රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක මුදලක් දී තිබූ බවත් අමාත්‍යවරයා කීවේය.
මේ අතර අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය වෙනුවෙන් 2022- 2024 කාල සීමාවේදී රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි පැවසූ ජයතිස්ස අමාත්‍යවරයා, වර්තමාන අග්‍රාමාත්‍යවරිය බලයට පත්වීමෙන් පසු ගිලන් රථ භාරදී එම වියදම් කපා හැරිය බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාසල් දරුවන්ගේ ලිපි ද්‍රව්‍ය වියදම් පිළිබඳ පරිපූරක ඇස්තමේන්තු විවාදයේදීය.
නලින්ද ජයතිස්ස මෙසේද පැවසීය.
දරිද්‍රතාවයට පිළියමක් ලෙස අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආගමික වත් පිළිවෙත් සඳහා, ජාතිය වෙනුවෙන් සේවය කළ අය සඳහා තමයි ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි එම අරමුදලේ අරමුණ. නමුත් ඒ අරමුදලේ අරමුණෙන් බැහැරව වෙනත් වෙනත් පුද්ගලයන්ට මුදල් දීලා තියෙනවා.
2005 2024 කාල සීමාවේදී ජනාධිපති අරමුදලින් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් සම්බන්ධ තොරතුරු මගේ ළඟ තියෙනවා. ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත් කට්ටිය මෙන්න. පී හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන. පී දයාරත්න එස් සී මුතු කුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස් බී නාවින්න යන හිටපු මන්ත්‍රීවරුන් මෙසේ ජනාධිපති අර මුදලින් මුදල් අරගෙන තියෙනවා. තවත් නම් ටිකක් තියෙනවා හොයාගන්න ටිකක් අමාරුයි. එක්කෙනෙක් ජේ.පී.ඩී.කේ ජයසේකර. එතන තියෙන්නේ කුරුණෑගල හිටපු මන්ත්‍රී කියල කුරුණෑගලින් ආපු ජේ.පී.ඩී.කේ ජයසේකර. කවුද. අපි දන්න එක ජයසේකර කෙනයි ඉන්නේ. කවුද ඒ ( සෙසු මන්ත්‍රීවරු දයාසිරි ජයසේකර යනුවෙන් හඬ නගති)
කළුතර දිස්ත්‍රික්කයේ එච්පී.එන් ඩී සිල්වා මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුණේ නෑ. හැබැයි පියල් නිශාන්ත ද සිල්වා නම් තිබ්බා. එයා තමයි මේ. එස් ඒ ඩී ප්‍රේමජාන්ත ගෙදර ලිපිනය නුගේගොඩ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී. සුසිල් ප්‍රේම ජයන්ත ඔව්. මේ නම ටිකක් හොයාගන්න අමාරු වුණා . ඊ ඊ අයි ඩී ඩී පෙරේරා බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා, එස් ඒ ජගත් කුමාර ලක්ෂ දහයයි. කේ.පී.එස් කුමාරසිරි නම ලක්ෂ පනස්තුන්දහසයි . ජයලත් ජයවර්ධන ලක්ෂ දහයයි, නාමල් ගුණවර්ධන ලක්ෂ දහයයි, ධර්මදාස බණ්ඩා ලක්ෂ දහයයි, විදුර වික්‍රමනායක ලක්ෂ පහළවයි, විමල වීර දිසානායක ලක්ෂ තිහයි, ලකී ජයවර්ධන ලක්ෂ දාසයයි, පී චන්ද්‍රසේකරන් ලක්ෂ දාහතරයි, ජෝන් අමරතුංග ලක්ෂ 40යි, ජෝසප් මයිකල් පෙරේරා ලක්ෂ 27 යි, ටී.බී ඒකනායක ලක්ෂ 48යි, ඩබ්. එම් එස් ෆොන්සේකා ලක්ෂ පනස් පහයි, මේ සරත් ෆොන්සේකා නොවෙයි. ජයන්ත වීරසිංහ ලක්ෂ අනූවයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නීති උපදේශක. ඇලෙක් අලු විහාරේ ලක්ෂ විසි දෙකයි, රංජිත් අලු විහාරයේ ලක්ෂ අටයි, අළු විහාරයේ පරම්පරාවම බෙහෙත් අරගෙන තියෙන්නේ ජනාධිපති අරමුදලින්, රාජිත සේනාරත්න කෝටියයි, කෙහෙළිය රඹුක්කුවැල්ල ලක්ෂ එකසිය දහයයි, එම්.කේ.ඒ.ඩීඑස් ගුණවර්ධන ලක්ෂ එකසිය දොළහයි, රංජිත් සොයිසා ලක්ෂ 188යි, දිමු ජයරත්න කෝටි තුනයි, මේ ජනාධිපති අරමුදල මුදල්.
අපේ ගමේ මිනිස්සු ලක්ෂ තුන හතරක් ගන්න කොච්චර මහන්සි වෙනවද. මේවා ලියල තියෙන්නෙ දුප්පත්කම නැති කරන්නද. ඥානය වර්ධනය කරන්නද. මෙහෙම තමයි ජනාධිපති අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ මේ මණ්ඩලයේ සභාපති ජනාධිපති. මේවා මේ රටේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ ජනතාව දන්නෙත් නැහැ. දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න තිබුණු මුදල් මේ.
අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් ( 2022 සිට 2024 සැප්තැම්බර් දක්වා ) එක්කෝටි 21ක් ලක්ෂයක්. අග්‍රාමාත්‍යවරිය ගිලන් රථ භාර දීලා අඩු කරලා තියෙන්නේ මේ වියදම් තමයි. ජනතාවගේ බදු මුදල් තමුන්නාන්සේලා වියදම් කරපු හැටි තමයි මේ. කවුද මේවා පාවිච්චි කලේ දිනේෂ් ගුණවර්ධන, මේවා නතර කරන්න තමයි ජනතාව අපිට බලය දුන්නේ, රටේ සමහර භාණ්ඩවල හිඟයක් තියෙනවා,
ඔබතුමා ලන්ඩන් විශ්ව විද්‍යාලයකට ගියා කියනවා ( සජිත් ප්‍රේමදාස දෙස බලා) ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන්. අශෝක රන්වල ඉවත් වුණේ මේ මොහොතේ උපාධි සහතිකය ඉදිරිපත් කරන්න බැරි වුණ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්නේ යම් කාලයක් ගන්නවා. විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා. හර්ෂ ද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑනෙ. නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවනේ. ඔබතුමා මේක ඉදිරිපත් කරානම් හරි.
(lankadeepa)
මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
T
The Leader
December 17, 2024 • 10:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී
- මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක මුදලක් දී තිබූ බවත් අමාත්‍යවරයා කීවේය.
- මේ අතර අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය වෙනුවෙන් 2022- 2024 කාල සීමාවේදී රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි පැවසූ ජයතිස්ස අමාත්‍යවරයා, වර්තමාන අග්‍රාමාත්‍යවරිය බලයට පත්වීමෙන් පසු ගිලන් රථ භාරදී එම වියදම් කපා හැරිය බවද ප්‍රකාශ කළේය.
- දරිද්‍රතාවයට පිළියමක් ලෙස අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආගමික වත් පිළිවෙත් සඳහා, ජාතිය වෙනුවෙන් සේවය කළ අය සඳහා තමයි ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කරන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


