BREAKING
Top Ad
විදේශ

දකුණු ඉන්දියාවේ හොර මත්පැන් බී 34ක් මරුට - සිය ගණනක් රෝහලේ

T

The Leader

June 21, 2024 • 10:15 AM

දකුණු ඉන්දියාවේ හොර මත්පැන් බී 34ක් මරුට - සිය ගණනක් රෝහලේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ හොර මත්පැන් පානය කළ 34 දෙනකු මරණයට පත්වී, තවත් විශාල පිරිසක්
  • හොර මත්පැන් හි අන්තර්ගත මෙතනොල් විෂ ශරීර ගත වීමන්, මෙම මරණ සිදුවී ඇතැයි, තමිල් නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.
  • ස්ටාලින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
  • තමිල් නාඩුවේ, කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම සිදුවීමෙන් රෝහල්ගත කළ 100 කට අධික පිරිසක් එහි රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබමින් සිටින බවත්, බරපතල තත්වයට  පත්වන රෝගීන් හේතුවෙන්, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යාහැකි බවත් වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

හොර මත්පැන් හි අන්තර්ගත මෙතනොල් විෂ ශරීර ගත වීමන්, මෙම මරණ සිදුවී ඇතැයි, තමිල් නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

තමිල් නාඩුවේ, කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම සිදුවීමෙන් රෝහල්ගත කළ 100 කට අධික පිරිසක් එහි රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබමින් සිටින බවත්, බරපතල තත්වයට  පත්වන රෝගීන් හේතුවෙන්, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යාහැකි බවත් වාර්තා වෙයි.

වමනය සහ උදරාබාධ හේතුවෙන්, විශාල පිරිසක් රෝහල් ගත කළ බව ප්‍රාන්ත බලධාරීහු මීට පෙර  ප්‍රකාශ කළහ.

ගිලන්රථ, බාහිර ප්‍රතිකාර වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රැසක් මේ වන විටත්,  එම රෝහල් කරා යොමු කර තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

(සටහන: හර්ෂ උදයකාන්ත)
(AP ඇසුරිණි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...