BREAKING
Top Ad
පුවත්

යාපනය පුස්තකාලය ගිනිතබා අවුරුදු 39 යි: ගිනිබත් කළ අය නිදැල්ලේ!

T

The Leader

June 1, 2020 • 9:40 PM

යාපනය පුස්තකාලය ගිනිතබා අවුරුදු 39 යි: ගිනිබත් කළ අය නිදැල්ලේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාකරයේ විශිෂ්ඨතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් තිස්නම අවුරුද්දක්
  • අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.
  • දෙමළ දේශපාලකයන් සහ ක්‍රියාධාරීන් පිරිසක් විසින් පුස්තකාලය අබියස එළිමහන් අනුස්මරණය පවත්වන ලද්දේ විසිවැනි සියවසේ දෙමළ සංස්කෘතික වර්ග සංහාරයේ 39 වැනි සංවත්සරය නමිනි.
  • ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ.

අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කේ.එම් චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ  ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

දෙමළ දේශපාලකයන් සහ ක්‍රියාධාරීන් පිරිසක් විසින් පුස්තකාලය අබියස එළිමහන් අනුස්මරණය පවත්වන ලද්දේ විසිවැනි සියවසේ දෙමළ සංස්කෘතික වර්ග සංහාරයේ 39 වැනි සංවත්සරය නමිනි.

 

සිරිල් සහ ගාමිණී :

1981 jaffnaදෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ සජිත් ප්‍රේමදාසගේ පියායි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික  වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු  අවස්ථාවේ  එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

 ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...