BREAKING
Top Ad
පුවත්

කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් මාස හයට සිරුරු 39 යි

T

The Leader

November 28, 2023 • 10:11 PM

 කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් මාස හයට සිරුරු 39 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සය මසකට ඉහත දී අහඹු ලෙස වන්නියෙන් මතුවූ සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ අටවැනි දිනයේදී ද මානව ඇටසැකිලි
  • මේ වනවිට දිගින් අඩි 14ක්ද පළලින් අඩි හතරක්ද වන ප්‍රදේශයක කැනීම් කටයුතු කෙරෙමින් පවතින බව කී නීතිඥ නිරංජන්, ඊට එපිටින් ඇති මහාමාර්ගය යටද සිරුරු ඇති බවට සැක පල කළේය.
  • කොළඹ සිට පැමිණි පුද්ගලික ආයතනයක හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ස්කෑනර් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් පරීක්ෂා කිරීම් කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිපල තවමත් ප්‍රකාශයට පත් කර නැත.
  • නීතිඥයා විශ්වාසය පළ කලේ එහි ප්‍රතිපල හා කැනීම් කටයුතු වල ඉදිරිය සම්බන්ධයෙන් හෙට දිනයේදී අධිකරණයේ සාකච්ඡාවක් සිදු විය හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩ ගෙන තිබේ.

නොවැම්බර් 28 වැනි දා සිරුරු ගොඩගැනීමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි නීතිඥ වී එස් නිරංජන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ මේ දක්වා කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 39 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන ඇති බවයි.

මේ වනවිට දිගින් අඩි 14ක්ද පළලින් අඩි හතරක්ද වන ප්‍රදේශයක කැනීම් කටයුතු කෙරෙමින් පවතින බව කී නීතිඥ නිරංජන්, ඊට එපිටින් ඇති මහාමාර්ගය යටද සිරුරු ඇති බවට සැක පල කළේය.

කොක්කුතොඩුවායි සමුහ සුසානයේ ප්‍රමාණය තිරණය කිරීම සදහා රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුලදී සිදු කර තිබුනි.

කොළඹ සිට පැමිණි පුද්ගලික ආයතනයක හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ස්කෑනර් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් පරීක්ෂා කිරීම් කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිපල තවමත් ප්‍රකාශයට පත් කර නැත. නීතිඥයා විශ්වාසය පළ කලේ එහි ප්‍රතිපල හා කැනීම් කටයුතු වල ඉදිරිය සම්බන්ධයෙන් හෙට දිනයේදී අධිකරණයේ සාකච්ඡාවක් සිදු විය හැකි බවයි.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

Kokkuthoduvai 12023.11.29

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...