------------------------
 
US Election.27
 
ට්‍රම්ප්ගේ උපදේශක: 'ෆ්ලොරිඩා බයිඩන් ට ගියොත් තරගය අවසන්'
 
එක්සත් ජනපදයේ බීබීසී හවුල්කාර ජාලය වන සීබීඑස් වෙත ප්‍රකාශයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙකු සමඟ පවසා තිබෙන්නේ ජනාධිපතිවරයා නැවත තේරී පත්වීමට ඇති ඉඩ කඩ පිළිබඳව තමා මහත් නොසන්සුන් තත්ත්වයක පත්ව සිටින බවය.
 
ධවල මන්දිර නිලධාරීන් උපදේශකවරයාට පවසා ඇත්තේ තරගකාරී ප්‍රාන්තවල "ඉතා තියුණු සටනක්" ඇති බවකි. 
 
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන ඇත්තේ හොඳ හැඟීමක් ඇති වුවද "අතිශයින්ම නොසන්සුන්" බව ද පවසා ඇත.
 
අදාළ උපදේශකයා එය "ප්‍රාන්ත හයක මැතිවරණයක්" ලෙස හැඳින්වූ අතර ට්‍රම්ප්ට එම ප්‍රාන්තවල හොඳ අවස්ථාවක් ඇතැයි විශ්වාස කරයි. 
 
එහෙත් ඔහු කියා සිටියේ රටේ ඩිමොක්‍රටික් පක්ෂ බල ප්‍රදේශවල කල් වෙලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණය නිසා තම හිත වංචල කරන බවකි.
 
"ෆ්ලොරිඩා බයිඩන්ට ගියොත් තරගය ඉවරයි. නමුත් ෆ්ලොරිඩාව ට්‍රම්ප්ට ගියොත් තරගය දිගටම තියෙනවා" යනුවෙන් එම ඔහු සීබීඑස් ජාලයට පවසා තිබේ.
 
 
 
ෆ්ලොරිඩා හි මුල් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එය මිශ්‍ර ප්‍රතිඵල බවට පෙන්නුම් කරයි.
 
ෆ්ලොරිඩා හි නැගෙනහිර කාල කලාපයේ ඇති ප්‍රදේශවල ප්‍රථිපල කඩිනමින් වාර්තාවීමට පටන්ගෙන ඇත. 
 
එය මිශ්‍ර ප්‍රතිඵලයක් බවට පෙන්නුම් කෙරෙන බැවින් දෙපාර්ශවයටම හොඳ සහ නරක ආරංචියක් වී තිබේ.
 
ටම්පා බේ ආසන්න බටහිර වෙරළ තීරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන පිනෙල්ලාස් වැනි ස්ථානවල බයිඩන්, හිලරි ක්ලින්ටන්ගේ 2016 ප්‍රතිපල ප්‍රතිඵල ඉක්මවා යමින් තිබේ. 
 
ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එම ප්‍රදේශය දිනා ගත්තේ සියයට 1 කිනි. 
 
ඇස්තමේන්තුගත ඡන්ද ප්‍රතිශතය 75% ක් වන අතර, බයිඩන් 52% සිට 46% දක්වා ඉදිරියෙන් සිටිනුයේ ඡන්ද 248,620 කිනි. 
 
මීට වසර හතරකට පෙර ඡන්ද 239,201 ක් ලබා ගනිමින් ට්‍රම්ප් එම ප්‍රදේශය ජයග්‍රහණය කළේය.
 
 
කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් බලකොටුවක් වන මියාමි-ඩේඩ් හි දී, ට්‍රම්ප් තමන්ගේ 2016 ලබාගත් ඡන්ද ප්‍රමාණය අහිබවා යමින් සිටී. 
 
බයිඩන් 84% ක් වාර්තා කිරීමත් සමඟ ඉදිරියෙන් සිටින්නේ 54% සිට 45% දක්වා වූ මායිමකිනි. 
 
ක්ලින්ටන් එවර 63% සිට 33% දක්වා වූ සීමාවකින් ජය ගෙන තිබිණි.
 
නූතන එක්සත් ජනපද දේශපාලනයේ එක් මූලික රීතියක් තිබේ නම්, එය ෆ්ලොරිඩාව මුලිකව වනු ඇත - 
 
මේ වසරේදීත් එහි වෙනසක් නැත.
 
 කෙසේ වෙතත්, එය මේ වසරේදීත් තීරණාත්මක වීම පුදුමය සහගත විය හැකිය.
 
 
 
 
ප්‍රාන්ත කිහිපයක ඡන්ද විමසීම අවසන්:
 
 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතැම් ප්‍රාන්තවල අවසන් වෙද්දී ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී.
 
එසේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ ප්‍රාන්ත අතරට උතුරු කැරොලයිනා , බටහිර වර්ජිනියා සහ ඔහායෝ අයත් වේ.
 
 
එම ප්‍රාන්ත අතරින් උතුරු කරොලයිනා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 15ක් හිමි අතර ඔහායෝ ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 18 ක් පවතී.
 
 බටහිර වර්ජීනියා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ හිමි ඡන්ද ගණන 5 කි.
 
ඔහායෝ, ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද ඉතිහාසය තුළ තරගකාරී ප්‍රාන්තයක්ව පවතී. 
 
සම්ප්‍රදායිකව ඔහායෝ ප්‍රාන්තය තුළ පරාජය වන සෑම රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ම ජනාධිපති ධුරය සඳහා වන තරගය පරාජයට පත්ව ඇත.
 
 
ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී වැඩි වශයෙන් චාරිකා කළ උතුරු කරොලයිනා ප්‍රාන්තය ප්‍රධාන පෙළේ දෝලනය වන ප්‍රාන්තයක් බවට මතුවෙමින් පවතින අතර ජනාධිපතිවරයාගේ එම සංචාර කෙතරම් දුරට ඵල දරා ඇත්ද යන්න විමසා බැලීමට මෙය අවස්ථාව වේ.
 
 
 
මේ තොරතුරු දැනගන්න:
 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය නොවැම්බර් 03 වෙනි දින පැවැත්වේ.
 
අදාළ ප්‍රදේශයේ වේලාවෙන් උදෑසන 6 ට (වර්මන්ට් හි පමණක් උදෑසන 5ට) ආරම්භ වන ඡන්ද විමසීම එදින රාත්‍රී 9 ට (බ්‍රිතාන්‍ය වේලාවෙන් නොවැම්බර් 04 උදෑසන 2 ට) අවසන් වේ.
 
 
කියවන්න:
 
 
 
 
 
 (බීබීසී සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...