BREAKING
Top Ad
පුවත්

මහර මව්වරුන්ගේ විලාපය: මංගල යළි සිහිපත් කරන වසර 32කට පෙර සිදුවීමක් ! (වීඩියෝ)

T

The Leader

December 6, 2020 • 2:16 AM

 මහර මව්වරුන්ගේ විලාපය: මංගල යළි සිහිපත් කරන වසර 32කට පෙර සිදුවීමක් ! (වීඩියෝ)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'එක රටක් එක නීතියක්' සටන් පාඨය වචන සෙට් එකකට සීමා නොකර, එය සැබෑවක් කරගන්නේ කෙසේදැයි
  •     පික්පොකට්කාරයෙක් වුවත්, කුඩුකාරයෙක් වුවත්, වෙනත් අපරාධකරැවෙක් වුවත්,  ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් වුවත්, ඒ හැමෝටම නීතියේ රැකවරණය සහතික කළ යුතු බව පවසන මංගල, එය ශිෂ්ට සම්පන්න රටක මූලධර්මය බව කියා සිටියි.
  •     මංගල සමරවීර එහිදී තවදුරටත් මෙසේ පවසයි.
  • ඒ වෙලාවේ  හිරගෙදර  ඉදිරිපිට දී,  තමන්ගේ දරැවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා  මට මතක් වුනේ, මීට අවුරැදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ,  දකුණේ අම්මලාගේ කුඳුලු.
අකුරු ප්‍රමාණය (Font Size):
රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමින් නොපමාව ම හිතා බැලිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
සිරකාර මනුෂ්‍යයන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු  මහර  බන්ධනාගාරයේ ඛේදවාචකය පිළිබඳව අදහස් දක්වමින්, ඔහු එබව සඳහන් කර ඇත්තේ 'සැබෑ දේශප්‍රේමියෝ' ලේබලය යටතේ  #trupatriotlk සමාජ ජාලා තුළින් අද (දෙසැම්බර් 06) වීඩියෝවක් මුදාහරිමිනි.
 
 
පික්පොකට්කාරයෙක් වුවත්, කුඩුකාරයෙක් වුවත්, වෙනත් අපරාධකරැවෙක් වුවත්,  ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් වුවත්, ඒ හැමෝටම නීතියේ රැකවරණය සහතික කළ යුතු බව පවසන මංගල, එය ශිෂ්ට සම්පන්න රටක මූලධර්මය බව කියා සිටියි.
 
 
මංගල සමරවීර එහිදී තවදුරටත් මෙසේ පවසයි.
 
''පසුගියදා මහර හිරගෙදරදී  තමන්ව 
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා 
උද්ඝෝෂණය කරපු සිරකරැවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා.
ඒ වෙලාවේ  හිරගෙදර  ඉදිරිපිට දී, 
තමන්ගේ දරැවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා 
මට මතක් වුනේ,
මීට අවුරැදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, 
දකුණේ අම්මලාගේ කුඳුලු.
ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරැදහන් කරපු ඝාතනය කරපු දරැවන් වෙනුවෙන්.
ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා.
මේ රටේ ත්‍රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව 
රාජ්‍ය ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරැවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා.
අපි  මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරැවන්.
එදා දකුණේ මරපු සිංහල තරැණයොත්,
පසුව උතුරේ මරපු දෙමළ තරැණයෝත්,
ඊයේ මහර හිර ගෙදරදී ඝාතනය වූ තරැණයෝත්, 
2012 දී වැලිඩක හිරගෙදරදී ඝාතනය වූ තරැණයොත්,
අපේ රටේ අපේම දරැවන්.
මේ විදිහට බලනකොට නිදහසින් පස්සේ අපිට හිමිවෙලා තියෙන්නේ
අම්මලාගේ කඳුලු ගංඟාවක් විතරයි.
අපේ අම්මලාගේ කඳුලු ගංඟා නවත්තන්නේ කොහොමද කියලා.
දැන්වත් අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්නට ඕනේ.
අපේම දරැවන්ගේ ජීවිත, අන්තවාදය කරා තල්ලු වෙන්නේ 
කුමන හේතූන් නිසාද කියලා අපි හිතන්නෙට ඕනේ.
අපේ දරැවන් කුඩු මුදුලාලිලාගේ ගොදරැ බවට පත්වෙන්නේ ඇයි කියලත් 
අපි හිතන්නට ඕනේ.
අපේ දරැවන් අපරාධකරැවන් බවට පත්වීමේ වගකීමත් 
රටක් හැටියට අපි ගන්නට ඕනේ.
එපමණක් නොව පික්පොකට්කාරයෙක් වෙන්නට පුලුවන්,
කුඩුකාරයෙක් වෙන්නට පුලුවන්,
අපරාධකරැවෙක් වෙන්නට පුලුවන්,
ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් වෙන්නට පුලුවන්,
ඒ හැමෝටම නීතියේ රැකවරණය සහතික කළ යුතුයි. 
ඒක ශිෂ්ට සම්පන්න රටක මූලධර්මය ඒක.
එක රටක් එක නීතියක් කියන එක 
වචන සෙට් එකකට සීමා නොකර, 
සැබෑවක් කරගන්නේ කොහොමද කියලා 
රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෝ හිතන්නට ඕනේ.
 

                                            

ගැටුමෙන් අනතුරුව රැඳවියන්ගේ මවුවරුන් ඇතුළු ඥාතීන් මහර බන්ධනාගාරය වෙත පැමිණ වැළපුන ආකාරය සිහිපත් කරන 'ප්‍රගතිශීලී කාන්තා එකමුතුවේ' නීතිඥ නිරූපා සේරසිංහ, "රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි - ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල," යනුවෙන් කියා සිටියාය.
 
"අන්න එහෙම තැනකට මේ රටේ ජනතාව ගෙනිච්චේ මේ රටේ දේශපාලකයා," යනුවෙන්ද නීතිඥ නිරූපා සේරසිංහ කියා සිටියාය.
 
  115788986 c2c399bf 2a3e 4424 b617 cf105e2384e6
"රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි - ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල" -නීතිඥ නිරූපා සේරසිංහ 
 
ගැටුම අවස්ථාවේ මතු වූ ඒ තත්වය ගැන අදහස් දක්වමින් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම බීබීසී සිංහල සේවය කියා සිටියේ, "පවුල් දන්නේ නෑ කාටද අසනීප?, කවුද මැරුණේ? කියල. කිසිම දෙයක් දන්නේ නෑ."
 
"මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද ? තමන්ගේ දෙමව්පියන් මතක් වෙන්නේ නැද්ද?," යනුවෙන් ද ඇය ප්‍රශ්න කරන්නීය.
 
 
 
සබැඳි පුවත් :
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...