සමුගෙන අදට වසර 32 ක් සපිරෙනවා.
අද වැඩිහිටියන් බොහෝ දෙනකුගේ ළමා විය සුන්දර කෙරුණේ ඔහු විසින් පරිවර්තනය කළ රුසියානු ළමා පොත පත ඇසුරෙනි.
දැදිගම වි. රුද්‍රිගු රුසියන් බසින්ම සිංහලට පරිවර්තනය කළ නිසා එම කෘති මෙරට පාඨකයන්ට වඩාත් සමීප වුණා.
දැදිගම වි. රුද්‍රිගු විවාහ වුණේ මිලිටරි ගුවන් යානා සැලසුම් ශිල්පිණියක වූ ලුද්මිලා විෂ්නෙපොල්ස්කායා සමගයි.
ඔවුන්ට පුතුන් දෙදෙනකු ලැබුණු අතර ඔවුන් වික්තර් හා දිමිත්‍රි නම් වනවා.
දැදිගම වි. රුද්‍රිගු වෘත්තීයෙන් වෛද්‍යවරයෙකි.
සෝවියට් කාන්තාවක හා විවාහ වුණු පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කරන්නේ දැදිගම වි. රුද්‍රිගු යි.
එසේම පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද සැලකෙන්නේ දැදිගම වි. රුද්‍රිගු යි.
වැඩිදුරටත් කියවන්න :



